IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් රග්බි තරග ඉරිදා සිට

රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමත් සමගම සති දෙකක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් පාසල් රග්බි තරගාවලිය අනිද්දා (16) සිට නැවත ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සහ පාසල් රග්බි සංගමයේ නිලධාරීන් අතර කොළඹදී ඊයේ (13) පැවැති විශේෂ රැුස්වීමේදී නව තරග සැලැස්ම සකස් කෙරිණ.

විනිසුරුවන්ගේ ආරක්‍ෂාව සදහා කොළඹ පැවැත්වෙන සියලූම තරග රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ. තරග අධීක්‍ෂණය කිරීමට ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් ද පත්කිරීමට නියමිතය.

විනිසුරුවන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂක නිලධාරීන් පස් දෙනකුගේ සේවය ලබාගැනීමටත් විනිසුරුවන්ගේ කටයුතු සදහා විශේෂ නිලධාරියකු පත්කිරීමටත් තීරණය කර තිබේ.

ධර්මරාජ විදුහලේ රග්බි පුහුණුකරුට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන බැවින් රාජකීය විදුහල සහ ධර්මරාජ විදුහල අතර තරගය මේ මස 28 වැනිදා දක්වා කල්දමා තිබේ. පාසල් රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ ධර්මරාජ විදුහල් පුහුණුකරු පිළිබද පරීක්‍ෂණය ලබන සතියේ අවසන් කිරීමට නියමිත බවයි.  

මහනුවර ධර්මරාජ විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර මේ මස 1 වැනිදා කොළඹ සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී විනිසුරුවන්ට පහර දීම නිසා රග්බි විනිසුරුවර පාසල් රග්බි තරග  විනිශ්චයෙන් ඉවත් වූහ.

තරග කාල සටහන

16 වැනිදා

  • ශාන්ත අන්තෝනි විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී

21 වැනිදා

  • ශාන්ත පීතර විදුහල සහ වෙස්ලි විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී

22 වැනිදා

  • කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර පිටියේදී
  • ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර පල්ලෙකැළේ රග්බි පිටියේදී
  • විද්‍යා විද්‍යාලය සහ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී

28 වැනිදා

  • රාජකීය විදුහල සහ ධර්මරාජ විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී



අදහස් (0)

පාසල් රග්බි තරග ඉරිදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site