මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්‍රයත්නය වූ සී.ටී.ප්‍රනාන්දු මහතාගේ ගීත ප්‍රසංගය මේ වනවිට සාර්ථක මට්ටමින් සංවිධානය වෙමින් පවතී. ධර්මපාල විද්‍යාලයේ "පෙරමග දශක" කණ්ඩායම විසින් මෙය සංවිධානය කරන අතර, "චන්දිමාල් එන්ටර්ටේට්මන්ට්" සහයෝගය ඇතිව "The CT Show by Marians" "අන්ග්ප්ලග්" ප්‍රසංගය, නොවැම්බර් 06 වැනි දා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ප.ව. 6.30 සිට පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රසංගය පිළිබඳව පැවසීමට "මේරියන්ස්" සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අප සමග සම්බන්ධ විය.
"ධර්මපාල විද්‍යාලය සමග අප බොහෝ ප්‍රසංග පවත්වා තිබෙනවා. ධර්මපාල ආදි ශිෂ්‍ය සංගමය සංවිධායක ශක්තිය අතින් ඉතාමත් ඉහළ කණ්ඩායමක්. ඒකේ වචන දෙකක් නැහැ. මෙවරත් මෙය පැවැත්වෙන්නේ තරුණ සේවා සභාවේදී. ඊට අවශ්‍ය විදියට වටපිටාව සංවිධානය කිරීම ඉහළ මට්ටමක තිබෙනවා.
මෙහි විශේෂ කාරණාවක් වන්නේ පාසල් ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන වැඩක් හැටියට පාසල් වැඩකටයුත්තක් වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් තෝරා ගැනීමේ විශේෂත්වය ගැන කතා කළ යුතුයි. අද කනට නැති වෙලා ගිය සම්පතක් හා සමානයි සී.ටී.ප්‍රනාන්දු මහත්මාගේ ගීත. ඉතිං මෙතුමාගේ ගීත ලැයිස්තුව දුවා දරුවාගේ ඉඳලා වැඩිහිටි මහල්ලා දක්වාම හොඳට විඳින්න පුළුවන්කමක් තියෙනවා. මම මෙයට බෙහෙවින් කැමති වෙන්නේ පාසල් වැඩකටයුත්තක් නිසයි. මොකද මේ ප්‍රසංගය තුළ රටේ දුවා දරුවන් ගැන, ගහකොළ ගැන, සතා සිව්පාවා ගැන කියැවෙන බොහොම සාහිත්‍යමය රසයෙන් අනූන ගීත රැසක් තිබෙනවා. මේ සෑම රිද්මයක් සඳහාම අනුගත වුණු ගීත රැසක් සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ තියෙනවා.
ප්‍රංසගයක් හැටියට ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාට ඉතාම සාධාරණයක් සහ ඔවුන්ගේ මනස ඉතාමත් උසස් තැනකට ගෙනියන්න පුළුවන් ප්‍රසංගයක් හැටිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඉතිං ධර්මපාල කණ්ඩායම අපත් සමග විවිධ ප්‍රසංග කීපයක් සිදුකරනු ලැබුවා. මේ කටයුත්ත බෙහෙවින්ව පැහැදිලි ලෙසම තවත් එක්තරා විෂයක් බොහොම විනෝදාත්මක විදිහට විඳගන්න පුළුවන්. හඳුන්වන්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd