බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය සහ අභිනවයෙන් ඉදි කළ ඈගල්ඔය විශ්ව සමාධි පාරමිතා ධර්මායතනය අතර ගැටුම අද බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ශ්‍රවනාගාරයේ පැවැති රැස්වීමකදී සමථයකට පත්වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීය.
ඈගල්ඔය විශ්ව සමාධි ධර්මායතනයේ වෑවල සීලරතන හිමියනට හොරණ ප්‍රදේශයෙන් විහාරස්ථානයක් ලබා දීමට හොරණ විද්‍යාරත්න විද්‍යායතනයේ අධිපති ඕපල්ලේ ඤාණසිරි හිමි පොරොන්දු වීමෙන් පසු එම ධර්මායතනය තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට එකඟතාවය පළ විය.
ඒ අනුව දෙපාර්ශ්වයේම හිමිවරුන්ගේ උපවාසය නතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආගමද දැන් නොබෙදී තියෙන්නේ? (නි)
මම මේ නොදන්නා නිසයි අහන්නේ. එතකොට පන්සල ගිනි තියපු එක සාධාරණයි ද ? ඒ පිලිබඳ පරීක්සන ඉවරද? හාමුදුරුවන්ට පන්සලක් ලැබුනම අර අට අනූවක් රෝග,නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරාවල් ඔක්කොම නිවාරණයි ද හැබැටම? (අ)
මේ ගොල්ලෝ පොඩිකාලේ දහම් පාසල් ගිහින් නැද්ද (අ)
මේකත් අර අද වෙළඳ ලෝකය ගෝලීයකරණය වෙනවා වගේ. පොඩි එකාව නැති කරලා ලොකු එකා ඔක්කොම කඩා වඩා ගන්නවා. (නි)
අර පන්සල් දෙකක් අතර වැටක් දැකපු කෙනාට මතක නැතිව ඇති.ඒ පන්සල් දෙකෙන් එකක් තියෙන්නේ ඉන්දියාවේ නේපාල දේශ සීමාවෙ ජයනගර් කියන ගමේ. අනික නේපාලයේ ඉන්දියානු දේශ සීමාවේ ලදානියා කියන ගමේ. දැන් මතකයිනේ ඉතින් ඒකයි මේකයි පටලවා ගන්න එපා. පිං සිද්ධවෙයි.(නදී)
දැන් වැඩියෙන් පිස්සු කෙලින්නේ කව්ද මන්දා? (නදී)
පිටිගල, මටත් ඔය ප්‍රශ්නෙම හිතට ආව. ගිනි තියපු එක සාධාරණයි වගේ නේද පේන්නේ දැන්? මොනවා වුනත් වැඩි දෙනෙක් මෙහි අදහස් දක්වල කියන දේ ඉතාම වැදගත්. පන්සල් බෙදිලා මෙහෙම කරන එක අපේම විනාශය. (නදී)
වැඩක් නැතුවට කරන වැඩ... (නි)
අනේ සාධු සාධු! (නි)
දැන් බලාගෙන යනකොට සිවුරට වඩා බලයක් නිල ඇදුමට තියෙනවනේ සාමය විසඳන්න. නරකද හාමුදුරුවරුන්ට යුනිෆෝර්ම් දීලා පොලිසියට සිවුරු දුන්නොත්? (නි)
අන්තිමේදී සත්‍යය ජය ලැබුවා (නි)
අර්ථයෙන් දර්මයෙන් අපිට දේශනා කරන අපේම සමහර හාමුදුරුවරු කරන වැඩ දැක්කම ලොකු සංවේගයක් ඇතිවෙනවා හිතට. බුදු දහම කියන්නේ ගහ මරා ගන්න ඕනේ ආගමක් නෙවෙයි සන්හින්දියාවෙන් , සම්මන්ත්‍රනයෙන්, මෛත්‍රියෙන් ප්‍රශ්න විසඳගන්න දහමක්. එහෙවු දහමක උත්තරීතර බව ඔබ වහන්සේලා අපට දීපු ආදර්ශය ඒ තරම් හොඳ නැහැ අවසර.(නදී)
