වල් අලි පැටවුන් අනවසරයෙන් අල්ලා ගැනීමේ පරීක්ෂණ සදහා තවත් කාලයක් අවශ්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද (23) සිටියේය.
එවැනි අලි පැටවකු ව්‍යාජ බලපත්‍රයක් මත ඇලන් මැතිනියාරාමයේ ඇතැයි ද, උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද, පසුගිය ජනවාරියේ මෙම අලි පැටවා එහි රැගෙන ආ බව කියන සිද්ධිය පරීක්ෂණ අවසන් නැතැයි ද නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
එම අලි පැටවා දැන් පින්නවල සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
විභාගය ලබන 20 වැනි දා ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් සඳහා රජයේ මැදිහත්වීමෙන් පමණක් අලි පැටවුන් ලබාදෙන්න (නි)
මෙරට අලි ආරක්ෂා කිරීමට මීට වඩා නීති පැනවිය යුතුයි. බල පත්‍ර නැතිව අලි තබා ගත් අයටත්, ඇලී ඇල්ලු පුද්ගලියින්ටත්, ලක්ෂ 30 බැගින් වූ දඩ පැනේවුවොත් හොඳයි. අඩුම ගන්නේ 2 අවුරුදු සිරඬුවමක් සැහේ. (අ)
අපි නොදන්නා මතිනියාරාමය. හොදම නළුවෝ සහ මුදලාලිලා.(රේ)
බුද්ධ ධර්මයට අනුව පන්සල් වල අහිංසක වනසතුන් තියාගෙන කරන්නේ ඉතාම නරක පුර්වාදර්ශයක්. බලන්න පෙරහරකට ඉන්න අලියෙකුට මොනතරම් හිංසාවක් වෙනවද? කොච්චර පවුද? මේකත් වහල් ක්‍රමයේ කොටසක්. මේවා නතර කරලම දාන්න ඕනෑ. වනසතුන් සිටිය යුත්තේ වනයේ (නි)
සියල්ලටම කලින් පන්සල් ටික ශුද්ධ කරන්න ඕනෑ. (නි)
මේකේ අවසන් ප්‍රතිඵලය අපිට ඉක්මණින් දැනගන්න ලැබේවා! (නි)
පන්සල් වලට මොකටද අලි? කොහොමද මුන් නඩත්තු කරන්නේ? (නි)