
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ.
ඩී. වී. චානක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වූ එකම මන්ත්‍රීවරයා වේ.
එම පක්ෂය ජාතික කැඳවුම්කරු ලෙස කටයුතුු කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා මහතා නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාරව පත් කළ බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත් කරත් වැඩක් නැහැ. “පොදු පෙරමුණ” කියන පක්ෂය, මලගමට ගිහිල්ලා ඉවරයි.
ජාතික කැඳවුම්කරු…? දැන් කැඳවන්න කවුද ඉතිරිවෙලා ඉන්නේ..? පුළුවන් නම් කපුටාව කැඳවලා දෙන්නකෝ... මේ නඩු ටික ඉක්මණට ඉවරයක් කරන්න…
දූෂිත පවුල් පාලනේ අයගේ ළඟම නෑයෙක්?
බස් එලවන හාදයන්ට අපල කාලයක් එයි වගේ...
හිසේ ඇම්මට කොට්ටේ මාරුකරා වගේ වැඩක් මයිනා කරලා, "දැන් ඔබට ෂැපද" කියලාත් අහනවා ! ඔය පොහොට්ටුව දැන් මැලවී, කුණුවී ඉවරයි..!
රාජපක්ෂ වළන් හෝදන අය නේද මේ... මයිනන් කොහොමත් වෙනත් ගස්වල තියෙන බෙනවලට රිංගන එක සිරිතක්. ප්‍රධාන පක්ෂයක් වගේමයි.
ගව පට්ටියට අලුතෙන් ගවයෙක් පත්කරලා.. බේරෙ ඇලේ නාන්න..
හොර පෙරකදෝරුවාට යන්ඩ වෙයි කියලා බය වෙලා...?
හොර පෙරැක්කය ළඟින් ඉන්න සහචරයින්...