අඩු පහසුකම් සහිත පාසල් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දක්වමින් 306 ඒ 2 සිංහ සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අද (28) අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය
අධ්‍යාපන අමාතයාංශය නියෝජනය කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහහතා ද සිංහ සමාජය නියෝජනය කරමින් 306 ඒ 2 සිංහාධිපති අසංක සමරසේකර මහතා ද සිංහ සමාජ සාමාජිකයෝ රුසක් ද මේ සඳහා එක්වුහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයෝ මේ පොටෝ ටික පෙන්නලා ජාත්‍යන්තරයෙන් කෝටි ගණනක් ගනීවි. 90% ක් වියදම් කරලා ලොකු හෝටලයක සාමාජිකයන්ට හා පවුල්වල අයට පාටියක් දමල 5% ක පොත් ටිකක් ලොකු පෙට්ටිවල දමල පාටපාට කොලවල ඔතල බෙදාවී. ඉතුරු සල්ලි මමනම් ගත්තේ නැහැ. (දී)
සුජීව පද්මකුමාර.100% කම සත්‍යයි .මම දන්නවනේ සිංහ සමාජයේ අය හොටෙල් වලට ඇවිත් කරන දීවල්. (දී)
මේ සමාජයට සම්බන්ද වෙන්න පුළුවන් අතේ සල්ලි තියෙන්නන්ට පමණි.(ස)
මේ විස්තර ලියන මහත්වරු හිතන විදිහ වැරදි, ඔක්කොම එක මිම්මෙන් මනින්න එපා. හොඳවැඩ කරන සිංහයෝ ඉන්නවා ඒවාට ප්‍රසිද්දිය මදි. සොයා බලන්න එක උදාහරණයක්. පිළිමතලාව සිංහ සමාජය අවුරුද්දකට ශිෂ්‍යත්ව 800 ක් දුප්පත් දරුවන්ට දෙනවා .ඕව දන්නේ ටික දෙනයි . (දී)
හැමදේ දිහාම ඍණාත්මකව බලන පිරිසක් ඉන්නවා. සල්ලි තිබෙන මිනිස්සුන්ට එකතුවෙලා විනෝද වෙන්න ඔය මොනවත් ඕනෑ නැහැ. මේ අය හොඳ දේකුත් කරනගමන් එයාලගේ සමජ සම්බන්ධතා තහවුරු කරගන්න එක වරදක් නොවෙයි. මම ගුරුවරයෙක් විදියට සින්හ සමාජය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට මොනරාගල ගියා. අපෙන් සතයක්වත් ගත්තේ නැහැ. අපට ඉතා හොඳට පහසුකම් සපයා තිබුනා. දහස් ගානක් අහිංසක දරුවෝ එදා ලොකු සේවයක් ලබාගත්තා. මේ වගේ වැඩ කරන්න තවත් ඔවුන්ට ශක්තිය ලැබේවා! (නි)
සුනේත්‍රා කරුණාතිලක, මේ අත්සන් උත්සවයටත් කීයක් ගියාද කියල ෆොටෝ ටික දැක්කම හිතාගන්න පුළුවන්. කොටින්ම අග්‍රිමන්ට් එකකට අත්සන් කරන්න නැට්ටුවොත් ඕනද? (දී)
මේ සුජීව මහතා හිතේ අමාරුවෙන් වගේ ඉන්නේ. එක්කෝ මෙයාට සිංහ සමාජයට බැදෙන්න බැ. මරනාදාර සමිතියක උවත් උත්සවයක් ගන්නකොට උපරිමයෙන් කරනවා. ඉතින් සිංහ සමාජේ කියන්නේ අන්තර්ජාතික සමාජයක් එවැනි උත්සව කරනකොට ගම්බීර විදිහට කරන්න ඕන.ඔය තව පරිනත වෙන්න ඕන කෙනෙක් වගේ. සමාවන්න.තේරුම් ගන්න උත්සහා කරන්න. (දී)
සුජීව පද්මකුමාර, තිලක් ඩුබායි මහත්තුරුනේ , ඒ ඔබතුමාලා දන්නා තරම තමා. නොදන්නා දේ කියවන්න එපා. ඔය තියෙන නැටුම ඔය මුළු උත්සවයේ ඒක අංගයක් පමණයි. ඔය මහත්තුරු අපේ රටේ උත්සව වලට ගිහිල්ලා නැද්ද? නිකන් බින්තැන්නේ අය වගේ රඟපාන්න එපා. තිලක් මහත්තයා සිංහ සමාජ වලින් කරන වැඩ ගැන අහලා නැත්තේ ඇයි? සිංහ සමාජ සමාජ සේවය කරන්නේ නිකන් ලෝකයට පේන්නවත්, පත්තරෙය් පින්තූර දමාගන්නවත් නෙමෙයි. කරන ව්‍යපෘති ගැන දන්නේ ඒ සිංහ සමාජය සහ දිස්ත්‍රික් අධිපති මණ්ඩලය පමණයි. එතකොට, ජාත්‍යන්තරයෙන් අපි ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දෙන්නේ නැහැ.ලොකු ව්‍යාපෘතියක් කරන්න ගියත් ඒකෙන් බාගයක් විතරයි ලැබෙන්නේ. නොදන්නා දේ ගැන බොරු බේගල් නොදොඩා http://www.lionsclubs.org/ එකට ගොස් පොඩ්ඩක් බලන්න (නි)
දුප්පත් දරුවන්ට අඩුම වසයෙන් පිටු 40 යේ පොතක්වත් සිංහ සමාජයෙන් දුන්න කියලනම් මම අහලවත් නැහැ
පාසල් 200 ක් කියන්නේ පුංචි ප්‍රමාණයක් ද.ඇත්තටම මේ වගේ වැඩ ඔය අය කරනවා නම් මේ ලංකාව මීට වැඩිය ලස්සන වේවි.ඇත්තටම බන්දුල ඇමතිතුමාටත් සිංහ මහත්වරුන්ටත් තව තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මමත් ඔය අයගේ ප්‍රවෘත්ති බලන පාටකයෙක්. (නි)
සිංහ සමාජය ගැන නොදැන කතා කරන්න එපා. අපි විතරයි දන්නේ අපි වෙහෙසෙන හැටි දුප්පත් දරුවන් වෙනුවෙන්.අපේ සල්ලි,අපේ කාලය,අපේ මහන්සිය,මය සේරම දුප්පතුන් වෙනුවෙන්.පිළිමතලාව සිංහ සමාජය කල දේවල්,ඒ ගැන වචන නැහැ කියන්න. (දී)
සිංහ සමාජයට ස්තුතියි. හැබැයි, මහත්වරුනි, අඩුපාඩුකම් සහිත පාසල් කියන්නේ ඇමතිවරුන් විසින් නම් කරන හෝ ආදිශිෂ්‍ය සංගම්වල බල්වන්තයින් විසින් නම් කරන පාසල් නෙමෙයි. ඔබතුමන්ලාම ඒ පාසල් හඳුනා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. (නි)