ත්‍රිරෝද රියක් පැද වූ පොලිස් කොස්තාපල්වරලයකුට හොරණ දී පහර දුන්නැයි සැකපිට අනුරාධපුර සාලියපුර කඳවුරේ කර්නල්වරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන කොස්තාපල්ට හොරණ ඇතුල් පාරක දී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද, ඔහු රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
කොස්තාපල් පොලිසියට පවසා ඇත්තේ තමා පැදවූ ත්‍රීරෝද රියේ යාන්ත්‍රික දෝෂයක් නිසා පණගැන්වීම පමා වූ බවත්, පසුපදින් පැමිණි කාරයක් එක්වරම ඉස්සර කර එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් කොපමණ පොලිසියට බැන්නත් මිනිසුන්ට කරදරයක් වු ඔනෑම අවස්ථාවක පිහිටට ඉන්නේ පොලිසිය සැමවිටම පොලිසිය කරන හැම දෙයක්ම මොලේ නැති හරක් වගේ මිනිසුන්ට පේන්නේ වැරදියට හැමතැනදිම පොලිසිය යන්නේ මිනිසුන්ගේ ආරක්ෂාවට පොදු මහජනතාව වෙනුවෙන් පොලිසියට තවත් කිහිප දෙනෙක් කරන දෙයක් වලක්වන්න වෙනවා. එහිදි එක් පාර්ෂවයක් කරන දේ පමණක් උලුප්පා පෙන්වා අනක් පාර්ෂවය වැරදියට පෙන්විම නිසා සැම විටම පොලිසිය වැරදියි වගේ කාටත් පේන්නේ. පොලිසිය මිනිසුන්ට ඕන විදිහට සැම දේම කර ගන්න ඉඩ දිලා හිටියෝත් කොහොමට හිටිද කියා වාචාල කමට දොඩ වන කාටත් තේරේයි. (ස)
බොහොම හොඳ වැඩක් හමුදාවෙන් කරපු මොකද කිසිදු පොලිස්කාරයකුට ලංකාවේ ගරු කරන්නේ නෑ (බ)
මෙයා ඉල්ලගෙන කන්න ඇත්තේ (අ)
බොරු හිතාමතාම ප්‍රමාද කරන්න ඇති පොලිස් පාර්ට් ඔහොම තමයි (අ)
හොද වැඩක් කරලා තියෙන්නේ. (ර)
දැනට අවුරුදු 6 ට පමණ පෙර පොලිසියේදී මටත් ලොකු අසාධාරනයක් වුණා. මම ඔවුන්ට කියා සිටියා මම විශ්‍රාමික හමුදා සෙබළෙක් කියා. එවිට එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයා "මොකා වුණත් අපිට කමක් නැහැ.මේක පොලිසිය" කියලා බැන්නා. ඒක හරිද මහත්තයෝ? කෙසේවෙතත් නිකන් නම් මිනිසෙකුට කවුරුවත් ගහන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. (නි)