බලන්ගොඩ දෙහිගස්තලාවේ පුස්තකාලාධිපතිනියකගේ (54) පාදයක් විලුඹ අසලින් කපා වෙන්කර එම කොටස රැගෙන ගිය ඇගේ සහෝදරයකු හා ඔහුගේ පුතකු අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
රැකියාවට ගොස් එද්දී වෙළඳසලක් ඉදිරිපිටදී ඇගේ කකුල කපා වෙන්කර ඇතැයිද ඇය බලන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
කපා දැමූ පාද කොටස රැගෙන ආවේ නම් එය බද්ධ කළ හැකිව තිබූ බව රෝහලේදී ඥාතීන්ට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මේ ආණ්ඩුව කාලෙ රටේ ගුණධර්ම බල්ලට ගිහිල්ල තියෙන හැටි. මොකද හේතුව මුන්ගේ ආණ්ඩුව වැරදි කාරයෝ දේශපාල බලය යොදල නිදහස් කරගන්න හින්ද මිනිස්සු කිසිම දෙයෙක් කරන්ඩ බය නැහැ.(බ)
මිනී මස් කන කැනටත් එයි ලංකාව ළඟදීම; එච්චරට ලංකාවේ මිනිස්සුන්ගේ සිත්වල කාමය, වෛරය හා පළි ගැනීම දරුනුවෙලා (බ).
ලංකාවෙන් කොටසක් හැර සියල්ලම අන් රට වල සරණාගත භාවය ඉල්ලන්නයි දැන් වෙලා තියෙන්නේ. (අ)
හිතේ වේගය මට මොකුත්ම ලියාගන්න බැහැ, මටනම් කියන්න තියෙන්නේ "නොදකින් ලංකාවේ මිනිස්සු" කියල විතරයි ! (බ)
අන්න කලියුග කාලේ වෙන දේවල්. මිනිස්සු තිරිසන්නු වෙනවා. (ර)
ලොකු අපරාධයක්.(හේ)
මේ අයට හරි හැටි දඬුවම් නොදෙන එකේ වැරැද්ද. (ර)
නීතියක් නැති තැන ඕකමයි වෙන්නනේ. (ර)
හරි නීතියක් නෑ.ඒකයි මේ අපරාධ වැඩි.(හේ)
මේ වැරැද්ද කළ අය අල්ල ගෙන ප්‍රසිද්ධියේ කකුල් දෙක කපලා දැම්මා නම් මේ වගේ වැරැදි වෙන්නේ නෑ.(හේ)
හැම දෙකටම ආණ්ඩුව වග කියන්ඩ ඕන තමයි. හැබැයි මේ වගේ සිදුවීම් වලට හේතුව ආණ්ඩුව කියන එක වැරදීයි. නීතිය කොච්චර දරුණු වුණත් මිනිස්සු වැරදි කරනවා. එක තමයි යථාර්තය. විපක්ෂය නියෝජනය කරමින් අදහස් ප්‍රකාශ කරන උදවිය හැමදේකටම ආණ්ඩුව මත වැරදි පටවන එක නවත්තල ඇත්ත කතා කලොත් හොදයි නේද? (අ)
අපේ අක්කත් මාව ගෙදරින් එලියට දැම්මා නිවස මල්ලිටත් ඔහුගේ බිරියටත් අයත් බව කියා නමුත් මම කකුල් කපන්න ගියේ නැහැ. දැන් මට සියලු දේවල් ලැබුනා. අක්කටත් දුකට ඉන්නේ මම. මුදලුත් දෙනවා. (ර)
රට යන විදිය ඉතා නරකයි. අපරාද කාරයන්ගේ පිට්ටනියක් බවට පත්වෙලා. නීතිය සහ දඬුවම් ගැන මිනුස්සුන්ට බයක් නැහැ. (ර)
සෑම් මහත්තයා අහසින් වැටිලා වගේ. (නි)
ඉක්මනින් මේ අපරාදේ කරපු කෙනාව අල්ල ගන්න.(හේ)
