පස්සර වෙළෙඳසළකදී රස කැවිලි ලෙස විකුණමින් සිටි මත්කුඩු වර්ගය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාවක් වහා කැඳවන්නැයි පස්සර සංචාරක මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය පස්සර පොලිසියට නියෝග කළාය.
නිෂ්පාදිත සමාගමක්, දිනයක්, ඛාණ්ඩ අංකයක් නොමැතිව ටොපියක ස්වභාවයෙන් අලෙවි කළ මෙම මත්කුඩු පාසල් සිසුන් මිලට ගෙන ඇති බවත්, ඔවුන් එයින් මත්වී සිටින බවට විදුහල්පති පැමිණිලි කළ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ රජයේ මැදිහත් වීමක් ද ඇතිව ඉතාමත් සාර්ථක වී ඇති ව්‍යාපාරය "තිතට මත". ඕකට "මතට තිත" කියා නම තියන්න යෝජනා කරලා තියෙන්නෙත් කුඩු රජාල. (නදී)
අපේ ලංකාවේ නව නිර්මාණ මේවා. එහෙත් මෙම නිර්මාණ අපේම අයහපතට සිදුකරන නිර්මාණ නිසා මේවා වැළැක්විය යුතුයි. දඬුවම් දිය යුතුයි (නි)
ඒකනේ කියන්නේ, කිසි වැඩක් හරියට කරන්න දන්නේ නැහැ. මීට පස්සෙවත් සමාගමේ නම, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය එහෙම යොදල වෙළඳ පලට බඩු දාන්න මතක තියාගන්නව. පාරිභෝගික පනතවත් හරියට දන් නැද්ද? (නදී)
අනුමානයක් නැහැ, අර ගොල්ලෝ තමයි. හොදට හොයලා බලන්න. මේ වගේ අහුවුණාම මේ දේපල රාජසන්තක කරන්න නීති ගෙනෙන්න ඕනෑ (නි)
අනේ ඉතින් පස්සර ඉන්න අන්තිම සිංහල කොල්ලෝ ටිකත් ඉවරයක් කරලම දාන්න අටවපු උගුලක් නේද ?(නදී)
මධූ, ජයා ඔබලා හරි..(දිල්)