මානසික රෝගීන් සඳහා දෙනු ලබන බෙහෙත් පෙති හයදහසක් සහ මුස්ලිම් ළමුන් සුන්නත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ දහසක් නීති විරෝධී ලෙස රැගෙන පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ශ‍්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී ඇති බවත් රේගුව කියයි. ඔහුට නේවාසික වීසා ඇති බවත් නිතර නිතර පාකිස්ථානයට යන එන බවත් රේගුව අනාවරණය කරගෙන ඇත.
පාසැල් දරුවන් මත් ගතිය ඇති කරගැනීමට මෙම බෙහෙත් පෙති වර්ගය පාවිච්චියට ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් මේවා එලෙස බෙදා හැරීමට ගෙන එන්නට ඇතැයි රේගුව සැකකරයි.
සැකකරු මින් පෙරද මෙම බෙහෙත් පෙති වර්ගයම නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකි.
සැකකරු අද උදෑසන ඕමාන් ගුවන්සේවයට අයත් ඩබ්ලිව්.අයි 371 දරණ ගුවන්යානයෙන් කරච්චි, මස්කට් හරහා මෙරටට පැමිණ ඇත. මින්පෙරද මොහු මෙවැනි ක‍්‍රියාවක යෙදී ඇති බැව් හදුනා ගෙන තිබූ සහකාර රේගු අධිකාරීවරුන් වන ප‍්‍රබුද්ධ පෙරේරා සහ උදේශ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මලූ පරික්ෂා කිරීමේදී මෙම පෙති තොගය සොයාගෙන ඇත.
පිටතින් විසිතුරු කඩදාසි ඔතා මෙම බෙහෙත් පෙති තෑගි පාර්සලයක් ලෙසින් රැගෙන ඒමට සැකකරු උත්සහ කර තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් දි සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු මත් ද්‍රව්‍ය නිවාරණ අංශයේ සහකාර රේගු අධිකාරීවරුන් වන ප‍්‍රබුද්ධ පෙරේරා සහ උදේෂ් ජයවර්ධන යන නිලධාරීහු සිදු කරති
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තාන් කාරයෝ මෙහෙ ඇවිත් කසාද බැදලා එයාලගේ ජාතිය බෝකරනවා. මෙයාට දැන් 33 යි. කව අවුරුදු 20 ක්වත් ඇතුලට දාන්න.(නදී)
සුන්නත් කරන්න විශේෂ උපකරණයක් නැහැ. සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක මෙවලම් සෑහෙන්න ප්‍රමාණවත්. බෙහෙත් පෙති ගැන නම් සොයා බැලිය යුතුයි. කෙසේ නමුත් මේ වරද මින් පෙරත් ඔහු කර තිබෙනවා නම් බ්ලැක් ලිස්ට් කල යුතුයි (නි)
මගේ අතීතය නම් හිතනකොටත් බයයි.දන්නවා නම් ඔය පිස්සු බෙහෙත ගන්නවා. (නි)
අපේ රටේ නීතිය මොකද්ද?ඇයි එක සැරයක් අහුවුනානම් බ්ලැක් ලිස්ට් කරේ නැත්තේ?මෝඩ තකතීරු පරිපාලනය. (අ)
තව සැරයක් මෙයාව අල්ලලා සුන්නත් කරලා අර පෙති ටික ඔක්කොම පොවන්න ඕනෑ (නි)
දැන්වත් ජාති වාදී කියලා කියන කට්ටිය කට වහගෙන හිටියොත් හොදයි.(නදී)
සුන්නට් කරන උපකරණ ගෙනල්ල තියෙන්නේ සිංහල ළමයින්ව සුන්නත් කරන්නද දන්නේ නැහැ. කෝ ඔය අර සේනා,මේ සේනා ? (නි)
මෙන්න පේනවනේ අර අයගේ වැඩ කොහොමද කියලා. අපේ රේගු නිලධාරීන් සෝදිසියෙන් සිටිය යුතුයි.(අ)
ඕව සාමාන්‍ය දේවල් සමහරුන්ට. අපහාස එපා.(නදී)
රේගු නිලධාරී ගේ සොයාගැනීම් හොඳයි. පල් හොරුන්ට එවෙලේම දඬුවම් දෙන්න ඕනේ.(අ)
