පාසල් ආපන ශාලාවක කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර හා පාන වර්ග අළෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි.
කෘත්‍රීම රසකාරක අඩංගු ආහාර පාන අහාරයට ගන්නා සිසුන් විශාල වශයෙන් රෝගී තත්වයන්ට පත්වන බවට දෙමාපියන්ගෙන් නිතර ලැබෙන පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බවද අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘතීම රසකාරක නැතිව අපේ ආච්චිලා ඉතා රසට ආහාර පිසුවා. දැන් සුප්කැටයක් නැතුව කිසිම දෙයක් බැහැ. මේවා බහුජාතික මාෆියාවේ උගුල්.දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරමු. (නි)
කලින් තිරිගු පිටි මිශ්‍ර කෑම තහනං කරා පාසල් ළමුන්ට කෝ ඒ නීති ක්‍රියාත්මක වෙනවද? කලින් ප්‍රසිද්ද ස්ථාන වල දුම්බීම තහනම් කරා කෝ ඒවා ක්‍රියාත්මකද? බොරු වෙඩ තමා සේරම බොරුවට එක එක කාලෙට නීති ගේනවා ක්‍රියාත්මක නෑ.(ස)
මෙය හොඳ වැඩක්. නමුත් සමහර රසකාරක හඳුනාගැනීමට ඉතා සියුම් රසායනාගාර පරිෂණ අවශ්‍යයි. ඉතින් කවුද ඕවා අල්ලන ඉන්නේ? නීති දැම්මට වැඩක් නෑ ක්‍රියාත්මක කරන්න පහසුකම් නැත්නම්! (ස)
කවුද අල්ලන්නේ (ත)
අනේ මේක මුළු ලංකාවටම බල පවත්වන්නකෝ (නි)