
(අංජුල මහික වීරරත්න)
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන අනුව පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අදාළ පාසල්වල විදුහල්පතිවරු සහ සිසු සිසුවියන් විසින් සමරු තිළිණ පිළිගැන්වූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පාසල්වල රෝපණය කිරීම සඳහා වටිනා පැළයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීම ද සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ ජේ. එම්. බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
Udani Wednesday, 20 November 2024 06:48 AM
ගුරුවරු ටික පිටිපස්සෙන් හිටගත්තා නම් තමා පින්තුරේ වටින්නේ...!!!
D Leader Wednesday, 20 November 2024 08:51 AM
සංදර්ශන!
Venrix Wednesday, 20 November 2024 05:15 PM
සංදර්ශන...!