අමිල , හිතාගන්න මේකත් බල සේනාවේ ඔත්තුවක් කියලා. හරිනේ දැන් සනීපද? මේ රටට දැන් බල සේනා දහසක් වුවමනා කාලයක් මේක. ඒ තරම්ම මේ රටේ බෞද්ධකම නැති කරන්න පැය විසිහතරේම කුමන්ත්‍රණ. (නි)
මේ පිස්සු පෙති මෙයාමෙ පොවලා ආපසු ඒ රටටම යවන්න ඕනා.(නදී)
චතුරංග, හුසේන්ලා, රිසාඩ්ලා විතරක් නෙමෙයි, ඇත්ත තේරුම් ගෙන අපේ රටට ආදරය කරන තව හුගක් මුස්ලිම්වරු ඉන්නවා. කවුරු කවුරුත් අදහස් පළකරද්දී ඒවා තේරුම් අරගත යුතුයි.අනෙක එයාලගේ සිත් රිදෙන විදිහට අදහස් පලකලහම හොද මිනිහත් නරක් වෙනවා. බලලෝභී දේශපාලුවෝ තමයි ඔය කවුරුත් අවුස්සලා තියන්නේ (නි)
මේක තනියම මෙයාට කරන්න බැහැ. ලංකාවී කවුරු හරි කට්ටියක් ඉන්නවා මෙයාට සහයෝගය දෙන්න. එව්වත් හොයලා බලන්න ඕනනේ. නැතිනම් ඔය වැඩෙන් ප්‍රතිපලයක් නැහැ.(නදී)
රටට ගැලපෙන බෙහෙත් ටිකක් ඔන්න ඔහේ නිදහස් කරන්න.(නදී)
මේක තනියම මෙයාට කරන්න බැහැ. ලංකාවේ කවුරු හරි කට්ටියක් ඉන්නවා මෙයාට සහයෝගය දෙන්න. එව්වත් හොයලා බලන්න ඕනනේ. නැතිනම් ඔය වැඩෙන් ප්‍රතිපලයක් නැහැ.(නදී)
බලසේනාවේ වැඩක් වෙන්න බැරිද ?(නදී)
මේ සැකකරු කලිනුත් අහුවෙලා තිබෙනවලු. නියම දඩුවමක් ලැබිල නැති නිසා නැවතත් ඒ වරදම කරලා. වෙන රටක උනානම් හොද දඩුවමකුත් දීලා බ්ලැක් ලිස්ට් කරනවා. අපේ රටේ නිතී පණ මදිද? නැත්නම් යම්කිසි බලවතෙකුට බයේද? හිතාගන්න අපහසුයි.(නදී)
මෙයාව පිටුවහල් කරලා දාන්න බලන්න ආයේ එන්න බැරිවෙන්න. ඊට කලින් අවුරුදු 5 ක්වත් හිරේ දාන්න.(නදී)
දියවන්නාව මැද්දේ ඉන්න අය මේ පෙති බීල ඉන්නේ. අර සුන්නත් උපකරණ ටික නුවර පැත්තේ ඉන්න සර්ව ආගමික දේසපාලකයන්ට යවන්න.(නදී)
ටෙනිසන්ගේ අදහසට මමත් එකගයි. (නි)
ෂුවර් එකටම ඔය බෙහෙත් ගෙන්න ඇත්තේ අපේ ප්‍රාදේශීය සහ පළාත් සභා මන්ත්රිලට පොවන්න වෙන්න ඇති. දැන් එයාලා වැඩ කරන්නේ හරියට පිස්සෝ වගේනේ.(නදී)
අයියෝ 10% කපල මදි 95%ක් ම කපන්න ඕනේ. මේ අයියාගේ ඊට පස්සේ අර පෙති ටික පොවලා දියවන්නාවට දාන්න.(නදී)
පකිස්තාන්කාරයෝ කියන්නේ මොන විදියකින් හරි සල්ලි හොයන්න දඟලන ජාතියක්. ඉතින් ඔය වගේ දේවල් ආයේ නොකරන්න මේ මිනිහම බ්ලැක් ලිස්ට් කරන්න.(නදී)
ඉස්සෙල්ලම සුන්නත් කරලා පස්සේ පිස්සු බෙහෙත් දෙන්න ඕනේ අර 225 දෙනාට.(නදී)
පහන් මඩුගල්ල නියම අදහස් දැක්වීම හරියට හරි මඩුගල්ල.(නදී)
සුන්නත් කරන අයට මේ බෙහෙත් ටික පෙව්වා නම් ප්‍රශ්නේ ඉවරයි.(නදී)
වරක් වැරැද්දක් කලානම්, එරම එයාව අසාදු ලේඛන ගත නොකළේ මන්ද? අපේ රටේ නීති හරියට නැති එකයි ප්‍රශ්නය. අන් රටවල එයාලට නැවත එන්න දෙන්නේ නැහැ.(නදී)
හුසේන් ඔයාගේ කතාව නම් සහතික ඇත්ත. එත් අපේ ලොක්කන්ට ඔය ටික නොතේරෙන එක අපේ කරුමෙද කොහෙද.(නදී)
මම අහන්නේ අපේ රටේ ක්‍රියාත්මක වෙන නීතිය කුමක්ද?(නදී)
මගේ සිංහල නිවැරදි කිරීම ගැන ස්තුතියි. (නි)
