IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැසිපන්දුව කිලිනොච්චි යයි

අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ උතුරු පළාතේ පාසල් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට පැසිපන්දු කී‍්‍රඩාව හදුන්වාදීම අරමුණු කරගෙන හම්බන්තොට කී‍්‍රඩා සමාජය විසින් පවත්වනු ලබන ‘බ්ලූස් කෙයාර්’ වැඩසටහනේ තෙවැනි අදියර පසුගිය සෙනසුරාදා (4 වැනිදා) කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණ.

මෙම පුහුණු වැඩමුළුව සඳහා යාපනය සහ කිලිනොච්චිය යන ප‍්‍රදේශ නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 20 ක් සහ යුද හමුදා කණ්ඩායම් 2 ක් සහභාගී වූහ.

ශී‍්‍ර ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් වන ප‍්‍රසන්න ජයසිංහ සහ හර්ෂ ප‍්‍රනාන්දු යන මහත්වරුන් විසින් වැඩමුළුව මෙහෙයවන ලද අතර ඔවුන්ගේ සහයට හම්බන්තොට කී‍්‍රඩා සමාජ කණ්ඩායම නියෝජනය කරන දිවයනේ ප‍්‍රධාන පෙලේ පැසිපන්දු කී‍්‍රඩකයෝද පැමිණ සිටියහ.

වැඩමුළුව අවසානයේ පැසිපන්දු කී‍්‍රඩාව හා සම්බන්ධ විවිධ තරග ඉසව් කිහිපයක් පවත්වා සුවිශේෂී දක්ෂතා ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගත් අතර වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතා ලෙස පැමිණි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා විසින් එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනමන ලදි.

යාපනය වෙම්බඩි බාලිකා විදුහලේ එම්. පි‍්‍රයන්ති, යාපනය රාමනාදන් විදුහලේ ඩබ්. ඓශ්වර්්‍යා සහ අයි. කුනතීපා, යාපනය හින්දු විදුහලේ එස්. නිශාන්තන්, මල්ලවි මධ්‍ය විදුහලේ වී. ලෝජිතන් එලෙස තේරී පත්වූ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වෙති.

යාපනය දිස්තික්කය නියෝජනය කරමින් හින්දු විදුහල (පිරිමි), හින්දු විදුහල (කාන්තා), වෙම්බඩි බාලිකා විදුහල, රාමනාදන් බාලිකා විදුහල, ඒන්ජල් අන්තර් ජාතික විදුහල, යාපනය මධ්‍ය මහා විදුහල, ශාන්ත පැට්‍්‍රක් විදුහල, යාපනය විදුහල යන පාසල් මෙම වැඩමුළුවට පැමිණ සිටිහය.

කිලිනොච්චි හින්දු විදුහල, කිලිනොච්චි මධ්‍ය මහා විදුහල, කිලිනොච්චි මහා විදුහල, ශාන්ත තේරේසා බාලිකා විදුහල, වඞ්ඩක්කච්චි මහා විදුහල, මාන්කුලම් මහා විදුහල, ශී‍්‍ර විග්නේෂ්වරම් මහා විදුහල, පුදුමුරිප්පු විග්නේෂ්වරම් විදුහල, පූනරින් මහ විදුහල, මල්ලවී මහ විදුහල, යෝගාපුරම් මහ විදුහල මේ සඳහා සහභාගී වූ අනිකුත් පාසල් වෙති.

යුද හමුදාව නියෝජනය කරමින් කාලතුවක්කු බලකා කණ්ඩායම සහ ගැමුණු හේවා බලකා කණ්ඩායමද වැඩමුළුවට සහභාගීවූහ.

ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාාත්‍ය තිස්ස කරලියද්ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි, මේජර් ජෙනරාල් උදය පෙරේරා, බි‍්‍රගේඩියර් ගලගමගේ සහ පැසිපන්දු සංගමයේ ජේෂ්ඨ උප සභාපති රනිල් ෆ‍්‍රැන්සිස්කෝ යන මහත්වරු විසින්  වැඩමුළුවට සහභාගීවූ පාසල් වලට පැසිපන්දු කී‍්‍රඩා භාණ්ඩ සහ නිල ඇදුම් බෙදා දෙන ලදි.

ඡායාරූප - ශානුක අරවින්ද



අදහස් (0)

පැසිපන්දුව කිලිනොච්චි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site