පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි කියමින් ලංකා ගුරුසංගමය ඇතුළු ගරු සංගම් හයක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2010, 2011 සහ 2012 වසරවල ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතයට සමාන්තරව මෙවර ද සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසත්, ජනප්‍රිය පාසල්වල 1-5 ශ්‍රේණිවලට වැඩිපුර සිසුන් ඇතුළත් කර ගත් ආකාරය ගැන සොයා බලන ලෙසත් ගුරුසංගම් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ සිට හෝ ජනප්ප්‍රිය පාසල් වල ප්‍රථමික අංශය වසරින් වසර අහෝසි කල යුතුයි. මේ පාසල් කාගෙවත් බුදල් නොවිය යුතුයි..ආදී ශිෂ්‍ය මාපියාවට බිය නොවී මේ පාසල් ජාතියේ පොදු වස්තුන් බවට පත් කොට දක්ෂ ඕනෑම සිසුවෙකුට තමන්ගේ අබිලාශය පරිදි මෙම පාසලකට ඇතුළු වීමට ඉඩ ප්‍රස්තා සැලසිය යුතුයි.ගම්බද පාසලකින් අධායාපනය ලබල ශිෂ්‍යත්වය සමත් වෙලා කොලබ ප්‍රදානතම බෞද්ධ පාසලක අධ්‍යාපනය ලද අයෙක් හැටියට මම ලබපු එම වරප්‍රසාදය ගම්බද අනෙක් ළමයින්ටත් හිමිවිය යුතුයි කියන මතයේ මමත් දැඩිව සිටිනවා....(අ)
ගම්බද පාසලකින් අධායාපනය ලබල ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ප්‍රදානතම බෞද්ධ පාසලක අධ්‍යාපනය ලද අයෙක් හැටියට මම ලබපු එම වරප්‍රසාදය ගම්බද අනෙක් ළමයින්ටත් හිමිවිය යුතුයි කියන මතයේ මමත් දැඩිව සිටිනවා".......
ගමේ දක්ෂ ළමයි ඉගෙන ගන්නෙක නවත්තන්න කරපු වැඩක් දේශපලුවන්ගේ දරුවන්ට ඉඩනැති වෙනවනේ ගමේ දක්ෂ අයට තැන දුන්නම . එකට කරපු කරපු වැඩක් ඔය. (අ)
අහෝ කන්නන්ගර දෙවියනි ඔබ ලබා දුන් නිදහස් අධ්‍යාපනය වලදමන්න දත කන අයට කළ හැකි දෙයක් නැද්ද දිව්‍ය ලොකයේ සිටින ඔබ මේ දේ දකින්නේ කවදාද (අ)
හිස් මොළ තියෙන අය සිටින තාක් ලංකාවේ අධ්‍යාපනයට දෙවි පිහිටයි සුදුසුකම් වලට අනුව අඩු අදායම් ලබන දුප්පතුන්ට තියෙන එකම මාර්ගයත් අහුරා දමන මේවා යොජනා කරන අයගේ මොලේ පරීක්ෂාකරන්න (අ) .
දැන් ඉතින් එක වසරට ලක්ෂ 5ක් 6ක් දීලාවත් ටිකක් හොද ඉස්කූලෙකට දාගන්නවා (අ)
මේක ළමයින්ගෙ පැත්තෙන් බැලුවම නම් පේන්නේ හොද වැඩක් කියලා.මේක පාස් කරා කියලා ලැබෙන දේට වඩා ළමයි වෙහෙස කරනවා.(අ)
බොහෝ දක්ෂතා ඇති එහෙත් අවස්ථව නොමැති දරුවන්ට මේ ශිෂ්‍යත්ව විභාගය අගනා අවස්ථාවක්. එහෙත් තමාට ලඟා කර ගත නොහැකි වු බල හා මුදල් තණ්හාවෙන් පිරි ආත්මාර්ථකාමි ලෝවකට තම දරුවා කෙසේ හෝ තල්ලු කිරිමේ අදහසින් ඔවුන් පීඩාවට පත් කරන දෙමාපියන්ගේ ක්‍රියාවන් අඩපණ කිරිමට ද පිලියමක් අවශ්‍යබවත් පැහැදිලියි. (ස)
ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ හිස අතගාලා.ගමේ සිසුන් නගරෙට එන මඟ අහුරාලා. නිදහස් අධ්‍යාපනයට මොකද මේ කරන්න හදන්නේ. (ස)
ඉතාම අඩු පහසුකම් ඇති පවුලක ඉපදුන මම හොඳ පාසලකට,ගොස් විශ්වවිද්‍යල වරම් හිමිකරගෙන අද විධායක රැකියාවක ඉන්නේ එදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයට පින් සිද්ධ වෙන්න. දෙසපලකයින්ගේ උවමනාවට නුගත්, දෙසපලුවන්ට කඩේ අය බිහිකරගැනීමේ වැඩපිළිවලක අධියරක් තමයි මේ. (අ)
දක්ෂයන්ගේ අවස්ථා නැති කිරීම ඉතාමත් නරක වැඩකි. සමාජය පිරිහීමට කරුණකි. (ස)
සහජ හැකියාවන් ඇති දරුවන්ගේ අවස්ථාවත් උදුරා ගත්තා (අ)
ගමේ ළමයෙක් නගරේ හොද ඉස්කෝලයකට එන එක වලක්වන්න කලෙක ඉදල දඟලපු එකේ ප්‍රතිපලයක් තමය් මේක. (අ)
ඉගෙනගන්න දරුවෙකුට ඉහලට යන්න තියෙන අවස්ථාව ඇහිරුවා නේද? දෙමව්පියෝ දැනුවත් කරලා දරුවන්ට විභාගය කරන්නදෙන්න ලංකාවේ බුද්දිමතුන් බිහිකරන කඩයිම නතරකරලා හරියනවද? (අ)
මෙය ජාතික අපරාදයක් දක්ෂ දරුවන්ට ඉදිරයට එන්න තිබුන තැන නැති කරනවා. පහට විතරක් නොවෙයි අටටත් ශිෂ්‍යත්ව තියන්න ඕන කාලේ .(අ)