සුන්නත් කරන්න පාකිස්තානයෙන් උපකරණ මොන එහෙකටද? ලංකාවේ ඉන්න සමහර දොස්තරවරුන්ට අවශ්‍ය වන්නේ දැලිපිහියක් පමණයි. මම නම් අහල නැහැ ඒකටත් දැන් උපකරණ හදලා බිස්නස් කරනවා කියලා. (නි)
ආගමන විගමන පාලක මොනවද කලේ පලවෙනි පාරම ලංකාවට ඒම වලක්වන්න කටයුතු කලානම් දෙවෙනි පාර එන්නේ නැහැ.(නදී)
මෙතන හුසේන් සහ රිෂාර්ඩ් කියල මුස්ලිම් දෙදෙනෙක් අදහස් දක්වල තියෙනවා. හැබැයි එයාල මුස්ලිම් උනාට එයාලගේ අදහසට මන් එකඟයි.(අ)
පකිස්තානයටත් බෑ නවත්වා ගන්න ආණ්ඩුවට තාමත් බැරිවුණා පවු නෙඅද (අ)
මෙහෙටනම් ඉතින් කොහොමත් ගේන්න පුළුවන් එක පාරයි. මොකද ඊලග පාර ගේන්න අත්දෙකක් ඉතුරු වෙන්නේ නැහැ, නැත්තම් ඔළුවම නැහැ. අපේ රටෙත් මේවට නීති තද වෙන්න ඕනෑ සහ ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ හරියට. (නි)
මට පෙනෙන විධියටනම් මෙය සැහැල්ලුවෙන් සිත විහිලුවට ගත යුතු දෙයක් නොවෙඉ. පාකිස්ථානය කියන්නේ අන්තවාදී කල්ලි සියයකට වැඩිය ඉන්න රටක්. මෙය පිටිපස විශාල අනතුරක සේයාවක් දකින්න පුළුවන්. ඒ නිසා අපේ ආරක්සක අංස මේගැන විසේස පරීක්සනයක් කල යුතුයි කියා මටනම් හිතෙනවා රේගුවේ මහත්වරු දැඩි අවදානයෙන් හිටි එක ගැන හරි සතුටුය්. එය අගයන අතර ඔබලාට අපේ ප්‍රණාමය පුදකරමු. මොහු සිටින්නේ තාවකාලික බල පත්‍රය කින්නම් මෙවන් වැරදි නිසා එය අවලංගු කිරීමට අපේ ආගමන විගමන දෙපාර්ත මේන්තුවට හැකියාවක් නැද්ද? (අ)
කාලයකට පස්සේ යහපත් ප්‍රතිචාරයක් මොලයෙන් ලියපු කෙනෙක් හැටියට මම දකිනවා ටෙනිසන් මහත්මයාව. ඔය වගේ හැමෝම හිතන්න ඕනේ. ඇයි මේ සමහරු කියන්නේ බුද්ධ ධර්මය විනාශ කරන්න අපි කටයුතු කරනවා කියලා? අනේ අපිට අපේ වැඩවල් කරගන්න වෙලාව මදි. හනික ඔය වගේ කුහක හා බොළඳ දේවල් හිතන්න තරම් මුස්ලිම් අපි මෝඩ ද? කාටත් කරදරයක් නැතිව ජීවත් වුනු කොටසක් හැටියට ලංකාවේ මුස්ලිම් වන අපි හැමදාමත් ආඩම්බර වෙනවා. මොනවා කියලා අපිට චෝදනා කරත් අපිටනම් කිසිම ගානක් නැහැ. වැරදි කරන පුද්ගලයින් මනුෂ්‍යයන් හැටියට තමන් කරපු වැරද්දක් ගැන හිතල කවදා හරි දුක් වෙනවා අනිවාර්යයෙන් විය යුතුයි එසේ නැත්නම් ඔහු මිනිසෙක් නොවේ. නමුත් කසිම වැරද්දක් නොකරපු අපිට මොන චෝදනා ආවත් වැල්ලේ හදන මාලිගාවල් වගේ.(නදී)
කලින් අහුවලත් තාමත් එලියේ. පුදුම නීතියක්.(නදී)
අපෝ ඒක පොඩි ප්‍රශ්නයක්නෙ. අපේ කෙනාව එලියට ගන්න පුලුවන්,තව ටික දවසකින් මේ රට අපිට තමයි..... (නි)
හුසේන් රියාද්, හරියටම හරියටම හරි. අපේ මවුබිම විනාශ කරන්නේ මේ අයයි (නි)
බොදු බල සේනාව අල්ලාගෙන හැම මගුලටම කෑගහන කට්ටියට දැන් තේරෙනවද? පුදුමයි හැබැයි හුසේන් කියන කතාව ඇහුවම. ලංකාවයි පකිස්ථානයයි සෙල්ලම් කරන ක්‍රිකට් මැච් වලදී පකිස්තනෙට හුරේ දන්නෙත් හුසේන්ලගේ අයම තමයි.(නදී)
මට එක දෙයක් මතක් වුනා. ඔය පෙති ටික මේ දවස්වල වටිනවා. මොකද ප්‍රාදේශීය දේශපාලකයන්ට වුවමනා නිසා (නි)