හලාවත බංගදෙනියේදී වයඹ ඡන්දයේ සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලුයම වාර්තා විය.
ඡන්ද පෝස්ටර් ගැසීමට ගිය සමන් නිෂාන්ත හා සුමල් තිසේරාගේ කණ්ඩායම් අතර මෙම ගැටුම ඇති විය.
අපේක්ෂකයන් දෙදෙනා එහි නොසිටි නමුත් ආධාරකරුවන් ගැටුමට මැදි වූ බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වාහනයකට ද හානි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ පාතාල දේශපාලනයක්. මොකද මලකදන් උඩින් හරි තැනට අවොත් පරම් පරා හතම ගොඩ කියලා මෙයාලා විතරක් නෙමේ මුළු රටම දන්නවා. නමුත් වැඩි හරියක් ඡන්ද දායකයාගේ විචාර බුද්දිය මදි කම හා ඇගේ දුවන පරම්පරා දේශපාලන පක්ෂ මම කැපුවත් කොළ,නිල්, රතු මේ ක්‍රමය හා ඔවුන් දන්නවා අපේ මිනුස්සු හරි ඉක්මනින් රවට්ටන්න පුළුවන් කම. ඉතින් මිනුස්සුන්ගේ මේ මානසිකත්ව උඩ හරක් පැටියෙක් ඉදිරිපත් කරත් දිනනවා.(නදී)
මේ ඉතින් ඇමරිකාව නෙවෙයිනේ, ලංකාවනේ (නි)
දිනුවහම වැඩ කරන විදිහ ගැන පෙරහුරුවක් වෙන්න ඇති.ගණන් ගන්න එපා. (නි)
මේ මිනිස්සු හරිම මෝඩයි. මේ අය ගහගෙන මරගන්නවා. අන්න්තිමේදී බලයට ආ අය සතුටින් ඉන්නවා (නි)
මනාප පොරේ ඇති කරා ජරමරේ ,පක්සේ විපක්සෙ කරදරේ ,අපොයි දැන්නම් අපටත් හිසරදේ (දී)
අනේ වාසනාවන් නැවතත් 1999 .2 .25 මැතිවරණයක් වයඹට ගේන්ඩ වගේ යන්නේ. සිංහලයා, සිංහලයා මරාගන්නවා.(නදී)
මේ දෙන්නටම ඔබේ මනාපය දෙන්ඩ. මේ වගේ වීරයෝ තම අපට අවශ්‍ය.(දී)
පෝස්ටර් ගසා රජයේ දේපොළ සහ පුද්ගලික දේපොළ අපවිත්‍ර කිරීම තහනම් නම් මේ දෙන්නව දැන් අත්අඩංගුවට ගන්න පුළුවන් නේද ?(දී)
මොන තරම් මෙවෙනි දේවල් කරන්න එපා කියලත් මේ කෙහෙල්මල් මනාප පොරේ නිසා ජීවිත කී ගණනක් නැති වෙනවද අමනුස්සයෝ බෝවෙනවද. දේශපාලන නායකයින්ට මේවා නොතේරෙන එක තම අපේ රටට හෙන ගහල තිබෙන්නේ. සදාචාරය නැත්තටම නැති වෙලා ගිහින් (දී)
අපේ රටට ප්‍රජාතන්ත්‍ර වාදය නොසිතු වෙලාවක ලැබුණු එකේ ප්‍රතිපල. අපි තාම ගල් යුගයේ ඉන්න ඕන අය. ශිෂ්ට සම්පන්න සමාජයක් කවදා බිහිවෙයිද?(දී)
බුද්ධිමත් තීරණයක් ගැනීම චන්ද දායකයා සතුයි (දී)
දේශපාලනය නොදන්නා ,අරක්කු ,බත් පැකට් එකට දවස ගෙවන අයගේ වැඩ මේවා.(නදී)
මනාප ක්‍රමය අපට ගැලපෙන්නේ නැතිය එකෙන් වෙන්නේ මරාගන්න එකය කියල අපේ වගකිව යුත්තෝ දන්නේ නැහැ කියල හිතනවද? දන්නවා. එත් එක නවත්වන්න උවමනාවක් නැහැ. ඇයි? විධායක ජනාධිපති ක්‍රමය නවත්වනවා කියල කී දෙනෙක් පොරොන්දු වුනාද? කලාද කවුරුවත්? නැහැ නේද? මේකත් ඒ වගේ තමයි. (අ)
සිංහලයෝ මෝඩයෝ. ඡන්දෙ දෙන්න සූරයෝ.(නදී)
මේ කාලකන්නි මනාප ක්‍රමය නැතිකල යුතුයි.(නදී)