බර ඉසිලීමේ උපකරණ හෝ කාය වර්ධන උපකරණ නැතිව පුහුණු වී, අනුන්ගෙන් ඉල්ලාගත් පාවහන් දෙකක් පැළඳගෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ හබරණ ඉසුරු පාසලේ ශ්‍රීමාල් සමරකෝන්(14) ශිෂ්‍යාව අවුරුදු 17න් පමළ කිලෝ 48 බර පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගත්තාය.
ඇගේ ක්‍රීඩා ගුරුවරයා වන නදීක බණ්ඩාර මහතාගේ කැපවීම නිසා ඇයට මෙම ජයග්‍රහණය ලැබුණු බව විදුහල්පති ගාමිණී ඒකනායක මහතා පවසයි.
උප කරණ හා අවශ්‍ය පෝෂණය තිබුණානම් ඇය ශ්‍රී ලංකා වාර්තාවක් ද තබනු ඇතැයි ඇය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ කෝ මේකට මොකද කියන්නේ? (අ)
මෙතෙක් කල් තිබුණු ඒවට මොකක්ද වුණේ? (නි)
දුවේ නුඹ අපිට සම්පතකි.(නදී)
රූපයේ ඇති උපකරණ බර ඉසිලීමේ උපකරණ නෙමෙයිද? මහා ඇමති රන්ජිත් සමරකෝන් මහතාගේ සහ ජනාධිපති ආර්යාවගේ අවධානය යොමු විය යුතුයි. ජනාධිපති ආර්යාව මෙවැනි දක්ෂ දැරියන්ට උදවු කරනවා මීට පෙර කීප වතාවක්ම අපි දැකලා තියෙනවා. (නි)
ඕකට තමයි කියන්නේ "ආසියාවේ ආශ්චර්යය" කියලා. (නි)
මේ දැරියගේ මව දෙස බලන්න. ඇගේ අත ඉතා ශක්තිමත් පිරිමි අතක් වගේ බව, නිකට යට මේධය තැන්පත් වී නැති බව පෙනේ.ඇගේ කාලයේ අවස්ථාවක් ලැබුණානම් ඇය ද දක්ෂ ක්‍රීඩිකාවක් වෙන්නත් තිබුණා. දිනපතා ජිම් යන කාන්තාවන්ට මෙවැනි සවිමත් පෙනුමැති සිරුරක් නොලැබෙන්නේ ඇයි? දැරියගේ දස්කම් ආරෙන් එන දෙයක් විය හැකියි. (අ)
මට ගුරුතුමන්ගෙත් පාසලේත් දුරකතන අංක දෙන්න පුළුවන් නම් මට පුළුවන් උදවු කරන්න (නි)
අපේ රට ක්‍රීඩා අතින් ගොඩක් පහල තැනක ඉන්නේ. ලෝකය ඉදිරියට ගිහින් ජයග්‍රහන ලබාගන්න පුළුවන් දරුවෝ රට තුල කොපමණ හිටියත් ඔවුන්ට ඉදිරියට යන්න පහසුකම් නැහැ. අපේ ආශ්චර්යමත් දේශයට පැවරී ඇති වගකීම් සම්භාරය , මැති ඇමතිලගේ පහසුකම් සුඛෝපභෝගී ජීවිත, ටැක්ස් ප්‍රී වාහන මෙකි නොකී දේ සමග අසරණ දරුවන්ට හා අපේ ජනතාවට ස්වභාව ධර්මයේ පිහිටයි. (නි)
මේ නංගිට අපි කවුරුත් උදව් කරමු.අනාගතයේ ඔලිම්පික් පදක්කමක් අපට ගෙනෙන්න ලැබේවා! ඔබට බුදු සරණයි. (නි)