IMG-LOGO

පස්දෙනාම සූරයෝ

2016-10-20-ent-06දියවන්නා කවුන්සිලේ අධීක්ෂණ සයිස් මන්තිරිවරැන්ට වාහනයක් කුලියට ගන්න පහුගිය කාලෙ මාසෙකට ලස්ස දෙක බැගින් ආණ්ඩුවෙන් දුන්න කියමුකො... ඒ මුදල ලබාදීමට එක කොන්දේසියක් පනවලත් තිබුණා. ඒ අනුව කිසිම අමාත්‍යංශයකින් තමන්ට වාහනයක් නොලැබුණ මන්තිරිවරැන්ටයි මේ ලස්ස දෙක මාසිකව දුන්නෙ...

ඒත් අමාත්‍යංශවලින් වාහනත් අරන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් මාසෙකට ලස්ස දෙක බැගිනුත් ගන්න පස්දෙනෙක් කරපු ජරමරයක් ගැන දියවන්නා කවුන්සිලේ ලොකු හා හූවක් යනවා...

මේ පස්දෙනා මේ විදිහට සල්ලිත් අරන් වාහනත් ගත්ත කියන ආරංචිය ආණ්ඩුවෙ ඉහළ තැන්වලට ලැබුණෙ පහුගිය දවසෙලු... ඊටපස්සෙ වහාම ලස්ස දෙක ගෙවීම නතර කරන්න නියෝග ලැබිල. තමන්ට මාසිකව ලැබුණ මුදල නොලැබීම නිසා පරලවුණ මන්ත්‍රී මහත්තුරැ පස්දෙනා ඒකට හේතුව දැනගන්න පාර්ලිමේන්තු අමාත්‍යංශයට එකපාරටම කඩා පාත්වෙලා ලොකු ඝෝෂාවක් කළාලු... ඒ ඝෝෂාවට සවන් දීපු අමාත්‍යංශයෙ ලොක්කො මෙයාල සල්ලිත් අරන් වාහනත් ගත්ත කතාව ගැන ලැබුණ පැමිණිලිත් නියෝගත් කියල දුන්නලු...

දෙකෙන් එකක් අතෑරල ආවොත් ප්‍රශ්නය විසඳන්නම් කියලත් කීවලු...

මේ මන්තිරි ගොල්ල කටින් ගහල සල්ලි වාහනයි අත්පත් කරගන්න ගහපු ගේමට ඒ හින්ද ලොකු පොල්ලක් වැටිලලු... 

මේ කතාව ආණ්ඩුවෙ ඉහළම කස්ටියත් දන්නව කියලයි ආරංචි...

දැන් හැමෝම බලන්නෙ කව්ද මේ ජරමරේ කරපු පස්දෙනා කියලයි...

මෙයින් එක්කෙනෙක් දොම්පෙට යන පාර දන්න කෙනෙක්ලු: ඊළඟට හාමි.. කෙනෙකුයි රත්න කෙනෙකුයි ඉන්නව. බූරැවන් ගැන ප්‍රසිද්ධ දිස්තිරික්කෙ කේතලෙන් මල්ලක් ගේන පැත්තෙ ජ්‍යෙෂ්ඨ මන්තිරි කෙනෙක්ලු අනික. බදුලු බණ්ඩාරවෙල පැත්තෙ මහත්තයෙකුත් මේ පස්දෙනා අතරේ ඉන්නවා කියනවා...

මුන්නැහේල පස්දෙනාම අලිපාටියෙ කියලත් තතු දත් අය දන්නවා...

 

DESHAYA



අදහස් (0)

පස්දෙනාම සූරයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site