බළන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ තහනම් නියෝගයක් ක‍්‍රියාත්මක කිරිමට ගිය පිස්කල් නිලධාරිනියක් නඩු කටයුත්තට සමාන ලිපිනයක් සහිත වෙනත් නිවසකට එහි භාණ්ඩ වලට සීල් තබා ඇත.
අධිකරණයේ නඩු කටයුත්ත පවතින්නේ රක්වාන පාර, ගොඩගම ලිපිනයේ දොන් ගුණවර්ධන කුමාරසිරි නැමැත්තෙක්ගේ නිවසට බවත් සීල් තබා ඇත්තේ රක්වාන පාර, ගොඩගම, පැල්මඩුල්ල මද්දුම පටබැඳිගේ චුලානන්‍ද දිප්ති චන්‍ද්‍රකුමාර යන ලිපිනයේ නිවසට මෙසේ සීලා තබා ඇතැයි කියයි. මේ සම්බන්‍ධයෙන් නීති උපදෙස් ලබා අධිකරණයට කරුණු දක්වන්නට ගෙහිමියා කටයුතු කරන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්කල් බීලද බලන්න (දී)
පිස්කල් රාළහාමිත් හරියට ලංකාවේ ගිනි නිවන හමුදාව වගේ. (නදී)
පිස්කල් ට වෙනත් රැකියාවක් සොයාගත හැක.(නදී)
නිතිය අකුරටම කරන රට ලංකාව.(නධී)
වැරදි ගෙදරට සීල් තියනකල් ගෙහිමියන් උඩබලාගෙන හිටියද? (නදී)
මට පෙන්නේ පිස්කල් කුඩු ගහල වගෙයි. වැරදීම මනුස්ස ගතියක් කියල කියනවා. ඒ වුනාට මේ වගේ වැරදීම් අමනුස්ස ගතියක් කියල තමයි මට කියන්න තියන්නේ. කවුරු හරි හොයල බැලුවොත් හොඳයි අර පිස්කල් මේ අහිංසක මනුස්සයාගේ ගේ හොර ඔප්පුවක් හදල තමන්ට පවරගෙනද කියල.(නදී)
මේක සාමාන්‍ය දෙයක්. ලංකාවේ මෙහෙම තමයි.(නදී)
නම දිග නිසා පැටලෙවෙන්න ඇති . (අ)
එක නමකින් දෙන්නෙක් ගමක හිටියත් වැරදි කර තැනැත්තා පැත්තක හිටියදි අනෙක් එකා පොලිසියෙන් කුදලාගෙන යන කාලේ.පිස්කල් නිලධාරියා ට වැරදීම ඒ හැටි ලොකු දෙයක් නොවේ. (අ)
දැන් ඉන්න අය කරන වැඩ ඔක්කොම කනපිට.(නදී)
අපොයි,ලංකාවට ගිය කලක්. තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකිරීමෙන් අහිංසක මිනිසුන්ට වෙන කරදර වලට වන්දි ගෙවන්න නියම කල යුතුයි (අ)
ඔය මනුස්සයට අං එනවද බලන්න(දී)
වැරදීම් කාටත් වෙනවානේ (දී)