ඩුබායි රැකියාවකට යෑම සඳහා විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පුංචි බොරැල්ලේ ආගමන විගමන කන්තෝරුවට ආ කතකගේ අත් බෑගය වැසිකිළියේ හුළං කවුළුවෙන් අත දමා සොරාගෙන ඇතැයි මරදාන පොලිසිය කියයි.
රන්මාල ඇතුළු අබරණ ද රුපියල් 15000ක් ද අත් බෑගයේ තිබූ බවත් සුළං කවුළුව උඩ තබා තිබූ බෑගය සොරාගෙන ඇති බව පෙනෙන බවත් සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශන ඒ බව තහවුරු කරන බවත් පොලිසිය පවසයි. නැතිවූ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිලි ඇතුලෙත් සි.සි.ටි.වී කැමරා තියනවද? (බ)
ලක්ෂ 10 රත්තරන් දාගෙන පාරෙ යන්නෙ මේක ලංකාව නෙවේ කියල හිතාගෙනද දන්නෙ නැහැ. (බ)
ඔයින් ගියා වෙන දෙයක් අහු වෙන්න නැතුව ඇති (බ)
ඔය පාස්පෝර්ට් කන්තෝරුවේ වැසිකිළියට තියා එතන පාරේ යන්නත් මට නම් බය හිතෙනවා අපේ රට වුණත් (නි)