පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළු තිදෙනකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
(ඡායාරූප එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන)
(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නැහැදිච්ච රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලෙටම තහනම් කරන්න ඕනා. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ එහෙම කරානම් අනිත් අයියලා ටිකත් හැදේවි.(නදී)
තර්ක වැඩක් නෑ අහිංසක මිනිස් ජීවිතයි වැදගත් වෙන්නේ. මේ නැති වෙච්ච ජීවිත වලට වග කියන්නේ කවුද? ප්‍රයිවට් බස් රියදුරාද ? ප්‍රයිවට් බස් අයිතිකාරයාද ?(දිල්)
කාර් කාරය ගහන බ්‍රේක් එකට බස් කාරයට කොන්ට්‍රොල් නෑතුව යනවා, බස් කාරයත් එන්නෙ වේගෙන් (අ)
පොලිසියෙන් පගාව ගන්න නිසා බස් රියදුරන් මාර්ග නීති ගණන් ගන්නේ නැහැ. පොලිසිය කිසිම දඩයක් ගහන්නේ නැහැ. අපි පාරේ යනකොට පේනවනේ මොකද වෙන්නේ කියලා. සමහර පොලිසියේ මහත්තුරු පොන්ු එක කනේ ගහගෙන කතාකරකර ඉන්නවා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසයි මෙහෙම වෙන්නේ.(නදී)
ප්‍රයිවට් බස් එක වැරදි පැත්තේ ඇවිත් ලංගම බස් එකේ මුහුණට මුහුණ ගැටිලා තියෙන්නේ. එතන තිබුණු සීසීටීවී පද්දතියක සියල්ල සටහන් වෙලා.(නදී)
මේ බස් දෙකීම නන්ස් ටොප් දාගෙන යන්න ඇති .මේවගේ සින්දු මේවට මුල. දන්නවද සුක්කානම අතේ තියන් ඉන්න අපේ රියදුරු මහත්තයලා මේ සින්දුවලට සිට් එක උඩ නට නට යන්නේ. තව යනගමන් පම්පරා බාබුල් කාල රත්වෙලා යන්නේ. ඉතින් හැප්පෙනකන් දන්නෙම නැහැ. මන් මේවගේ දෙයක් වෙනකන් බලන් හිටියේ මේ ටික කියන්න. ආදරණිය මාද්‍ය හිමි කරුවනි, අපිට අපීම කියල හොද ගී සාහිත්‍යක් තියනවා .අවර ගනයේ ගී ප්‍රචාරය කරන්න එපා. ඒවා තාරුණ්‍ය ඉල්ලුම උනාට අපි බලෙන් හරි සැපුයුම නවත්තමු. මේ අනතුරට හේතුව සින්දු. අමරදේව කපුගේ නන්දාමාලනි ලා වගේ අයගේ සින්දු මනස නිරවුල් කරනවා. දැන් තියන සින්දු කකුල්දෙකටයි කියන්නේ මාද්‍ය වාරණයක් අවශ්‍යයි. විද්වත් කමිටුවක් හදලා ඒකේ අනුමැතිය මත ඕනා සිංදු ප්‍රචාරය කරන්න. ඒකත් ප්‍රවීණයෝ වෙන්න ඕනා.(නදී)
මාත් අකමැතියි. ඒත් මොනවා කරන්නද? රට යන විදියට අහිංසක අපට යන්න වෙනවා.(නදී)
පුද්ගලික බස් රථ රියදුරා තමයි සම්පුර්ණ වැරැද්ද (දිල්)
බස් රථ රියදුරන් ගැන කතා කරන්න දෙයක් නැහැ කිසි පරිස්සමක් නැහැ. මිට වඩා මිනිස් ජිවිත ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ.(නදී)
