IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් සිසුවිය ඇඳ වැටි මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට  හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , මුල්ලේගම ,  පදිංචි දිනිති තිමාරා නමැති  දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකි. ඇය ඊයෙ (18 )  උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින්  සිටියදී  "අම්මේ මගේ අත ටිකක් රිදෙනවා " යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.

පසුව මව විසින් නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක්  දියණිගේ අතෙහි ගල්වා , අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය  මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. පසුව අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගියා  පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.



අදහස් (4)

පාසල් සිසුවිය ඇඳ වැටි මරුට

Nalin Thursday, 19 October 2023 02:41 PM

එන්නත්...!

:       6       3

ajith Thursday, 19 October 2023 06:05 PM

මෙය වම් අත රිදීම සමග ඇතිවූ දෙයක් නම්, බොහෝ විට හෘදය ආශ්‍රිත රෝගයක් විය හැකිය...

:       0       0

Mdo Thursday, 19 October 2023 11:37 PM

හාර්ට් ඇටැක් එකක්?

:       0       0

Gamini Thursday, 19 October 2023 11:37 PM

දියණියනි ඔබ‍ට නිවන්සුව ලැබේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site