IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පසුකාලීනව ටිකින් ටික තමයි අපේ සබඳතාවයක් ඇතිවුණේ

2016-10-16-ent-51

ආදරය හරි පුදුමයි. අහම්බෙන් හමුවෙලා ජීවිතේ පුරාම ළඟ රැඳී ඉන්න ආදරයක් ඔබේ මතකයේ ඇති. නැත්නම් ඒවගේ ආදරයක් ඔබට හමුවෙලා ඇති. දිරාගිය ඒදණ්ඩ වෙනුවට ගමට පාලමක් හදාදෙන්න ආ පාලම් මහත්තයා ගමේ හිටිය ලස්සනම ගැහැණු ළමයා, ගමේ පාසලේ දක්ෂතම සිසුවිය, ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව තමන්ගේ ජීවිතේම කොටසක් බවට පත්කර ගන්නවා.

පාලම් මහත්තයා සාලියයි, ගමේ අහිංසකම ගෑණු ළමයා සුජාතායි හමුවන්නෙ කලකට ඉහතදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සඳවත සේයා’ ටෙලිනාට්‍යයෙන්.

ඒ විදියට හමුවුණු මේ දෙන්නගෙ ආදර කතාව ඒ කාලෙ කොයි කා අතරත් දැඩි කතා බහකට ලක්වුණා.

මේ සඳහා රංගනයෙන් එක්වුණු පෙම් යුවළ වුණේ උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර.

ටෙලිනාට්‍යය පෙම්වතුන් සේ අරඹන ඔවුන්ගෙ දිවිය අවසන් වුණේ සැබෑ ජීවිතයේත් පෙම්වතුන් බවට පත්වීමෙන්.

ඒ පිළිබඳ කතා කරන්නත් එක්ක. ‘‘සඳවත සේයා’’ හි ජනප‍්‍රියම චරිතයක්වූ සුජාතාට පණදුන් උමාලිව.

 

උමාලි කොහොමද ‘‘සඳවත සේයා’’ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ?

2016-10-16-ent-50‘‘ආසයි මං පියාඹන්න’’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරපු ධම්මික සිරිවර්ධන මහත්මයගෙ ‘‘ආලන්කුලම’’ නිෂ්පාදන ආයතනයෙන් මට ටෙලිනාට්‍යවලට කතා කරලා තිබුණා. නමුත් මගෙ අධ්‍යාපන කටයුතු නිසා ඒ සඳහා සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒත් ඔහුගේ ‘‘ආසයි මං පියාඹන්න’’ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. ඒ අතරෙදි ධම්මික සිරිවර්ධන මහත්තයා මාව පොරොන්දු කරගත්තා එයාලගෙ වැඩකට දායක වෙන්නම කියලා. ඒ විදියට තමයි ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතය කරන්න මුලින්ම ආරාධනා ලැබුණෙ.

 

‘‘සුජාතා’’ චරිතය ගැනත් කතා කරමු?

සුජාතා සෂිප‍්‍රභා කියන්නෙ පිටිසර ගමක, අම්මා එක්ක ගොඩක් අහිංසකව හැදෙන වැඩෙන, ඉගෙනගන්න දක්ෂ, වගකීම් දරන්න පුළුවන් පාසලේත් ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණු අහිංසක ගෑනු ළමයෙක්.

 

උමාලි හැදුණු වැඩුණු පරිසරයත් එක්ක ඒ වගේ චරිතයක් කරන්න අපහසු වුණේ නැද්ද?

නෑ. එහෙම අපහසුතාවයක්, චකිතයක් දැනුණෙ නෑ. නමුත් පිටපත කියවද්දි යම්කිසි රිද්මයක් දැනෙනවනෙ. ඒ රිද්මය බිඳෙන තැන් සහ පිටපතේ මෙන්න මේ දේ සිදුවෙන්නෙ කියන දේට යම් තැනකදි සුජාතා කොයි විදියට ප‍්‍රතිචාර දක්වයිද කියන ගැටලූ මට තිබුණා. නමුත් මම ඒ සියල්ලම ලකුණු කරගෙන හිටියෙ. ඒ ඇරුණම මේ චරිතය කරන්න පුළුවන්ද? බැරිද? කියන දේ පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ. මගෙ උපරිමය කරන්න මම උත්සාහ කළා.

 

ඒ දවස්වල මේ ටෙලිනාට්‍යයට හොඳ ප‍්‍රතිචාර තිබුණනෙ? උමාලිට ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?

මේ සඳහා ලැබුණු ප‍්‍රතිචාර පිළිබඳ මම හරියටම දන්නෙ නෑ. මොකද මම ඒ වෙද්දි ලංකාවෙ හිටියෙ නෑ. ඒ නිසා මේ කතාව විකාශය වුණු කාලෙදි එක එල්ලේම ප‍්‍රතිචාර ලබාගන්න බැරිවුණා. නමුත් අදටත් බොහෝ දෙනෙක් මේ කතාව ගැන මතක් කරනවා.

