පසුගිය කාලේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය හිත හොඳින් කළ ව්‍යාපෘතියක් නමුත් එය අසාර්ථක බවට පත්ව ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ප්‍රමුඛතාවය හඳුනා කටයුතු නොකිරීම මහජන අදහස් නොවිමසීම නිසා එවැනි තත්ත්වයක් ඇතිවූ බවද කී ඇමැතිවරයා පසුගිය කාලේ සිදුකළ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ට්, තුරඟ තරග පිටිය, පරණ ඕලන්ද කොටුව වැනි ව්‍යාපෘති ඉහළ පැලැන්තිය බලාගෙන සිදුකළ ඒවා බවත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ සෙමින් වෙන්න පුළුවන්. ඒත් මෙතුමා දක්ෂයෙක්. නිවටයින්ට නිර්භීත අය පෙනෙන්න බැහැ. මෝඩයින්ට දක්ෂයින් පෙනෙන්න බැහැ. දක්ෂයා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී ඉස්මතු වෙනවා.ඒක වළක්වන්න බැහැ. (නි)
දැන් වැඩක් කරන්න පටන්ගන්න (නි)
කතා විතරක් මදි (නි)
ප්‍රමුඛතාව, අවශ්‍යතාව හඳුනාගෙන ව්‍යාපෘති කිරීම අතින් ඒ ආණ්ඩුව අසාර්ථකයි. (නි)
චම්පික මහතාගේ විවේචන පමණි. හැමෝම වැරදි කරලා , එයා විතරලු හරි . කරපු දෙයක් නොමැත (බ)
සියළු දෙනාගේ කතා පමණයිනේ? කෝ දස ගුණයේ සංවර්ධනය? (නි)
අවුරුදු ගණනාවක් කැබිනට් මණ්ඩලයේ හිටියා නේද? කතාකළේ නැහැනේ! දැන්වත් ඉතින් අලුතින් පටන්ගන්න තියෙන්නේ. මාස දහයකුත් අවසානයි (නි)
අර කියපු දස ගුණයේ සංවර්ධනය කොහේද? වැඩ පෙන්වීමට කාලයයි මේ (නි)
අනුන් විවේචනය කරලා වැඩක් නැහැ. හරියට වැඩක් කරලා පෙන්වන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා වටිනා සේවයක් කරමින් කොළඹ නගරය දියුණු කළා. (නි)
පසුගිය කාලේ එයත් ඇමති මණ්ඩලයේ හිටියා. දැනුත් ඉන්නවා. එයාලා විශ්වාස කර කර ඉන්න අපියි මෝඩයෝ (නි)
ඉතින් ඔබතුමා වැඩක් ඇති දෙයක් කරලා පෙන්වන්නකෝ (නි)
ඔබතුමන්ලා තමන්ගේම වැඩක් කර පෙන්වන්න. කතා ඇති (නි)
අපේ අයත් ඉතින් මෙයාලා මොනවා කිවුවත් ඡන්දය දෙනවනේ! (නි)
ඒ වුණාට අපි නම් තවම මේ ආණ්ඩුවෙන් කළ වැඩ දැක්කේ නැහැ (නි)
කොළඔ කළ වැඩ හොඳ නැහැ කියලා කවුරු කිවුවත් එයයි ලස්සනම නගරය. හොඳදේට හොඳයි කියන්න ඕනෑ. (නි)
මේ අය කියනවා කොළඹ කළ දේවල් හරි නැහැ කියලා. නමුත් මාස්ටර් කාඩ් 2014 ජාත්‍යන්තර දර්ශකයට අනුව කොළඹ තමයි ලෝකයේ ඉතාමත් ඉක්මනට දියුණුවෙන නගරය. බොහොමයක් ජාත්‍යන්තර දර්ශක වලට අනුව 2014 අන්තිම වෙනකොට කොළඹ ලෝකයේ ඉතාම හොඳ නගරයක් වුණා. එහි ගෞරවය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවිය යුතුයි. (නි)
හොඳ හිතින් කළ ව්‍යාපෘතියක් අසාර්ථකවීම කණගාටුවට කරුණක්. මහජන මුදල් යෙදවීම එම විෂය හා සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් විමසා කළයුතුයි. අතීතයේ සියලුම දේ වැරදි ලෙස නොව දිරිගන්වන අත්දැකීම් සේ ගන්න. (නි)
පරණ ඒවායේ විවේචන දැන් ඇති. ඔයාලා පත්වුණේ අපිත් ඒ දේවල් තේරුම්ගත් නිසා. ඒ ලස්සන දේවල් නඩත්තු කරගෙන අපිට අලුත් දෙයක් දෙන්න බලන්න. (නි)
කතාව විතරක් නම් ඉතින් වැඩක් නැහැ (නි)
ඔච්චරද තාමත් දැක්කෙ? ඔය යන එන ගමන් කැස්බෑව වැවටත් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න මොනවද කරගෙන යන්නෙ කියල...(බ)
කතාව දෝලාවෙන් ගමන පයින් වෙලා නම් වැඩක් නැහැ (නි)
මොනවද මහත්තයෝ ඔයාල කටින් බතල කොළ හිටවනවා විතරනේ වැඩ කරන්නේ හරි හෝ වැරදි හෝ යල වැඩක් කරලා තියෙන්නේ (ම)
