කහතුඩුවේ පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නගමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළ බාල වයස්කරුවකු පොලිස් රාජකාරියට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
රියදුරු හා වාහන බලපත්‍ර පමණක් නොව ජාතික හැඳුනුම්පතවත් නැති මොහු පොලිසියට බැන වැදී ඇතැයි ද අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයකුගේ නිල ඇඳුමේ වු ලාංජන කඩා දමා ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල වුනත් විසකුරු සර්පයා මාරාන්තික වේ (බ)
පානදුර වෙරළ තීරයේත් කට්ටියක් ඉන්නවා සති අන්තයට. පොලිසිය මේ ගැන හොයනවා නම් හොඳයි (නි)
දැන්මම මෙහෙම නම් ඉතින්..... (නි)
මෙතරම් වැරදි කරලත් නීතිය රකින පොලීසියට බනින්න තරම් ලොකු හයියක් කොහින් ආවාද දන්නේ නැහැ නේද? (නි)
පොලිිසිය ඇයි ඔච්චර බය? (නි)
දැන්මම තරුණකම ඔළුවට අරගෙන වගෙයි (නි)
බත්තරමුල්ලේ වන ජීවි එක පැත්තෙත් මේ වගේ උන් රොත්තක් ඉන්නවා බයික් අරන් එහා මෙහාට යනවා. පුදුම ශබ්දයක් දාන්නේ. කිසිම මිනිහෙක්ට ඉන්න බෑ පොලිසියේ අවධානයට (ම)
නීතියට පටහැනි වුණාට උපරිම දඬුවම් දීමක් කරන්න ඕන. සමහර විට මෙයා ලොකුවෙද්දී සමාජයට කරදර කාරයෙක් වේවි.(ම)
මේ පුතාගේ තාත්තා කවුද කියලා හොයා ගන්න ටිකක් අපහසු වෙයි වාගේ.(ම)
පොලිසියට අගෞරව කළ මොවුන්ට දඬුවම් දියයුතුයි. එවිටයි අනෙක් අය හැදෙන්නේ (නි)
ඔය දාල තියෙන්නේ පොලිසිය කියන එකනේ..? අනේ අම්මප ඔවුන් කියන්නේ ඇත්තද..? (බ)
නිල ලාංචන කඩන කම් පොලිසිය බලාගෙන හිටිය කියල නම් ට්කක් හිතන්න අමාරුයි නේ.(අ)
සමහර විට කොල්ලට ෆේස්බුක් අකවුන්ට් එකක් ඇති. මොකද පහුගිය දවස් වල වැල්ලම්පිියේ වුණ සිද්ධි කිහිපයක් වීඩියෝ ලෙස පිට කරල තිබ්බා. ඒව බලල පොඩි මොරාල් එකක් ඇවිල්ල ඇති. (අ)
මා......ක සිල්වා ඉන්නේ ඔය පැත්තේ නේද (බ)
මාතරත් මේවගේ කට්ටිය ඉන්නවා. නූපේ හන්දිය පැත්තේ තමයි හැම තිස්සෙම කැරකෙන්නේ (බ)
කොලුවගෙ තාත්තා දේශපාලනයට ගෑවිලා වෙන්න ඇති. (අ)
ඔය බත්තරමුල්ලෙ කතාවනම් ඇත්ත මමත් ඉන්නෙ රජමල්වත්ත පාරේ මුන් නිවාඩු දවසක මනුස්සයෙක්ට ගෙදරක ඉන්න දෙන්නෙ නැහැ (අ)