ලංකාවේ ගොඩක් රියදුරෝ කිසිම මාර්ග නීතියක් දන්නේ නැහැ. හරියට ඉන්නේ යකදුරෝ. දැන්වත් මාර්ග නීති අනුගමනය කරන විනීත රියදුරෝ රටට අවශ්‍යයි.(නදී)
අබ්දුල් ඇයි බයයිද ඒ සංවිධානවලට. රටට ආදරෙයි නම් කිසිදාක බය වෙන්න එපා.(නදී)
මේ බස් වලට කිසිම නීතියක් නෑ හොයන්න කෙනෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ . කන් පැලෙන්න සින්දුත් දාගෙන යන මේ මග මරුවන්ට නීතිය කෝ . මේවා හොයන්න ආණ්ඩුවට උවමනාවක් නෑ . සරත් ෆොන්සේකාගේ ශබ්ද වාහිනිය ගැන නම් හොයන්න ඕන තරම් අය ඉන්නවා (අ)
පුදුම බස්කාරයෝ. පාගනවා ලෑල්ලලට තියලා.(නදී)
විශේෂයෙන් පුද්ගලික බස් වල රියදුරු මහත්වරු මාර්ග නීති එයාලට අදාල නැහැ වගේ එලවන්නේ. කහ ඉරි වේග සීමා තනි ඉර මේවා අදාල වෙන්නේ සාමාන්‍ය වාහනයක යන අයට විතරද. ඇමතිලගේ බස් වල රියදුරන් ලියන්නෙත් නැහැ. හැම තිස්සේම අපි පාරේ යන්නේ දඩ වලට බයේ. ජනදිපතිතුමනි මාර්ග නීති පොදු මහජනතාවටම එක ලෙස බලපැවැත්වෙන සාදාරන විදියට ක්‍රියාත්මක කරවන්න.(නදී)
පුද්ගලික බස් ජනසතු කරනු.(නදී)
මේව ඉතින් බස් රියදුරන්ගේ වැරදි තමයි.(නදී)
රුපියල් 200ක් අරගෙන අහක බලන් ඉන්න සමහර පොලිසියේ මහත්තරු මේවට වග කියන්න ඕනා. දැන් බස් කාරයෝ එහෙම අය දැක්කම කියන්නේ 200 කැලි කියලා.(නදී)
පොලීසිය වැරදි කරන රියදුරන්ගෙන් පගාව ගන්නවා. උසාවි ගියාම සල්ලි වලට කෙස් පැලෙන තර්ක දාල රියදුරු බලපත්‍රයත් අරන් ගෙදර ඇවිත් පහුවෙනිදට ආයෙමත් පරන විදිහටම අහිංසක ජනතාව යටකරලා මරණ එක තමයි කරන්නෙ. ලයිසන් එකත් එක්ක කොලයක් දෙනවනෙ කරන වැරදි ලියන්න. කෝ ඒක ? මේ ලිහිල නිසා තමයි බය නැතුව මාර්ග නීති කඩ කරන්නෙ.(නදී)
මොනතරම් ප්‍රවේසමෙන් ගියත් අනතුරු වෙන අවස්ථා තියෙනවා. නමුත් ප්‍රවේසම් වන තරමට අනතුරු වෙන්න තියෙන අවදානම් අවම වෙනවා. මේ රියදුරන් දෙන්නටම කාවවත් මරන්න අවශ්‍ය නැහැ. ඒ රියදුරනුත් මනුස්සයන් ඒ අයටත් අඹුදරුවෝ ඇති.(නදී)
බස්වල යනකොට අපිට පේනව රියදුරන්ගෙ වැරදි. ඒක නිසා සිවිල් ඇදුමින් පොලිස් නිලධාරීන් බස්වල යවන්න ඕනැ.(දිල්)
ඔය පුද්ගලික බස් රියදුරෝතමයි අහිංසක මිනිස්සු මරන්නේ.(නදී)
නිතිය පිළිපදින්නේ නැති රටක් අපේ රටේ ජනතව ගොඩක් කණගාටු වෙනවා අහිංසක මිනිස්සූ ගැන.(නදී)
මේ ගොල්ලෝ කොහොමත් රේස් තමයි යන්නේ (අ)
බොරුවට කෑ ගහන ගෑමුණු මේවට කතා නැහැ.(නදී)
