පහේ ශිෂ්‍යත්වයේ වෙනස්කම් ඇති කළ යුතු සංශෝධන ගැන අදහස් විමසීමට අධ්‍යාපන විශේෂඥයන් තිස් දෙනකු කැඳවීමට මානව හිමිකම් කොමිසම සැරසෙයි.
නොවැම්බර 21 වැනිදට නියමිත එම රැස්වීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විශාරදයන් එතියි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි.
පහේ ශිෂ්‍යත්වයේ වෙනස්කම් ඇති කළ යුතු සංශෝධන ගැන අදහස් විමසීමට අධ්‍යාපන විශේෂඥයන් තිස් දෙනකු කැඳවීමට මානව හිමිකම් කොමිසම සැරසෙයි.
නොවැම්බර 21 වැනිදට නියමිත එම රැස්වීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විශාරදයන් එතියි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ, එස්බී ගෙනුයි , බන්දුල ගෙනුයි ඇහැව්වනම් ඉවර නේ. පණ්ඩිතයෝ මොනවද දන්නේ.එහෙමත් අම්මරුනම් අර ආචාර්ය සිල්වා ගෙන් දැනමුතුකම් ගන්න.(අ)
දන්නා කියන කාලේ ඉදල තියපු විභාගය එක පාරටම වදයක් වුනේ මොකද. විභාගයේ වැරැද්ද නොවෙයි මෙතන තියෙන්නේ. විභාගය වෙනුවෙන් වෙන සුදානම ප්‍රචාරය සහ කලබලය. මේකට දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ (පෞද්ගලික පන්ති) ක්‍රියා කලාපය හුඟක් බලපානවා. (ස)
අයියෝ! ඕකට ඔය ප්‍රාර්ථනා නෝනලාගේ විසදුම් හරියන්නේ නැහැ. රා කට්ටක් ගහලා ඉන්න වෙලාවේ දෙන්නම් හොද විසදුමක්.අපි ඔය විබාගය තියමු අම්මලාට.අම්මලා පාඩම් කරලා විභාගය ලියන්න ඕනෑ.අම්මලා ගන්න ලකුණු මත තමයි පොඩි එකාගේ ඉස්කෝලේ තීරණය වෙන්න ඕනෑ.පොඩි එව්වෝ මැර වෙන්නෙත් නැහැ..ළමා දිනේදී ගුටිකන්නෙත් නැහැ.බන්දුල ඇමතිතුමා බැනුම් අහන්නෙත් නැහැ.ප්‍රශ්නේ ඉවරය්.. (නි)
පහේ ශිෂ්‍යත්වයට පණ්ඩිතයන්ගෙන් උපදෙස් ගත්තොත් අති පණ්ඩිත ගුරුවරු ටිකක් පත් කරන්න වෙනවා ඒ ළමයින්ට උගන්වන්න.මොකද ඒ අයගේ බාසාව කුඩා ළමුන්ගේ මොලය විකල් වෙන නිසා. (අ)
ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න පණ්ඩිතයන්ගේ වැඩ නිසා තමයි පොඩි දරුවන්ට අනවශ්‍ය බර පැටවිල තියෙන්නේ. මේ ගැන හොඳට හොයල බලන්න. දරුවන්ගේ මනසට අනවශ්‍ය පීඩනයක් දෙන බව නොකියා මේ අය සාධාරනී කරණය කරන්න කියන්නේ ලෝකය දියුණු වෙන හැටියට අපේ අධ්‍යාපනයත් නවීකරණය කරනවා කියලයි. (අ)
තරගේ තියෙන්නේ කොළඹ ස්කෝල වලට නේ .ඒක නිසා උදේ එක කණ්ඩායමක් හවසට තව කණ්ඩායමක් ඉස්කෝලෙට ගන්නවා. එතකොට ප්‍රින්සිපල්ලගේ ආඩම්බර බලන්න ඕන වෙන්නේ නැහැ.හරිම සිම්පල් ප්‍රශ්නයක් නේ... (ස)
පහේ ශිෂ්‍යත්වයක් ඕනේ නැහැ. අවුරුද්ද පුරාම වාර විභාග වලින් ගත් ලකුණු වල සාමාන්‍යය අරගෙන ළමයාගේ බුද්ධි මට්ටම මනින්න. හතේ පන්තිය හොඳයි. (නදී)
හරි හරි එතකොට කොළඹ ලොකු ඉස්කෝල ඔක්කොටම සල්ලි තියෙනවා නම් ළමයව දාගන්න පුළුවන් නේ. (ස)
දුප්පත් දරුවන්ට වළ කැපෙයිද? (නි)
ළමයෙක් උපන්දා ඉඳන් ශිෂ්‍යත්වය ලියන දිනය දක්වා එකම පිස්සු අරගලයක නිරත කරවන, අම්මලාගේ මොළය විකල් කරවන, තාත්තලා එක එකා පස්සේ දුවන්න සළස්වන පහේ ශිෂ්‍යත්ව නමැති කඩඉම් විභාගය වෙනුවට දෙවියන්ගේ නාමයෙන් ඒ සියලු දුර්වලතා නැති ඇගයුම් ක්‍රමයක් හදන්න. දක්ෂ දරුවෙක් එකපාරටම දක්ෂයෙක් වෙනවා නෙමෙයි නේ. ඒක දරුවාගේ කාර්ය සාධනයෙන් දිගටම පෙනෙන දෙයක්. ඒ නිසා ඒක කඩ ඉමකින් අවුරුදු ගණනක් තිස්සේ ඉගෙනගත් දේ මනින්නේ නැතුව, සමහරවිට 3,4,5 වසරවල කාර්ය සාධනය මැනීම වැනි ක්‍රමයක් හරි යයි. බලමු, විශේෂඥයෝ මොනවිදිහේ උපදෙස් දෙයිද කියලා. (නි)
ඔය මොකවත් ඕන නැහැ ? හැම පාසලකටම උසස් තත්වයෙන් එක විදියට සලකුවා නම් හැම පහසුකමක්ම දුන්නනම් සෑම පාසලක්ම හොඳ පාසල් . දරුවොත් දෙයියනේ කියල උන්ගේ ළමා කාලේ ගත කරයි අපුරුවට. (ස)
රටේ නාස්ති කරන මුදල් වලින් අඩක් අරගෙන ලබාදෙන ශිෂත්ව ප්‍රමාණය හා පාසල් ප්‍රමාණය වැඩි කරන්න. කොළඹ සුපිරි පාසල් වලට තිබෙන පහසුකම් ප්‍රාදේශීය නගර පාසල් වලටත් ඇති කරන්න.එවිට විසදේවි. හිසේ අමාරුවට කොට්ටය මාරු කරලා හරියන්නේ නැහැ. (ස)
5 විභාගේ විතරක් නෙවෙ. මුළු අධ්‍යාපන ක්‍රමයම අපේ රටේ වෙනස් වෙන්න ඕන. අනිත් රටවල සාමාන්‍ය පෙළ කරල ගණන් නැත්තම් ගෙදර නවතින්න වෙන්නෑ.දක්ෂ විෂයන් වලින් ළමයින්ට තව දුරට ඉගෙන ගෙන උපාධි පවා ගන්නවා.සාමාන්‍ය පෙල, උසස් පෙල කරලා කර කියාගන්න දෙයක් නැතුව අපේ දරුවො කොච්චර අතරමං වෙලාද දැන්.(ස)
කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ගමේ පාසල් වලට ගුරුවරු දීලා පහසුකම් වැඩිකරලා හොදට අධීක්ෂණය කරන්න ගුරුවරු හරියට වැඩ ටික කරනවාද කියලා. විභාගය අවලංගු කරල දාන්න. (නි)
මාර වැඩේ නේ (අ)