ගමේ පාලම් මහත්තයාගෙ කතාව අපිට මතකයි කියලා ඒ ගැන කතා කරනවා. ඒ නිසා පේ‍්‍රක්ෂකයො ‘‘සුජාතා’’ ගැන කතා වෙලා තියෙනවා කියලා හිතෙනවා. මොකද මම සංඛ්‍යාත්මක වශයෙන් ගොඩක් නාට්‍යය කරලත් නෑනෙ. ඉතින් ‘‘සඳවත සේයා’’ තුළින් මාව දැන හඳුනාගත්තු අය තවමත් ඒ ගැන කතා කරනවා.

 

‘‘සුජාතා’’ චරිතය කරන්න උමාලිට ශක්තියක් වුණේ කවුද?

ඇත්තටම කියන්න ඕනෙ මම මේ චරිතයට ගොඩක් කැමතියි. නමුත් එය සාර්ථකව කරපු චරිතයක් විදියට අදටත් මම දකින්නෙ නෑ. මට හිතෙනවා මීට වඩා දෙයක් මට මේ චරිතය වෙනුවෙන් කරන්න තිබුණා කියලා. රූගත කිරීම් කරලා අවසන් වෙලා ටික කාලයක් ගියාම මේ ගැන බලද්දි මටම චරිතයෙ අඩුපාඩු දැනෙන ගොඩක් තැන් තිබුණා. මෙහි සියුම් තැන් ගොඩක් ගිලිහිලා ගිහින් තියෙනවා.

රංගනයෙදී සුජාතාගේ ගතිලක්ෂණ පෙන්වන්න පුළුවන් අහිංසකකම සහ අහිංසකව යම් යම් දේවල්වලට මුහුණ දෙන විදිය සියුම්ව ඉදිරිපත් කරන්න තිබුණා. සමහර තැන්වලදි මට එහි රිද්මය අල්ලගන්න බැරිවෙන තැන් තියෙන්න ඇති මගෙ ආධුනිකත්වයත් එක්ක. ඒ වගේම මට මේ සඳහා පෙර පුහුණුවීමක් නොතිබීමත් ඊට හේතුවක් වෙන්න ඇති. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනෙ දර්ශන තලයෙදි අධ්‍යක්ෂතුමා ඇතුළුව එහි අනෙකුත් ශිල්පීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ ඇරුණම මට වැඩිපුර රූගත කිරීම් තිබුණෙ සාරංගත් එක්ක.

ඔහුගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා. ඒ වගේම අනිකුත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි, ශිල්පිනියන්ගෙන් හොඳ සහයක් සහ ආශිර්වාදයක් ලැබුණා.

 

උමාලිට සාරංගව හමුවෙන්නෙත් මේ නාට්‍යය හරහා නේද?

ඔව්. මට ඔහුව හමුවෙන්නෙ මේ නාට්‍යය හරහා. එතකම් මම දැනගෙන හිටියෙ නෑ සාරංග දිසාසේකර කියන්නෙ කවුද කියන්නවත්. මේ නාට්‍යයෙ මුහුරත් උළෙලෙදි තමයි මට ඔහුව පළමුවෙන්ම මුණගැහුණෙ.

 

උමාලිගෙ පෙම්වතාට සාරංගවම ලැබුණු එක ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඒ දවස්වල මට ලොකු විශේෂත්වයක් තිබුණෙ නෑ. මොකද මීට කලින් මම සාරංග ගැන දැනගෙන හිටියෙත් නෑ. නමුත් නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක සාරංග ගැන කියලා තිබුණා. ඔහුගේ අම්මා, තාත්තා සහ පවුලේ විස්තර පිළිබඳවත්. ඉතින් මුල් දවස්වල නම් මට විශේෂ හැඟීමක් තිබුණෙ නෑ. පසුකාලීනව ටිකින් ටික තමයි අපේ සබඳතාවයක් ඇතිවුණේ.

 

මේ කතාව ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම හොඳ කතාවක්. සාලිය මහත්තයා වගේ කාරුණික මිනිස්සු ඒ වගේ ගම්වලට ගිහින් උදව් කරනවනම් ගොඩක් හොඳයි කියන තැන තමයි මම ඉන්නෙ. ගම්වල ජීවත්වෙන මිනිස්සු දාදිය මහන්සියෙන් යමක් උපයාගෙන තමන්ගේ එදාවේල සරි කරගන්න මිනිස්සු. ඒ වගේ අයගෙ ජීවිතවලට ආලෝකයක් සපයන්න සාලිය මහත්තයා වගේ අය ලොකු හව්හරණක්. එවැනි අය අපේ සමාජයට අවශ්‍යයි. මේ ටෙලිනාට්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න නම් මට බැරිවුණා. හේතුව මේ ටෙලිනාට්‍ය විකාශනය වුණු කාලසීමාවේ ලංකාවෙ රැුඳී නොසිටි නිසා.

 

ධනු විජේරත්න

 

2016-10-16-ent-52



අදහස් (0)

පසුකාලීනව ටිකින් ටික තමයි අපේ සබඳතාවයක් ඇතිවුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site