රග්බි විනිසුරුවෝ පාසල් තුනක රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව දැනුම්දීමෙන් පසු පාසල් රග්බි සංගමය පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පාසල් 10 යේ විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. මෙම රැුස්වීම අද (07) පෙරවරු 11.30 ට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ පැවැත්වේ.
පාසල් රග්බි සංගමය පවසන්නේ විනිසුරුවන්ගේ මෙම තීරණයත් සමග තවත් පාසල් 6 ක පේ‍්‍රක්‍ෂකයන්ට තරග නැරඹීමේ අවස්ථාව අහිමි වන බවයි.
පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ මේ වන විටත් පාසල් කීපයකින් මේ පිළිබඳව විරෝධය ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට මෙම විශේෂ රැුස්වීම කැඳවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කරත් වැඩක් නැහැ. රග්බි විනිසුරුවෝ ගැන රග්බි බලන අය හොදට දන්නවා. (දී)