
(ලක්මි කුඩලිගම)
උදෑසන පාසල් යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් ගලවාගෙන ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.
අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ දොඹගොඩ පාසලක 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිල්ලගස්පොළ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ඊයේ (16) උදෑසන 7.00ට පමණ තම නිවසේ සිට පාසලට පයින් ගමන් කරද්දී නිවසේ සිට මීටර් 600ක් පමණ ගමන් කළ පසු සිසුවා පසුපසින් පාපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් තමන්ව තදින් අල්ලා කකුලේ පැළඳ සිටි එක් සපත්තුවක් බලහත්කාරයෙන් ගලවාගෙන ගිය බව දරුවා පොලිසියට පවසා තිබේ.
සපත්තුවක් ගලවාගැනීමෙන් පසු දරුවා අසල ඇති වෙළෙඳසලක් වෙත ගොස් තම පියාට මේ බව දුරකථයෙන් පවසා ඇති අතර පසුව පියා පැමිණ පාසලට ගොස් විදුහල්පතිවරයාටද මේ බව පවසා දරුවා සමග පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඵවුලෙ අය සමග හෝ දරුවාගෙ පියා සමග තිබූ කෝන්තරයකට සිදුකල දෙයක් විය හැකිය.