
(සුමිත් පොතුපිටිය සහ බිමල් ජයසිංහ)
එකට මත්පැන් පානය කර බඩට පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රදීප් කුසුම්සිරි නමැති 29 විවාහකයකු බව පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කීය.
වව්නියාව සහ දංකොටුව ප්‍රදේශවල පදිංචි පස් දෙනෙකු ගෝනදුව කවටයාගොඩ ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක නව නිවසක ඉදිකිරීම් සිදුකරමින් සිට ඇති අතර, ඊයේ රාත්‍රි පස් දෙනා එකට මත්පැන් පානය කර ඇති බව පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd