ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් 50ක සුහුරු (ස්මාර්ට්) පන්තිකාමර ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වෙනුවෙන් කොළඹ පැවති ජාත්‍යන්තර තොරතුරු සමුළුවේදී ඔහු මේ බව කීවේය.තොරතුරු සම්බන්ධයෙන් නවීන තාක්ෂණය පාසල් සිසුවාගේ සිට ආරම්භ කළ යුතු බවත් පාසල් විෂය පද්ධති පරිගණක ගතකරමින් සුහුරු පන්තිකාමර බිහිකිරීම අරඹා ඇති බවත් ලේකම්වරයා කිවේය.
ගමට තොරතුරු තාක්ෂණය ලබාදීම සදහා 11,000ක් පමණ වන පාසල් පරිගණක විද්‍යාගාර භාවිතා කරන බවත් සවස 6.00 දක්වා එම විද්‍යාගාර විවෘතව තබා වැඩිහිටියන්ට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.
පාසල් පන්තිකාමර සුහුරු පන්තිකාමර බවට පත්කිරීමේ විශාලම ගැටළුව වී ඇත්තේ විෂය පද්ධති පරිගණක මෘදුකාංගවලින් නිපදවා නොතිබීම බැවින් ඒ කාර්යය දැනටම ආරම්භ කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමට සමාන අධ්‍යාපනය මෙමගින් ලැබෙනවද? දොස්තරලා වැරදිද? ඕනෑ කෙනෙක් කැමතියි වැඩි පහසුකම් තියෙන පාසලට තම ළමයා දාගන්න. (නි)
වැසිකිළි පහසුකම් හරියට නැති පාසල් ලංකාවේ කොච්චර තියෙනවද? ඒවා ගැනත් බලන්න (නි)
ඉතා හොඳ අරමුණක්. නමුත් මේ එක්කම සෑම පාසලකටම අවම පහසුකම්වත් සපයා දියයුතුයි. ඒ වගේම වසර දෙකක්වත් ඇතුළත 100%ක් බැරි නම් 50%වත් පාසල් වලට ඔය පහසුකම දෙන්න. නැත්නම් සැමට අධ්‍යාපනය නොවෙයි කොටසකට අධ්‍යාපනය කියන්න වේවි. (නි)
මහින්දෝදය විද්‍යාගාර ලැබුණු පාසල් වල, උසස් පෙළට තාක්ෂණ විෂය හදාරන සිසුන්ට උපකරණ නොමැතිව වෙන පාසල් වලට යන්න වෙලා. තියන අඩුපාඩු බලන්නේ නැතුව මේ කරන වැඩ මොනවාද? (නි)
මුලින්ම පාසල් 50 කින් පටන්ගනිමු. වසර 2000 දී කරන්න තිබුන වැඩක්. වැඩේ හොඳයි (නි)
පාසල් විද්‍යාගාර නමට විතරයි. (නි)
හොඳයි....
ගොඩක් හොඳයි....