(සමන් පාලිත නානායක්කාර )

පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන්   වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පස්සර  පොලිසිය කියයි. 

පැවති අධික වර්ෂාව සමග මෙම විශාල ගල්  පර්වතය මාර්ගයට පෙරළී  තිබේ. 

 මෙම ගල කඩා  කඩිනමින් ඉවත් කිරීමට අදාළ අංශ දැනුවත් කළ බවද පස්සර  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඊ.  එම්. පියරත්න   මහතා පැවසීය.