ශ්‍රේෂ්ට බුදුදහම විනාසයට ලක්කරණ වැඩ, ලෝකය හිනස්සලා, ගම් වල මිනිසුන් දෙකට බෙදලා ,ගිනි තියාගෙන ප්‍රශ්නය වෙන තැනකට යවනවා. දැන් හිතෙනවා නායක හාමුදුරුවරු නාමෙට තනතුරු වල ඉන්නවද කියලා.(නදී)
මින් මතුවට හෝ සියළුම ස්වාමින් වහන්සේලා එකතුවෙලා අටසිල්වත් රැකලා මිනිසුන්ට අඩුම තරමින් පන්සිල්වත් රකින්න ධර්මය දේශනා කරන්න සිත් එකග වේවා! (නි)
අපි කරන වැඩ දුටුවිට අන්‍යාගමිකයන් කොහෙන් හිනා වෙයිද මන්දා. මේවා දිට්‌ට ධම්ම වේදනීය කර්මය කියලා කිව්වොත් වැරදිද? (නි)
පන්සල් බිහි විය යුත්තේ හාමුදුරුගොල්ලන්ගේ සහ ගිහියන්ගේ ඔලුවේ මිස සිමෙන්ති, ගඩොල් ,කොන්ක්‍රීට් වලින් හදන ස්ථානවල නොවේ. (නි)
එහෙනම් සභාපතිතුමා නිවැරදියි? (නි)
අපේ රට සදා කල් අඳුරේම පවතීවි (නි)
සත්‍යයා, ඊට වඩා හොද විකල්පයක් තියෙනවා (නි)
මට තැන නම් මතක නැහැ. පන්සල් දෙකක් මැද්දෙන් වැටක් නම් තිබුණා මතකයි (නි)
බෞද්ධයෝ එකාවන්ව නැතිකමයි හේතුව. රට ගැන හිතන්න කෙනෙක් නැහැ අද. (නි)
මේ ෆොටෝ දැක්කම මට හිතුනේ කන් ගැට්ටගේ වැඩක්වත්ද කියලා (නි)
සියල්ල අනිත්‍යයි. එය කියාදෙන අය නේද මේ උතුමන්ලා? (නි)
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි.කෝ මේ නායක හාමුදුරුවරු? බුද්ධාගමේ සංගායනාවක් කිරීමේ කාලය එලඹිලා නේද? (නි)
මා කියන්නේ වරදක් නම් සමාවන්න. බහුතරය පිල් ගණනාවකට බෙදුනම , එක පිලක සාමාජික ගණන සුළුතරයේ එකතුවටත් අඩු වෙනවා. ඉතින් පරාජය අහන්නත් දෙයක්ද? (නි)
අපේ රටේ සංඝ අධිකරණ නැති නිසයි මේ ප්‍රශ්න දුරදිග යන්නේ (නි)
මේ ලෝකේ විවිධ ජාතින්,විවිධ භාෂාවල්, විවිධ ආගම් බොහෝ තිබේ. අප මේ ලෝකෙට බිහිවු පසු අපට ජීවත් වෙන්න ලැබෙන පරිසරය තුළින් අපට ඒ සියල්ල ආයාසයෙන්ම ලැබේ.අප සැවොම ලේ ඥාතින්ය. එය අද අපට අමතක වී ඇත්තේ තම සංස්කෘතික ජීවියා නම් තම ජාතිය,ආගම පමණක් පෙරටු කර එය පමණක් රැකගෙන අනිකා ගැන නොසිතා අනෙකාගේ අනන්‍යතාව පළුදු කරගෙන,පැහැරගෙන,වීනාශ කර ඉතිහාසය අමතක කර වර්තමාණයේ තමාට ලබාගන්නා,ලැබෙනා දේ පිළිබද පමණක් සිතු නිස විය හැක. නමුත් අපට වර්තමානයක් මෙලෙස ඇත්තේ ඉතිහාසයක් තිබූ නිසාම වේ. ඉතිහාසයෙන් තොර වර්තමානයක්ද නොමැත. එනිසා අප කවුරුත් ඉතිහාසය අමතක නොකළ යුතුය. යමෙකු එය කරාන්නේ නම් එය ඔහුගේ අනන්‍යතාව වැළලීමකි. එවිට ඔහු මායාවක් වනු ඇත. මා මගේ පණටත් වඩා මා උපන් මේ රටට මගේ මවට මෙන් මා සැමදා ආදරේ කරමි (නි)
මෝඩ මිනිස්සු තවත් වැදගෙන ඉන්නවනේ. මේවා ලෝකය හිනස්සන වැඩ... (නි)
ඒ කාලේ අපේ පළාතෙත් පන්සල් දෙකක් තිබුනා. වෛරාරාමය, සහ ක්‍රෝධාරාමය කියලා.එකම ගමේ. (නි)