අනේ දෙවියනේ! (නි)
මේ දෙන්නව ආයුධ පෙන්නන්න එක්කන් යන්න (අ)
අනේ! අපේ රට අපිට බේරාදෙන්න. (නි)
දැන් මිනිසුන් නොමිනිසුන් වී හමාරයි (නි)
රටට ආදර්ශමත්ව ජිවත් විය යූතූ අයගේ හැසිරීම අනුව මෙවැනි ක්‍රියා සමාන්‍ය දෙයක් .(අ)
සෑම් මහාත්තය අහසින් වැටිලා වගේ..එතකොට පහුගිය ආණ්ඩු කාලේ මිනිස්සු හතර පෝයට සිල් අරගෙන වෙන්න ඇති හිටියේ..පොලිසි වහල උසාවි වහල හිර ගෙවල් වහල තියෙන්න ඇත්තේ..හරි හරි ..ඔයාගේ ආණ්ඩුවම ආවම අපි ආයෙත් ඒවාට නිවාඩු දීල වහල දාල අපි හතර පෝයට සිල් ගමු..අපරාධකාරයින්ට දඩුවම් ලැබෙන්න කියල පතනවා මිසක් එකෙනුත් බිල් කඩන්න හදන සෑම්ල සත්යල වගේ ගිනි පොලි කාරයින්ගේ අර මොකක්ද එක කපන්න එකෙක් නෑනේ අම්මප මේ අහිංසකයින්ගේ අතපය කපන එව්වෝ පිරිච්ච මේ රටේ....(අ)
නීතිය වල්වැදිලා. මුළු සංස්කෘතියම විනාශයි. මේවාට වගකිවයුත්තෝ නැද්ද? (නි)
කවුරු මොනවා කීව්වත් මේවා ලංකාවේ සිදු නොවිය යුතු දේවල් සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න.කවදාවත් වරදින්නේ නැත.(හේ)
රටේ ඉහළ සමහර තැන් නීතිය පහතට දාලා වැඩ කරද්දී සාමාන්‍ය ජනතාව නීතිය අකුරට ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
ඉස්සර ළමයින් හත අට ඉන්න පවුල් කොච්චර සමගියෙන් හිටියාද? ඒකට දැන්! සුනිල් එදිරිසිංහ මහතා ගයන වෙරළු ගෙඩිය ගීතය මතක වෙනවා. අපි දන්නා පවුලක සහෝදරියෝ හතර දෙනෙක් ඉන්නවා පොර කිකිළියෝ වගේ. (නි)
ලංකාවේ මොන දේ වුණත් ආණ්ඩුවේ වරද තමයි දකින්නේ. පුදුම අදහස්නේ දරන්නේ! (නි)
සහෝදරයකු සහ පුතකු එකතුවී කකුල කපා තියෙන්නේ එහෙනම්... අබුද්දස්ස කාලේ සිදුවන දේවල්! එක ගෙදර සිටින පවුලේම අයත් විශ්වාස කරන්න බැරි කාලයක් (නි)
මීට කලින් තමයි මම දැක්කේ ඉදිරියට යන විදිහ සුබ නැති වග. කුවේණි හිටි කාලයේ වගේ යක්ෂ, නාග සහ තිරිසන් දැන් බිහිවේගෙන යනවා. මේ අතරතුර දෙවියන් වැනි අතළොස්සක් සුසුම් කඳුළු සලමින් නිහඬව මැරිලා යනවා. සිරිලක රකින විෂ්ණු දෙවියනේ, මොන ශාපයද මගේ සිරිලකට වැදිලා තියෙන්නේ? පාදයක් කැපුවා කියන්නේ මොන අපරාධයක්ද? (නි)
බොහොමයක් මේ වගේ ඥාති ආරවුල් වලට මුල දේපල ප්‍රශ්න. අපේ ගමේ සිටි යුවළකට දරුවන් සිටියේ නැහැ. සැමියාගේ නංගි ඔවුන්ගේ ගෙදර තමන්ගේ පුතාට ලියාදෙන්න කියමින් හරියට හිරිහැර කළා. අන්තිමට ගමේ දේපළ පන්සලට සහ අනාථ නිවාසයකට පරිත්‍යාග කළ ඒ යුවළ බිරියගේ ගමට ගියා. (නි)