අපේ ලංකාවේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි කිසිම නීතියක් නැතිකම ,මිනිස්සු පිස්සෝ වගේ පාරේ එලවන්නේ , පොලිසිය අල්ලන්නේ පොඩි මිනිස්සු විතරයි බස් කාරයෝ ඇල්ලුවට උන් පගාවක් එහෙම නැති නම් දේශපාලනයෙන් ගැලවිලා යනවා , ලොකුම හොරු ටික ලොකු තැන්වල ඉන්න කල් අපේ රට කවදාවත් හදන්න බෑ.(අ)
දුක හිතෙනවා දෑක්කම පව් ජිවිත.(නදී)
බොරුවට පොලිසියටම බැනල වැඩක් නැ. මම මේ ඇස් දෙකෙන්ම කීප වාරයක්ම දැකල තියනවා විරුද්ධ පැත්තෙන් එන වාහනකාරයා ඉදිරි පස ව්දුලි පහන් දල්වල වේගයෙන් යන වාහනයට සඥාවක් දෙනවා. එතකොටම වේගය අඩු කරනවා .මීටර් 100,200ක් ගියාම පොලිසියෙන් එතකොට හෙමින් යනවා. පොලිසියෙන් පහු උනාම ආයෙත් වේගයෙන් යනවා .රිය අනතුරු වලට රියදුරන් කරන මේ වගේ වැරදි ගොඩාක් බලපානවා .(නදී)
මේ යකඩ කදන් මෙහෙම චප්ප වෙන්න නොහෙම යන්න ඇද්ද කියලා හිතා ගන්න පුලුවන්.(නදී)
වේගෙන් යන්නත් ඕනි ඒත් ඉවසීම තියෙන්නත් ඕනා.(නදී)
අහිංසක මිනසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ අයගේ රියදුරු බලපත් අවලංගු කළ යුතුයි.(නදී)
ලංකාවේ රිය අනතුරු අපරාධයක් නෙවෙයි. එක නිසා මිනිහෙක් මැරුණත් බේරෙන්න පුළුවන්. එත් දියුණු රටවල් වල රිය අනතුරු අපරාධයක් විදියට තමයි සලකන්නේ. එක නිසා ඒ රටවල රියදුරන් හරිම ප්‍රවේසම්.(අ)
මම මේක කියන්නේ බස් රියදුරන්ට සුදු හුණු ගාන්න නෙමෙයි. මේවා තමයි අපේ අයට නොපෙනෙන ඇත්ත. උඩ කොමෙන්ට් දාපු මහත්වරු බස්වල ගිහින් තියනවාද කියලා මට සැකයි. හොදයි මෙහෙම ගන්නකෝ. ඔයාලා දුර ගමනක් යන්න බස් එකට නගිනවා. ඔයා යන බස් එක බොහොම ප්‍රවේසමින් රියදුරා පදවනවා. සාමාන්‍ය වේගයෙන්. හැබැයි ඔයා වෙනදා පැය 6න් න ගමනට පැය 7ක් වගේ යනවා. ඒකට ඔයාට තරහා යන්නේ නැද්ද? තරහා ගිහින් බනින්නේ නැද්ද රියදුරුගේ පරම්පරාවම මතක් කරලා? අන්න ඒ දේ වෙන නිසා තමයි රියදුරන් නියමිත වෙලාවට කලින් ධාවනය කරන්න වේගය වැඩි කරන්නේ. හරි දැන් දෙවනි කාරණාව. මේවා ඔක්කොම දුර ගමන් යන බස්. කොලඔ නුවර පාරෙන් විශාල දුර ගමනාන්ත බස් රථ ප්‍රමාණයක් ධාවනය වෙනවා. බස් දුවන්නේ වතුරෙන් නෙමෙයි. තෙල් වලින්. උන් ට්‍රිප් එක යන්න කලින් ලොකු ගානක් වියදම් කරලා තෙල් ගහනවා. එහෙම යන බස් එකක් තව බස් එකක් ඉස්සර කරොත් අර කලින් බස් රථයට පාඩු පිට පාඩුයි නේද? අන්න ඒකත් එක කාරණාවක්. අනෙක් කාරණාව උන්ගේ රස්සාව බේර ගන්න අයිතිකාරයා දෙන ටාගට් වලට උන් සල්ලි හොයන්න ඕනි. ඔය කාරණා නිසා තමයි බස් රේස් යන්නේ. ලංගම නම් රේස් යන්නේ ප්‍රයිවෙට් උන්ට වැඩ පෙන්නන්න. ඒකනේ ලංගම හැමදාම කොට උඩ. මේ අනතුරේ විඩියෝව බලනකොට පෙන්නේ ප්‍රයිවෙට් බස් එක වෑන් එකක් ඉස්සර කරන්න යනකොට ප්‍රයිවෙට් බස් එකේ රියදුරුගේ අතින් ටිකක් වැඩිපුර කැපිලා ඉස්සරහින් ආපු ලංගම බස් එකක වැදුනා. සමහර විට ප්‍රයිවෙට් බස්එක ඉස්සර කරන්න ගියපු වෑන් එක පාරට කපපු නිසා ප්‍රයිවෙට් බස් එක එහාට කපපු නිසාත් මේ අනතුර වෙලා තියෙන්න පුලුවන්. (නදී)
මෙයාලා බස් එලවලා තියෙන්නේ නිදාගෙනද? හරියට දඩුවමක් දුන්න නම් ඩ්‍රයිවර්ලා මිට වැඩිය පරිස්සම් වෙයි. එයාලා උනත් දන්නවා බස් එකේ ඔක්කෝම මිනිස්සු මැරුනත් නිදහස් වෙන්න පුළුවන් කියලා. (අ)
පිටරට රේස් යන්නෙ ලැම්බෝගිනි ඒත් අපේ රටේ බස් (අ)
ගරු පොලිස්පතිතුමනි, නොසැලකිලිමත් රියදුරන්ට උපරිම දඩුවම් දෙන්න.(නදී)
සසිත යොජානා කරන දෙය ඉතාමත් කාලෝචිතයි. ලංකාව පුරාම දුවන මගී ප්‍රවාහන රථවල දුම්බීම තහනම් කලාවගේ කාසි කබල් බයිලා-සින්දු තියා මොනම සින්දුවක් වත් වාදනය කිරීම තහනම් කරන්න ඕනේ. (නදී)
අනේ ඔයාල ලයිසන් ගත්තේ කාගෙන්ද? (නදී)
කාගෙද වැරැද්ද? බස් රියදුරන්ට කිසිම නිතියක් නැහැ. අපරාදේ ජීවිත ටික.(නදී)
රියදුරන්ගේ නොසැලකිල්ල කවදා නතර වෙයිද? (නදී)
සුක්කානම අතට අහු වුණා ම සියල්ල ම හරි කියලා හිතන, ෆෝන් එක කනේ ගහගෙන, කසිකබල් සින්දු අහමින් යන මගමරුවන් නිසා ජනතාවට සිදු වී ඇත්තේ මහමග දිවි පුදන්නටයි. මොවුන්ට නීතිය තදින් ම ක්‍රියාත්මක විය යුතුයි. (නදී)
ලංගම ටිකට් ප්‍රයිවට් කාරයන්ටත් දීල ඒකෙන් කොමිස් එකක් මේ ගොල්ලන්ට දුන්නා නම් මේ මිනීමරු රේස් නිකන්ම නවතයි. මුලදී මේක ක්‍රියාත්මක කරන්න දෙන එකක් නැහැ. අමාරුවෙන් හරි කලොත් රටේ ජනතාවට නිදහසේ පාරේ යන්න පුළුවන්.(නදී)
ඉරිදා වයඹ පළාතේ කොස්වාඩිය කියන ප්‍රදේශයේ රජයේ කැබ් රියකට යට වෙලා මගේ බොහොම හිතවත් මාමා කෙනෙකු නැති වුනා. මෙය සිදුවුනේ කහ ඉර මාරු වෙනකොට පොලිසියේ සඳහන් වෙනවා අදික වේගය අනතුරට හේතුව කියලා. සඳුදා මම කොළඹ ඉඳල හලාවත ඒ.සී බසයකින් එනකොට එම බසයට තරග කරමින් ඉදිරියට වේගයෙන් ඇදුනු අනෙක් ඒ.සී බසය වෙන්නප්පුව ජෝසෙප් වාස් පාසල ඉදිරිපිට වයස අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් ඉතාමත් ඉක්මනින් බස්වා ගිය බසයට පසුකර යාමට ඉඩ නොදී ඉදරියට යාමට උත්සහ කිරීමෙන් එම මගියා එම බසයේම බිම වැටි එම බසයේම පිටුපස රෝදයට ඒ අහිංසක මවගේ කකුල් යට වුනා. මේ දේවල් පත්තරයේ පල වුනේ නැහැ නමුත් මෙව්වා මගේ ඇස දෙකෙන් දැකපුවා. මේ වාහන දෙකම රජයේ අනුදැනුම යටතේ රජයේ නීති වලට යටත්ව මාර්ගයේ දිවෙන ඒවා ඇයි රජය විසින් හික්මවීමක් නැති රියදුරන්ට මගී ප්‍රවාහනයට ඉඩ දෙන්නේ? ඇයි රජය මේවට විදිමත් සැලසුම් යොදන්නේ නැත්තේ? මේ දේ වලින් වෙන්නේ අපේ රටේ අහිංසක ජීවිත නැති වෙන එක නේද? :'(නදී)
