ගාල්ල හිනිදුම,මොරවක, වැල්ලවාය මොනරාගල,සීගිරිය, දඹුල්ල හා අනුරාධපුර යන ප්‍රදේශවල ඉතා දුෂ්කර තෝරාගත් ප්‍රාථමික විදුහල් දහයකට වැසිකිළි 20 ක් සාදා නිමවා පරිත්‍යාග කිරීම, ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ මග පෙන්වීමෙන් පසුගියදා සිදු විය.
ස්විට්සර්ලන්තයේ මුවාරි කොරියන් බෞද්ධ විහාරයේ මුජිම් සුනිම් භික්ෂුණීවහන්සේගේ පාලනය යටතේ ක්‍රියාත්මකවන ඩග්ලස් ඒ කැම්බෙල් පදනමේ අනුග්‍රහයෙන් ලද මූල්‍යමය සම්පාදනයෙන් ඉදිකළ මෙම සත්කාරක ව්‍යාපෘතිය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන ඝංඝ නායක හබරකඩ ඉන්ද්‍රරතන නාහිමිඋපදෙස් පරිදි, එප්පල සෝරත මාහිමියන්ගේ සංවිධානයෙන් සාර්ථකව සිදුවිය.
වීරපාන ජනපද විද්‍යාලය, ඕපාත සල්ගහවල ජනපද විදුහල,හල්විටිගල ජනපද විදුහල,උඩුගම ගල්ලන්දල ප්‍රාථමික විදුහල,දේවාලෙගම ප්‍රාථමික විදුහල,වැල්ලවාය කුඩාඔය ප්‍රාථමික විදුහල,මොනරාගල වැල්ලවාය පැල්වත්ත ප්‍රාථමික විදුහල,සීගිරීය උඩවෙලගම ප්‍රාථමික විදුහල,සීගිරිය දයකැපිල්ල ප්‍රාථමික විදුහල,සීගිරිය කුඩාඔය ප්‍රාථමිකවිදුහල,දඹුල්ල අනුරාධපුර සුචරිතගම ප්‍රාථමික විදුහල යන විදුහල් වලට මෙම පරිත්‍යාගය ලැබිණි.
මෙම විදුහල්වල සියළු සිසුන්ට හා ගුරුවරුන්ට සංකේතාත්මක තිළිණයක්
පිරිනැමීමද එම භික්ෂුණිය අතින් සිදු විය. වැලිවිටියේ සොරත හිමි,විදුහල්පති ශාන්ත කමල්,විශ්‍රාමික ආචාර්ය වරුන් වන අර්.ආර් හෙරත්, සී.සමරවික්‍රම යන මහත්වරු ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරමින් ව්‍යාපෘතියේ කටයුතු කළමණාකරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අහවල් ඇමතිතුමා මේවට විරුද්ධව කෑ ගහයිද දන්නේ නැහැ (නි)
මේක ජංගම වර්ගයේ වැසිකිලියක්ද?(ස)
වැසිකිලි, කැසිකිලි පාවිච්චි කරන ආකාරය ගැනත් ඔය එක්කම පුහුණුවක් දුන්නනම් හොඳයි. (ස)
හොද වෙලාවට ඉන්දියාවෙන් දුන්නෙ නැත්තෙ..(ස)
ඉතාමත් අගනා වැඩක්. ඒ වගේම දිනපතාම විෂබිජ නාශක දියරයක් දමා පිරිසිදු කිරීමත් අනිවාර්යෙන්ම කරන්න වේවි. (ස)
ළමයින්ට භාවිතයට ලැබෙයිද? පාසල් දියුණු කරන්නත් උදව් කරන්න.ඔබට ස්තූතියි..... (ස)
ඇත්තටම මේක හොඳ දෙයක්. මේ සමගම වැසිකිලිවලට ජල පහසු කම් තිබුන නම් ඉතාමත් හොඳයි. (ස)
හොඳ වැඩක්.පාසල් වලින් මේවා හොඳින් නඩත්තු කලයුතුයි. (ස)
හාමුදුරුවො ඉන්න තැන වැසිකිලියටවත් අඩුමගානෙ පාපිස්සක් දාගන්න ඉස්කෝලෙ ලමයි උනන්දු වුනොත් හොඳයි. නැත්නම් මෙහෙම වැහැල තියෙනවිට එක ලමයෙක් ආව ගමන් සුදු ටයිල් අල්ලපු බිම ඉවරයි.(නදී)
ජාත්‍යන්තරය අජීර්ණය වී ඇති අයට නම් මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකිය. (ස)
අවුරුදු දහස් ගානක් තිස්සේ පරදේශක්කාරයන් විසින් විනාශ කරපු ජාතිය ගොඩ ගන්න ලොව පුරා ඉන්න ජාතියක්,ජන්මයක් තියෙන හැම කෙනාම උත්සහ ගත යුතු බව මෙමගින් දෙන ආදර්ශයයි.(නදී)
මෙච්චර කල් කොහෙද මේ වගේ වැඩ කෙරුවේ. (ස)
ලුම්බිනි, ඇස් පේන්නෙත් නැත්නම් අදහස් දාන්න එපා. වැසිකිලිය උඩ ජල ටැංකිය හා වතුර බට පෙනෙනේ නැත්ද? (ස)
අර නම් සීයක් විතර තියෙන මුල්ගල අමතක වෙලාද? (ස)
මම හතර පන්තිය දක්වා ඉගන ගත්තේ මේ පාසලේ.අපට හිටියේ මුළු පාසලටම එකම ගුරුතුමයි.ඒ ගුරුතුමා විදුහල්පතිතුමා. එතුමා කොහොම හරි හැමදාම පාසල් ආවා.නැත්නම් ස්කෝලේ වහන්න වෙනවා නේ. එත් ඒ අතීතය හරිම සුන්දරයි.අපට වැසිකිලි තිබුනේ නෑ.එත් අද මම විදේශයක බැංකුවක රැකියාවක් කරනවා. අ යන්න ඉගෙනගනිපු ඒ අතීතයට හරිම ආදරෙයි. (ස)
ලාංකිකයන්ගේ පුරුද්ද තමයි වෙන දේ මොකක් වුනත් අඩුපාඩු මොනවද කියල හොයන එක .ඒවගේම එහෙම හොයන්නෙත් මෙලෝ දෙයක් නොකරන අය. (ස)
ස්විස් වැසිකිළියක් කිව්වම මම හොඳට බැලුවා. අර සාම්ප්‍රදායික වැසිකිළියමනේ අනේ. පින්සිදුවේවා ! (ස)
අගනා සේවයක්. මේක කරන්න දායක වෙච්ච සියලු දෙනාටම ගොඩක් පින්. අනිත් යටත් මේ වගේ අදහස් පහල වේවා කියල පතනවා. (අ)
මේක රටකට වස ලැජ්ජාවක්. වැසිකිළි නැති පාසල්??කොපමණ ලම්බෝගිනි,ගුවන් තොටුපලවල්,අධිවේගී පාරවල්, ලෝක කුසලාන ක්‍රිකට් වලින් වැඩක් නැත.ලැජ්ජයි...වස ලැජ්ජයි. (නි)
මේ වැඩේ අපේ දේශපාලකයෝ මුල්වෙලා කරන්න ගියා නම් මේ වැසිකිළිය හදන්න යන මුළු වියදම විතර වියදම් වේවි මුල්ගල තැබීමේ උත්සවයට. පස්සේ මුල්ගල පැලවේවි. (නි)
මහේෂ්, ඔයාගේ සුන්දර අතීතයට ස්තූතියි. හරිම සුන්දරයි. (ස)
ලංකාව දියුණුයි දියුණුයි කියනවා. පාසලකට වැසිකිළියක්වත් හදා ගන්න බැහැ ස්විස්ටර්ලන්තේ ආධාර නැතුව (නි)