ඔක්කොම කුණු බේරේ වැවට කිව්වා වගේ මේකත් ආණ්ඩුව පිටම පටවන්න බලයි සමහරු. අනේ ඇත්තට මේ මිනිසුන්ගේ මොළය කළඳක්වත් නැද්ද? (නි)
ආයේ දෙකක් නැහැ . ඉඩකඩම් ප්‍රශ්නයක් වෙන්න ඇති. සහෝදර දෙගොල්ලක් රණ්ඩු වුණා නම් ඔය වගේ දේකට තමයි. නැත්නම් අනිත් හේතු වලදී සාමාන්‍යයෙන් එකම බත් මුට්ටියත් සහෝදර ගෙවල් අතර බෙදාගන්නවා. සහෝදරයාගේ ළමයෙක් ගෙදරට ආවත් කන්න දෙන්න දෙයක් නැතත් සීනි බෝතලේ හරි හුරලා දෙනවා (නි)
මිනිස්සු නෙමෙයි මස් වැද්දෝ ජාතියක්.අපේ රට දැන් ඉතාම ම්ලේච්ඡ තත්ත්වයට පත්වෙලා. අනේ අපේ රටට සහ මිනිසුන්ට ගිය කල! (නි)
මේ අපිට කියවන්න ලැබෙන්නේ, ඇහෙන්නේ ඉදිරියට මුහුණ දෙන්නට වෙන සමාජය පිළිබඳව ඉඟියක් පමණි.හරියට පෙරහැර එන්නට පෙර මුලින්ම කසකරුවන් එනවා වගේ. තව තව සමුහ දුෂණ, අතදරුවන් ,පාසල් දරුවන්,වයස 75-80 කාන්තාවන් දුෂණ, ඝාතන ,පැහැරගැනීම් ,කප්පම්,මංකොල්ලකෑම්,කුඩු ජාවාරම්,රට පුරා රාත්‍රී සමාජශාලා,මසාජ් ක්ලිනික්,දේශපාලක පුතාලගේ ගිනිකෙළි සහ කුංග්ෆු සංදර්ශන,හිපි මෝස්‌තර තරුණයින් කියාපාන්නේ ඉදිරියේදී අපේ සමාජයේ ගමන් මඟයි. (නි)
සහෝදරයා? ඇත්තටම මේ සහෝදරයෙක්ද? (නි)
මේක දැන් අපරාධකාරයින්ගේ දේශයක් වෙලානේ! (නි)
සියල්ල හැරදා යායුතු බව දැන සක්විති කිරුළ දරා මුළු ලොව ලැබුනත්, තුටුනොවන මිනිසා අමරණීය වුවහොත්? (නි)
පව්, ඒ අක්කා හොඳ කෙනෙක්. (නි)
කරුණාරත්න, මේක ආණ්ඩුවෙන් නොකලත් මේ වගේ භයානක අපරාධ වෙන්නේ රටේ නීතියක් නැති කම. මේ අපරාධ කාරයෝ හෙට නිදහස් වෙලා එයි. ඒ වැරැද්ද ආණ්ඩුව භාර ගත යුතුයි. නැත්නම් නිවැරදි කල යුතුයි. මිනිස්සුන්ගේ මොලේ බර කිරා බලන්නේ නැතුව. (නදී)
මිනිස්සු දැන් අපරාධ කරන්නේ කිසිම බයක් සැකක් නැතිව. මට පුදුම මේ වෙලාවේ මේ කාන්තාවගේ උදව්වට එතන කවුරුවත් හිටියේ නැද්ද කියලා. එක්කෝ තමන්ගේ පණට බයේ පැත්තකට වුනාද දන්නේ නැහැ. (නදී)
ප්‍රශ්නය කුමක් වුවත් මේ වගේ දරුණු අයව ආයුද පෙන්වීමට ගෙන යා යුතුයි. (නදී)
මේ අපරාද ලංකාදීපය පළමුවෙන් හෙළි කිරීම නිසා මිනිසුන් අවදිවෙනවා (නදී)