කතා කරලා වැඩක් නැහැ.(නදී)
දැන් දිනපතා වෙන අනතුරු සහ මරණ වසරකට කීයක්ද? මොනදේ කලත් මේ මැරයන්ට දඩුවම් නැහැ. වගතිවයුත්තන් පගාව ගන්නවා. මොනම වරද මුන් කලත් හැමදාම යනවා අහිංසක ජනතාව මැරෙනවා කෝ මේ හෙළ උරුමය රාවනා? ඇයි මේවට කතා කරන්න බයද ?(නදී)
ඔය කවුරුත් කතා කරන්නෙ වැරදුනාම . මගි රත හෙමින් ගියත් හයියෙන් ගියත් වැරදියි. හරි කවුද කියලා හිතලා බලන්න තමන්ගෙ හදවතින් අහන්න.(නදී)
දෙන්නෙක්ගේ නොසැල කිල්ලෙන් කි දෙනෙක් අමාරුවේ වැටිලද ඉන්නේ? (නදී)
උත්පලා ප්‍රයිවට් බස් එක පාර එහා පැත්තතේ තියෙන්නේ මෙතන කොහේද සීසීටීවී.(නදී)
අබ්දුල් දැන් ඒ සංවිධානයද මේවටත් කතා කරන්න ඕනා.(නදී)
අනේ මෙහෙමත් රියදුරෝ අහක බලාගෙනද යන්නේ පාර ඉඩ මදි නම් අයින් කරගන්න.(නදී)
අහිංසක මිනිසුන් ගැන දුකයි. ලංගම බසය දුටුවම මේවා මහ ජනතාවගේ සල්ලි නේද කියලත් හිතෙනවා.(නදී)
අනේ රාළහාමි එතන ලග ගෙදරක කැමරා එකක්. ප්‍රයිවෙට් බස් සී.ටී.බි කියලා වෙනසක් නැහැ දුර ගමන් වලදී අගේ ලේ වතුර වෙනවා වාහන එළවන හැටියට.(නදී)
මේ අනතුරුවල සම්පුර්ණ වගකීම පොලිසිය බාරගන්න ඕන. කර කරයෙක්ගේ අතින් යන්තම් ඉරක් කැපුනොත් දඩ ගහනවා. . (දී)
දවසක් මම මගේ වාහනේ නුවරපාරේ යනකොට බස් දෙකක් රේස් යනවා. තව පොඩ්ඩෙන් මගේ වහනේත්හැපෙනවා. මම ඉස්සරහ හිටපු රාළහාමි කෙනෙකුට විස්තරේ කිව්වා. එයා ඉස්සරහම් එයාට පෙනිපෙනිත් ඒ බස් දෙක රේස් ගියා. මොකක්ද දන්නවද එයාගේ උත්තරේ? "මහත්තය ඉස්සරහ ට්‍රැෆික් ලයිට් ලග ඉන්න රාළහාමිට කියන්න"... කියල කිව්වා. (දී)
මනෝජ්-සාජා 2014-01-18 20:15:38 බොරුවට පොලිසියටම බැනල වැඩක් නැ.... මොකද නැත්තේ. පොලිසිය පගාව අරන් වැරදි කරන්න දෙනකොට ඒ මිනිස්සු ලොකු වෙනවා (දී)
මේ පාරේ යන බස් ගැනනම් කියලා වැඩක් නැහැ, කන බිහිරි වෙන තරමට සින්දු, සීමාව ඉක්ම වූ වේගය, මගියෙක් බහිනකන් ඉවසුමක් නැහැ. මේවාට නම් දඩුවම් කරන්න ඕනේ.(අ)
හික්මීමක් නැති රියදුරන් බොහොමයක් සිටින මාර්ගයක්. එය අත්දැකීමෙන් දනී. (අ)
සියළු සත්තවයෝ නිදුක් වෙත්වා.(නදී)
මේ ප්‍රයිවට් බස් සියලිල ජනසතු කල යුතුයි.(නදී)