ඔය සභාපතිතුමා නරක කෙනෙක් නෙමෙයි. වැඩක් කරන අයෙක්.එනිසා පොඩ්ඩ වැරදුනහම මඩ ගහන්න බිම දාන්න හුගක් දෙනෙක් ඉන්නවා. ඒ ගැන හොයන්නෙ බලන්නෙ නැතුව අර හනුමන්තා වගේ හැමතැනම ගිනිතියනවා. ඒකෙන් වෙන්නෙ මුලු සමාජයම කෙටවෙන එකයි. (නි)
අනිකුත් ආගම් වල අය හිනස්සන වැඩ. මීට වැඩිය රටේ වැදගත් දේවල් තියෙනවා (නි)
ගම් වල පන්සල් වේළෙනවා හාමුදුරුවරු නැතුව මෙහෙ .ඔය අයට ඕනෑ නම් මම පන්සල් හොයලා දෙන්නම්.ධර්මය දන්නා කෙනාට ගොඩනැගිලි ඕනෑ නැහැ. (නි)
විජේසිංහ මහත්තයා කණගාටු වෙන්න එපා.කොයි ආගමේත් ගැටුම් තිබෙනවා. (නි)
ප්‍රශ්නය අවසන් වුණ එක හරි හොදයි. නමුත් කාටද පන්සල ඉවත් කරන්න වුවමනාව තිබුනේ? මිනිසුන්ටද? අසල විහාරස්ථානයේ හාමුදුරුවන්ටද? නැත්නම් දේශපාලන කරන අයටද? එතනයි ප්‍රශ්නය තිබුනේ. කොහොමත් මේක දුර ගියා වැඩියි. (නි)
මිනිස්සුන්ට ධර්ම අවබෝදය අඩුයි. බුදුන් වහන්සේ ජිවමන අවධියේත් විනයධර, ධර්මධර භික්ෂුන් දෙකොටසකට බෙදුනා.බුදුන් වහන්සේ කියන දේත් ඒ අය ඇහුවේ නැහැ. ඊට පස්සේ දායකයෝ එකතුවෙලා තීරණයක් ගත්තා දන් පැන් නොදී ඉන්න කලහකාරී භික්ෂුන්ට. ඊට පසුවයි දෙපිරිස සමගි වුණේ. එනිසා ප්‍රශ්න හමුවේ කලබල වෙලා වැඩක් නැහැ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ. එක එක්කෙනාට දොස් කියලා වැඩක් නැහැ. (නි)
අනේ අනිච්චන්! ,තණ්හාව ,ක්‍රෝදය,සංසාරය පිළිබද අනවබෝධය,සන්තානගත මෝඩකම,ගිහිසමාජය සාමකාමී වීමට පැවිද්දන්ට ධර්මය අවබෝද කරදීම... බුදු හාමුදුරුවෝ ඕකතමා දේශනා කළේ'මගේ මේ ධර්මය නුවණැත්තන් සදහා කියලා ' (නි)
අනේ කොළඹ නම් මීටර් සීයෙන් සීයට පන්සල් තියෙනවා. ඒවුනාට මිනිස්සු බෙදෙන්නේ නැහැ (හැබැයි මිනිස්සු හැදෙන්නෙත් නැහැ ).(නදී)
මිනෝලි, ඔයා හරියට හරි (නි)
දැන් බුදු දහමත් මුස්ලිම් වගේ 3/4 කට බෙදිලා.අංගුලිමාල දමනය කළේ චීවරධාරී පොලිස් උතුමෙක්ද? මෙවැනි දේ වෙන රට පිරිහෙන එක අරුමයක්ද?දැන්මම යුරෝපයෙන් බුදුසුන ස්ථාපනයට උපකාර ගත යුතුය. (නි)
නිර්මල කොතලාවල වැනි උගත් බුද්ධිමත් පුද්ගලයකු සංවිදායක දුරය දරන බුලත්සින්ග්හල ආසනයේ ප්‍රාදේශීය සබපතිවරයා හැසිරීම පිළිබද කිසේසෙත්ම සෑහීමකට පත් විය නොහැක. නාම යෝජනා ලබාදීමේදී නිර්මල කොතලාවල මහතා මීට වඩා සැලකිලිමත් විය යුතුව ඇත මක්නිසාද යත් ඉන් නිරුපනය වන්නේ නිර්මල කොතලාවල සන්දර්බය බැවිනි. (අ)
සමාදාන වුණ එක නම හොඳයි. නමුත් සංඝයා වහන්සේලා රටටත් එම ප්‍රදේශයටත් බෞද්ධයන්ටත් දුන්නේ නරක ආදර්ශයක්. බෝධිසත්ව චරිතයේ එන වට්ටක ජාතකයන් කියවෙන්නේ එකමුතුව සමාදානයෙන් අපි හැමදෙයක්ම කරමු කියන එකයි (නි)