අනේ, බන්දුල, පින් සිද්ධ වෙයි මෙතන ආණ්ඩුවට කඩේ යාම නෙවේ කරන්ට ඕන. බලන්න, අපේ මිනිසුන්ගේ සාරධර්ම පිරිහී තිබෙන හැටි. එක බඩවැල කඩාගෙන අපු සහෝදරයා මෙහෙම කලා කිවම . මුළු රටම වැළපෙමු. හඩමු. අයදිමු. නිතිය තිබුනොත් පමණයි විනය හැදෙන්නේ. (බ)
පිටිගල වගේ අය තමයි මේ වගේ වැඩට නීතියේ වැරැද්ද හොයන්නේ. නීතියේ අඩු පාඩු තියෙනවා ඕන තරම්. එහෙමයි කියල මේකට ආණ්ඩුවට දොස් කියනවා නම් ඉතින් එල්ලුම් ගස් තියෙන රටවල අපරාධ කෙරෙන්නෙම නැද්ද? (නදී)
බන්දුල ට කවදාවත් අදාළ පුවතට ස්වාධින අදහසක් පල කරන්න බුද්ධියක් පිහිටලාම නැතිද කොහෙද ? මෙතනත් සෑම් ගේ වලිගය අල්ල ගෙන පොරකනවා. (බ)
සුද්දියෙක්ගේ පච්චයක් නිසාත් කෑගහපු රටේ මේවා මොනවද එක අතකට? (නි)
නීතිය තියෙනවා. නීතිය කියන්නේ මිනිසුන්ගේ හැසිරීම නොවෙයි. නීතියකින් මිනිසුන්ගේ සිත් තුල යහපත් ගුණධර්ම සහ සිතුවිලි ඇතිකළ නොහැකියි. එය ආගම ධර්මය හොඳ හැටි පිලිපැදීමෙන්, හොඳ නරක කුමක්දැයි හඳුනා ගැනීමට ඇති හැකියාවෙන්, මෛත්‍රිය, කරුණාව සහ ඉවසීම ප්‍රගුණ කිරීමෙන්, හොඳ පුද්ගල ඇසුරෙන්, යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වෙනවා නම් අපරාධ වලින් වැලකි සිටීමට හැකිවේවි. නිතිය තියෙන්නේ සමාජයේ යහ පැවැත්මට බාධා කරන පවට බර සාමාන්‍ය ජනතාවට අපරාධ කරන අයගෙන් ආරක්ෂා කර ඔවුන්ට සුදුසු දඬුවම් ලබා සාමය පවත්වා ගෙනයාමටයි. මිනිසුන් විසින්ම තම තමන්ගේ ගුණ ධර්ම දියුණු කර ගත යුතුයි. එය යහපත් සාමකාමී සහ සුන්දර සමාජයක් බලාපොරොත්තු වන, සමාජයේ ජීවත්වන අප සැමගේම වග කීමයි. අප වෙනුවෙන් තව කෙනෙක් කරන තුරු බලා සිටීමෙන් හෝ නීතියට බැණ වැදීමෙන් සමාජය යහ මගට හැරවිය නොහැක. (නදී)
බන්දුලට නම් බය වෙන්න දෙයක් නැහැ. කවුරු හරි කපා ගෙන අරන් යනවා නම් කකුල් නෙවෙයි ගෙනියන්නේ කට. (නදී)
70 දශකයට පෙර දී මේ රට ඉතාම සාමකාමීයි. සියලුම ආගම් වල ඉගැන්වීම් වලට අනුව සහජීවනයෙන් සහ සාමකාමීව ජීවත් වූ සමාජයක් සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු කරනු ලැබුවේ හීනමානයෙන් පෙලෙන විප්ලවවාදීන් යයි කියාගත් පිරිසක්. ජවයෙන් පිරුණ තරුණ සිත් තුළට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛයිරය වපුරා අහිංසක තරුණ ජීවිත දහස් ගණනක් විනාශයට යොමු කෙරෙව්වා. මේ පුර්වාදර්ශයට ප්‍රතිචාර දැක්වූ උතුරේ ඇතැම් හීනමානයෙන් පෙළුන අවස්ථාවාදීන් පිරිසක්ද උතුරේ තරුණ පරපුර විනාශ මුඛයට යොමු කෙරෙව්වා. මෙහි ප්‍රතිඵලය වුයේ දැහැමි සමාජය, සහජීවන සමාජ රටාව සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු වූ චින්තන රටාවකට යොමු වුණා. වර්තමානයේ අපි මේ අත්විදින්නේ ඒවායෙන් ශේෂ වූ අමිහිරි ප්‍රතිලාභයි. (නදී)
බන්දුල, මට හිතෙන්නේ සෑම් කියන්නේ 88-89 කාලෙට පස්සේ ඉපදුන පොඩි දරුවෙක් කියලා. සෑම් පුතේ, 88-89 ආණ්ඩුව කාලේ ගුණ ධර්ම ටයර් සෑය වල පිච්චෙනවා අපි දැකල තියෙනවා. මේවා ඔය පුතාට තේරේවිද දන්නේ නැහැ, ඔන්න අහන්න එපා ගුනෙයි ධර්මෙයි පිච්චිලාද මලේ කියලා. (නදී)
දියුණු රටවල් වලත් මරණ දඬුවම තියෙන රටවලත් අපරාධ වෙනවා, නමුත් අපරාධ කරුවන් රජයෙන් ආරක්ෂා කරන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන කොට බාධා කරන්නෙත් නෑ. ඒ නිසා යුක්තිය ඉටු වෙනවා. ඒ නිසා මිනිස්සු බය නැතිව මෙහෙම සිල්ලරට මිනි මරන්නේවත් අපරාධ කරන්නේවත් නෑ. නීතිය ගැන විස්වාසයක් තියනවා. (නදී)
ලියනගේ මෙතන එක එක්කෙනාගේ වයස ගැන නම් අනුමානෙට ප්‍රතිඋත්තර දෙන්න යන්න එපා. පසුගිය පුවතක සෑම් කියල තිබුන නේද එයා සංක්‍රමන විසා පොලිස් වාර්තාව ඉල්ලන්න ගියේ 1990 දී කියලා. ඔයා හිතන තරම් එයා ළදරුවෙක් නෙවෙයි. (නදී)
පේන හැටියට ඒ කාලේ එහෙම වුණා කියලා, ඒ නිසා මේකත් කමක් නැහැ කියලා, ලියනගේ මේක අනුමත කලා වගේ. අනේ මෙහෙමත් මිනිස්සු. (හේ)
මොනා බෙදා ගන්න බැරිවද මේ සටන් කරන්නේ.(හේ)
මේ අපරාධ කරන අයව එල්ලුම් ගස් යවන්න ඕනි.(හේ)
මේ මොකක් ද මේ වෙන්නේ ?(හේ)
හිතක් පපුවක් තියෙන මනුස්සයෙකුට මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද.(හේ)
මොන වරදක් කළත් නීතිය ක්‍රියාත්මක නොකරන එකේ වරද තමයි මමනම් දකින්නේ.ලක්ෂ ගාණක් විවිධ රටවල ජාතිකයන් රැකියාව කරන මෙරටේ ඔහොම සිද්දි අහන්න දකින්න නොලැබෙන්නේ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වන නිසයි .සැවොම නීතියට ගරු කරන නිසයි.(හේ)
ඉක්මනට කකුල ගෙනල්ලා දෙන්න.(හේ)
අද අපේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවද?ඒ කව්රුන් වෙනුවෙන්ද?(හේ)
මෙහෙම මිනිස්සු ජීවත් වෙලා ඉන්නකන් රටට හරි යන්නේ නෑ.(හේ)
හා... මේක පවුලේ කේස් එකක්. (ර)