
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.
අගමැතිනිය මෙසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශිෂ්‍යත්ව විභාගයේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රශ්න පත්‍ර බැලීම නතර කිරීමට සිදුවූ බවත් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මේවාට හිඟන වැඩ කියලා... ළමයින්වත් හිඟන්නෝ ගානට දාලා පිනට සපත්තු දෙනවාට වඩා දෙමව්පියන්ගේ මුදලින් ළමයින්ට සපත්තු දෙකක් අරගෙන දෙන ආර්ථිකයක් තමයි හදන්න ඕනෑ... ඔය පොඩි පාසල් වසා දමා එක පාසලක් දියුණු කර ඒ පාසැලට යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම් දරුවන්ට සපයන්න. වයස් කාණ්ඩ හා පන්ති අනුව, ප්‍රාථමික හා අනෙක් පාසල් බෙදා වෙන්කළ යුතුයි. මේ පවතින පාසල් ක්‍රමය තනිකරම අච්චාරු හැලියක්.!
මාලිමාවේ සංවිධායකලගේ පවුල්වල ළමයින්ට විතරක් වෙන්න ඇති.