අනේ මන්දා මහත්තයෝ මේවා... (නි)
හොඳ කතාවක් (නි)
ඒක හරියටම හරි. අපේ රටේ කළ වැඩ වැඩිහරියක් කාටවත් වැඩක් වුණේ නැහැ. මහජන මුදල් වියදම් කරලා ඉදිකිරීම් කරන්න එපා. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා ස්වාධීන නඩත්තු සේවා කරන පුද්ගලයන් සහ කුඩා ආයතන. සමහරු කියයි ඕවා අපිට දැනටමත් තිබෙනවා කියලා. ඒක එහෙම වෙන්න ඇති. හැබැයි මිනිසුන්ට වැඩක් වෙලා නැහැ. (නි)
පාවෙන වෙළඳ සංකීර්ණය ඇයි අසාර්ථක වුණේ? (නි)
අනුන් විවේචනය කරලා විතරක් මදි, වැඩත් කරන්න ඕනෑ (නි)
අද මොනවද කෙරෙන්නේ? විවේචන පමණයි. කතාව නවත්තලා වැඩ කරලා පෙන්වන්න. (නි)
අපි ඔබතුමාගෙන් නාගරික සංවර්ධනයේ විශේෂ ව්‍යාපෘති බලාපොරොත්තු වෙනවා. අපිට කොළඹ-පිටකොටුව දියුණුකර දෙන්න. බලන්ඩ මැනිං වෙළඳ පොළ, බෝ ගහ අවට අපිරිසිදු පරිසරය. ලංගම ඔතනින් ඉවත්කර ලබනා ආදායමෙන් ඔය ප්‍රදේශය දියුණු කළ හැකියි. කැළණි ගඟ දෙපසත් පිරිසිදුකොට සංචාරක ව්‍යාපාර සඳහා යොදාගන්න. (නි)
බොරු වෛර සහගත විවේචන වහාම නවත්වල වැඩ කරනවා. ජනතාව තද සීරුවෙන්.ඔහේ වගේ තුච්ච දුෂ්ටයන්ට හිමි තැන ළගදීම ලැබේවි. (බ)
ඕලන්ද කොටුව ව්‍යාපෘතිය හොඳ එකක්. මම මහින්ද මහතාගේ ගුවන් තොටුපොළ, සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් කුලුන වැනි දේ විවේචනය කරනවා. එහෙත් දැන් කොළඹ කියලා යමක් පෙන්වන්න පුළුවන්. ඔබතුමාලත් ඊට වඩා හොඳ වැඩක් කර පෙන්වන්න (නි)
ඔබලා සියලු දෙනා දන්නේ විවේචනය කරන්න විතරයි. කළමනාකරණය කියන්නේ ඉස්සෙල්ල අය කරපු දේවල් ගැන බොරුවට විවේචනය කරනවට වඩා අලුත් විදිහට හිතල ඒ දේවල් වලින් මීට වඩා ප්‍රයෝජනයක් අරගෙන පෙන්වන එක නේද? (ම)
රටක් දියුණුවීමට අවශ්‍ය කර්මාන්ත ශාලා. ඒවාට ප්‍රමුඛත්වය දුන්නා නම් හොඳයි. (නි)
රටේ කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩපිළිවෙලක් දාන්න. ගොඩක් පිං. (ර)
ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පසු රට සංවර්ධනය කරපු යුග පුරුෂයෙක් විදිහට හුගක් ජනතාව මහින්ද මහත්තයව දකිනවා. නමුත් ඔබ තුමා මහින්ද මහත්තයව පරද්දන්න එතුමාට වඩා ගුණාත්මක වඩා කොටසක් කර පෙන්වන්න. කතාව ජනතාවට වැඩක් නැහැ. එය මහින්ද මහත්තය පෙන්නුවා. තාමත් කතාව ඉදිරියට දානවා නම් අපි නැවත 2005 පසු අවදියට රට ආපසු යනවා. (බ)
ඔබ තුමාට ජය වේවා . තවත් මෙවැනි කතා කියන්නට අවස්ථාව ලැබේව, මේකතා වලින් ජනතාව අමන්දානන්දයට පත්වෙනවා. (බ)
කතාව දෝලාවෙන් ගමන මාස නවයක් ඉබිගමනින් (බ)
අනේ මන්දා සර් මොනවා හරි කරලා පෙන්නන්නකො (බ)
තාම "කාල කළමනාකරණය " ගැන සුපැහැදිලි අවබෝදයක් ලැබිලා නැහැ වාගේ. (ර)
මහත්තයෝ, කියෙව්වා ඇති දැන් වැඩ පෙන්නන කාලේ ඇවිත්. නැත්තම් ඔයගොල්ලන්ටත් ඉක්මනටම ගෙදර යන්න වෙයි...(රේ).
තවමත් පරණ වැරදි ගැන කියවීම නතර කර ජනතාවට දැනෙන්න යමක් කරමුද ? සමන් කියන විදියට මහජන මුදලුත් වියදම් නොකර පිට රටවල් වලින් ණය නොගෙන ඔය තියන දේවල් බලා කියාගෙන ඉතුරු කාලයත් ගත කරමු. (බ)
අනේ මන්දන්නේ නැ තාම කතාව විතරයි දැන් 9 මාසයක් ඉවරයි. ලබන මාසේ අය-වැය ආවාම බබා හම්බවේවි (බ)
අද රොටිද නැත්නම් තෝසෙද කාලා ආවේ (බ)
අවුරුදු පහම ඔය වගේ දේවල් කියමින් කාලය ගතකරන්නද හිතාගෙන ඉන්නේ? (නි)
ආණ්ඩුව පිහිටුවා මාස ගණනක් ගොසිනුත් තාම සමහරු කටින් බතල කොළ හිටවනවා. කතාව නවත්වලා වැඩ පෙන්වන්න කාලය ඇවිල්ලා. (නි)