පූජාපිටිය මැදගොඩ ජනාධිපති ආදාර්ශ ප්‍රාථමික විදුහලේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල ඉදිකිරීමට දේශපාලන බලය පෙන්වමින් දෙදෙනකු බාධා කරතියි දෙමාපියෝ අද (29) උදේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ද්විතීයික පාසල් ඇති කිරීමෙන් පසුව ප්‍රාථමික අංශය සඳහා ගම්මාන 10කට පමණ මෙම පාසල පමණක් තිබෙන බවත් මෙම ගොඩනැගිල්ල ඉදි නොකළහොත් 2014 වසරට පළමු වසරට සිසුන් ඇතුළත් කළ නොහැකි බවත් උද්ඝෝෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දේශපාලන ඇඟිලි ගැසීම් නැවත්වීමට හැකියාව ඇති යුක්තියට ගරුකරන බල ලෝභය නැති රටට ජනතාවට ආදරය කරන කොන්ද කෙලින් තියාගෙන වැඩ කළහැකි නායකයෙක් රටට අවශ්‍යයි.(නදී)
පාසලට දේශපාලනය තියා මන්ත්‍රි කෙනෙකුටවත් ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා, දැන් පාසල් වලට ළමයි දාන්නත් දේශපාලනය, හරියට රැකියා ගන්නවා වගේ, මොන්ටිසෝරියේ සිට දරුවන්ට දේශපාලනය කරන්න වෙලා, මේක අමුතු රටක් මේ තත්වය නැති කල යුතුයි (අ)
මේ සතියකට ඉහතදී රටේ ප්‍රධාන දේශපාලකයෙකුගේ උපන් දිනය සමරන්න ළමයින්ට කේක් ඇතුළු කෑම ගේන්න බලෙන්ම පටවලා. අසනීපෙන් ගෙදර නවතින්න හිටිය ළමයා එදා අමාරුවෙන් පාසල් ගියා. නැතිනම් මේ අද බාලයන් ළමයාගෙන් පලි ගන්නවා. දැන් නම් පුදුම කරදරයක් තියෙන්න මේ දේශපාලුවෝ නිසා. ඒ වගේම ඔවුන්ව සනසන්න වෙර දරන රජයේ දේශපාලන ඇම්ම්බට්ටයෝ නිසා.(නදී)
කලාතුරකින් හැර රජෙකුගෙන් ජනතාවට හිරිහැර වෙන්නේ නැහැ. ඒ වුණත් ශ්‍රී ලංකාද්වීපයේ දේශපාලකයෙක් කියන්නේ එක්තරා විදියක 'ද්වේශපාලුවෙක්'. තමන්ගේ නොදැනුවත්කමයි, විලි බිය නැතිකමයි පෙන්නන්න පුළුවන් හොඳම රැකියාව දේශපාලනය කියලයි මම නම් හිතන්නේ (නි)
දේශපාලනය රිංගලා තිබෙන එක අද ඉපදුනු දරුවන්ට පමණක් නම් අලුත් දෙයක් වේවි.. (නදී)
දේශපාලන බලපෑම් වලින් තොර කිසිම තැනක් නැහැ වාගේ අද කාලයේ. සමහරු දුෂිත දේශපාලකයන්. ඒත් අත ලොස්සක් අවංකයි. (නදී)
මේ සිදුවීම් දිගටම සිදුවන්නේ නිසි බලධාරින් දෑස් පියා සිටීමෙන් ඒවා අනුමත කිරීමක් සිදුවන නිසායි. දේශපාලන බලය අයුතු විදියට පාවිච්චි කිරීම 1977 පසු පටන්ගෙන අද වෙන විට අන්තයට ඇවිල්ලා (නි)
ඔය උද්ඝෝෂණය ඒ අයගේ ගෙවල් ලගට ගිහින් කරන්නකෝ. (නදී)
පාසල් වලට දේශපාලනය පනින එක තමයි අන්තිමම නරක දේ (නි)
කව්ද මෙම දේශපාලුවන්. පළාතේ අධ්‍යාපන බලදාරීන් නිදිද?කෝ අපේ බන්දුල ඇමතිතුමා? (නදී)