අපේ අය හැදුවා නම් වැසිකිළියෙන් බාගයක් වියදම් කරාවී මුහුණත් තහඩුව ( සමරු ඵළකය) ගහන්න. අරයගෙ ආරාධනයෙන්, මෙයාගේ මග පෙන්වීමෙන් කියලා කෝටියක් ඒවා ලියලා අන්තිමට වැසිකිළියත් නැහැ (නි)
කෝකද පිරිමි? කෝකද ගැහැණු ? (නි)
පිටබැද්දර, යන්නේ කොහෙදේ, මල්ලේ පොල්. එක එක රටවලට ගියාම ඔය වගේ ඔලුව අවුල්වෙනවා. නීල් රාණා, දැන් ටිකක් හැදිලා.(නදී)
අවසර හාමුදුරුවනේ , වැඩේ නම් හොඳයි පින් සිද්ධ වෙනවා ඒත්, ඉස්කෝලෙකට වැසිකිලියක්වත් හදාගන්න බැරි තරමටම අපි පල්ලෙහාට වැටුනද කියල හිතුණා ? ශ්‍රී මහා බෝධියට තිසා වැවෙන් අඩියට අඟලේ සොලොප් එක තියල හුළං මඟින් වතුර ගෙනාව ජාතියක් , වැවේ රොන් මඩ බිසෝ කොටුවේ ඉතුරු කරන්න පුළුවන් විදියේ තාක්ෂණයක් හදපු ජාතියක් ( සුද්දෝ අදත් පුදුම වෙනවා) සීගිරි පර්වතයේ මුදුනට ජලය ගෙනියපු අදටත් හිතාගන්න බැරි විශ්ව කර්ම කරපු ජාතියක් ,රුවන්වැලි සෑරදුන්ට අකුණුසර වදිනවට චුඩා මානික්‍ය හදපු ඉංජිනේරුවෝ හිටපු ජාතියක් නේද මේ අද අසරණ වෙලා තියෙන්නේ , අනේ තරහ අවසර අපේ හාමුදුරුවනේ.... (ස)
කරපු ක්‍රියාව අගය කරමි! එහෙත් මෙහි අනුග්‍රහාහ නම සටහන් කරලා තියෙන ආකාරය ඉතාම අශෝබනයි! ඒක අපේ රටේ පොදු වැසිකිළියක බිත්තියක් වගෙයි. ටිකක් කුඩාවට ක්‍රමානුකූලව මෙය සවිකිරීම හෝ ලිවීම කළා නම් වැඩේ තවත් ලස්සනයි (නි)
මේ වැසිකිලි ගුරු මණ්ඩලයට සීමා වේවි. සිසුන්ට පුරුදු පරිදි කැලේට යන්න වේවි. දැන් මේ කොමෙන්ට් එක දැකල ගුරු සංගම් යකා නටයිද දන්නේ නෑ.(නදී)
අර පානදුරේ ඉදලා දෙහිවල හරියට එනකන් වැසිකිළි ටිකක් හදා දෙන්න බැරිද? මොකද උදේට දුම්රියේ යන මිනිස්සුන්ට පසුපස පෙන්නගෙන සුන්දර වෙරල තීරය වැසිකිළි විදිහට භාවිතා කරන එක නවත්තා ගන්න අවහ්‍යයි.හරිම අසෝභන දසුනක් මේක. විදේශිකයන්ට පවා මේ වැඩේ පේනවා. ආස්චර්ය කියලා දැගලුවට වැඩක් නැහැ මේවගේ අසෝබන දේවල් එක්ක (නි)
"ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අපේ මිනිස්සුන්ව වැසිකිළි අරින්න හදනවා" කියලා දැන් සමහරු කියයිද දන්නේ නැහැ. (නි)
මට අදහන්න බැ මෙතන ලියන සමහරු නිකන් දීපු අස්සයගේ, දත් බලන හැටි.ගුණමකුකම.(නදී)
අපේ දේශපාලකයින්ට ලජ්ජා හිතෙන්න ඇති (නි)