දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.
ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2015 ජනවාරි මස 10 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත් පවතී.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
කන්කසන්තුරේ සිට පුත්තලම සහ මන්නාරම හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැ. කි. මී. 50-55 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ සෞභාග්‍ය උදා වී ඇත (නදී)