ඉතාලි පාදෝවා නුවර ශ්‍රී ලාංකිකයෝ සක්ක‍්‍රෆැමිලියා දේවස්ථාන ශාලාවේ දී පසුගියදා පොසොන් උත්සවයක් පැවැත්වූහ. මේ සඳහා වෙරෝනා හා විචෙන්සා නගරවල ශ්‍රී ලාංකිකයෝ ද එක්වූහ. වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද, මෙස්සිනා බෞද්ධ විහාරාධිපති විලච්චියේ ධම්මවිජය හා බ්‍රෙශියා විහාරාධිපති වතෝගල ධම්මික හිමිවරු ආගමික වතාවත් පැවැත්වූහ. මේ අතර 30 වන සෙනසුරාදා සවස හතට බ්‍රෙෂියා නගරයේ දී සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කොට ඇති බවත් නොමිලේ පවත්වන එම ප‍්‍රසංගයෙන් ලැබෙන සියලූ ආධාර බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථානයේ නඩත්තුවට යොදවන බවත් වතෝගල ධම්මික හිමියෝ කියති.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි. ජාතීන් අතර සාමය (දී)
අයියෝ සල්ලි
නියම වැඩක් (දී)
වෙන්නප්පුවේ අය ගාවා ගන්නේ නැතුව ඉන්න. (නි)
ජීවක ඔබ හරි..!!(නු)
ප්‍රියන්ත, මෝඩයෙක් වෙන්න හදන්න එපා. (නි)
වැඩේ නම් නියමයි. හැබැයි මේ මුවාවෙන් බුද්ධාගමට අකටයුතුකම් නම් කරන්න එපා. (නි)
කවුරු මොනවා කිව්වත් මේ ඇත්තම කිතුනුවෝ......(ස)
ආඩවනේ. නල්ලම් නල්ලම්. (නි)
අහන්නත් සතුටුයි. ජාතීන් අතර සාමය මෙහෙම වුණොත් නම් හොදයි.(ත)
ගොඩක් හොඳයි...භාවනා කරන්න..එතකොට සැනසීමක් ලැබේවි...(ස)
සුනඛයෝ ඉතින් කොයි දේටත් බුරනවා තමයි.....(ස)
මේවා එච්චර හොද දේවල් නෙමෙයි. මතකනේ සෝම හාමුදුරුවන්ට වුණු දේ? (නි)
වැඩේ නරකම නැහැ. කුමන්ත්‍රණයක්ද කියන්නත් බැහැ. මොක වුණත් අපි ඕවට රැවටෙන්න හොඳ නැහැ.
දන්නවද සිංහල ජාතියට ඉතිරි වෙලා තියෙන්නේ මේ ලංකාව විතරයි (දී)
මේක ගැන නම් ටිකක් ගැඹුරින් හොයලා බලන්න වෙනවා. (නි)
...ඉතාලිය කතෝලිකයින්ගෙන් පිරුණු රටක් වුවද කවදාවත් කතෝලික ලේබලය ගහගෙන නැහැ,නමුත් ලංකාව හැමදාම බෞද්ධ ලේබලය ගහගත්තු ගමන්මයි.අපි මේවා වෙනස්කර ගත යුතුයි.ආගම් භේද වලට මුල ඔය ලේබලයයි....ඉතාලිය ආදර්ශයට ගනිමු.
අපිට ගොඩක් තොරතුරු මේ හරහා දැක ගන්න පුළුවන් වුණා. සතුටුයි.
පල්ලිය තුල බුදුන් වහන්සේ දකින අදහන බෞද්ධයෙකු තුලින් හා පන්සලක් තුල හෝ බෝධිය අබියස ක්‍රිස්තුන් වහන්සේව මෙනෙහි කරන කිතුනුවෙකු තුලින් මා නම් දකින්නේ සැබෑ සංවේදී මනුෂ්‍යත්වය පමණයි. කම්පා විය යුත්තේ කිසිදු ආගමක් නොමැති අය පිළිබඳව පමනයි.
මේක සිංහල බෞද්ධයින් මුලා කරන්න හදන තවත් ජාත්‍යන්තර ගේම් එකක්
සිංහල ජාතිවාදින්ට හොද ආදර්ශයක්
අවංකව කලත් සමහර අන්තවාදීන්ට පෙන්නේ කණපිට
මොනව හරි හොද වැඩක් කරපුවම එකට මොනව හරි කියන්ඩ කට්ටියත් ඉන්න එපායැ නේද
වැඩේ නම් හොදයි.නමුත් දැන් වෙන දේවල් දැක්කම මේවා 100%ක් විශ්වාස කරන්න හොද නෑ.කෝකටත් කල්පනාවෙන් ඉන්න එක හොදා
මේක ආගමික සුහදතාවයට හොද උදාහරණයක්
පිං .. හැබැයි මේක කුමන්තුණයක්ද දන්නෙ නැහැ....