(චමිල් රුපසිංහ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති.
මෙරටට පැමිණි ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිතුමන් සමඟ අද (27) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ කාදිනල් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු කොමිසන් සභාවක් පිහිටුවන බවට පොරොන්දු දී තබෙන බවත් ඒ සම්බන්ධව කාදිනල් තුමාගෙන් විමසූ අවස්ථාවේ කාදිනල් හිමියෝ මෙසේ පැවැසුහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසන් සභාවක් පිහිටුවන බවට ප්‍රකාශ කළත් ඒවා පොරොන්දු පමණක් බවත් බලයක් නොමැති අය දෙන පොරොන්දු වලට වඩා තමන්ට වැදගත් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ බවත් උන්වහන්සේ එහිදි කීහ.
කිසිඳු දේශපාලන පක්ෂයකට පක්ෂව කතා කරන්නට තමන් සූදානම් නොමැති බවත් ඒ සම්බන්ධ විනිශ්චය ජනතාව විසින් ගනු ලබනු ඇති බවත් පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධියෙන් පීඩාවට පත්වූ ජනතාවගේ හදවත් යම් ප්‍රමාණයකට හෝ සනසන්න නම් මේ සිදුවීමේ සත්‍යය රටට හෙළිදරව් විය යුතු බවත් එය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
කාදිනල්තුමනි ඇයි අපට මෙහෙම දෙයක් කළේ කියා ඒ ජනතාව තාමාගෙන් විමසන බවත් එක් එක් අය මේ සම්බන්ධයෙන් අරක කරනවා මේක කරනවා කිව්වට ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් බලයේ සිටින පිරිස් මේ සම්බන්ධයෙන් ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ කීහ.
මැතිවරණය පැවැත්වීමට පෙර මේ සම්බන්ධයෙන් කොමිසන් සභාවක් පිහිටුවීම වැදගත් බවත් මේ සම්බන්ධව ජනපතිට ලිපියක් යොමු කළත් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් දැන් හැමෝගේම අවධානය යොමුව තිබෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධව බවත් උන්වහන්සේ පැවසූහ.
ජනපති විසින් පත්කළ කොමිසන් සභාවේ වාර්තා ජනතාව අතරට නොගිය බවත් ඒ සම්බන්ධව නීතිපති උපදෙස් මත ක්‍රියා කරන බව තමන්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙන බවත් කී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කිසිදු පක්ෂයකට නැඹුරුවක් නොමැති ස්වාධීන කණ්ඩායමකගෙන් සමන්විත ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති ශක්තිමත් කොමිසන් සභාවක් පත්කළ යුතු බවද එහිදි සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවරු අන්දනවා වගේ කාදිනල්තුමාව අන්දන්න බැහැ වගේ.
කාර්දිනල්තුමා බලාපොරෙත්තු වෙන්නේ මොනාද කියල තේරුම් ගන්න අමාරුයි . අපිට වඩා කතෝලික ජනතාව බහුතරයක් ඉන්න රටවල මෙවැනිම සිදුවීම් උනා . ඒ අය තත්වය තේරුම් ගත් විදිහත් ක්‍රියා කළ විදිහත් සලකා බැලීම වටී.
දැන් පත්කරලා තියෙන්නේ කොමිසමක් නෙවෙයිද ? එකේ ඔය හැමෝම ඉන්නේ . හැම පක්ෂෙකින්ම ඉන්නවා . රජයේ සියලුම ආයතන සම්බන්ධ වෙලා තියෙනවා . රහස් පොලිසිය වගේ ආයතන . පොහොට්ටුවේ අය සම්බන්ධ වුනේ නැතිවුනාට අනිත් අය මොනවා කරන්නද ?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයෙක් නම් ජනතාවගේ දුක පහ කිරීම සඳහා ශු බයිබලය තුලින් පමණක් ආත්මීකව විසදුම් සෙවිය යුතු වෙනවා. දේශපාලකයින්ගෙන් සහ දෙවියන්වහන්සේගෙන් එකවර විසදුම් සෙවිය නොහැකියි.
ගමගේ, ඔය කමිටුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ජනාධිපති සිරිසේනට සහ ඔහු විසින් පත්කළ නිලධාරීන්ට වරද පටවා දේශපාලන වාසියක් ගෙන ඊලඟ ජන්දයෙන් තම ගොඩ වැඩිකරගැනීමේ උත්සහයක් බව පේන්නෙ නැද්ද ? ඔය කමිටුවේ ජනාධිපති නීතීවේදීන්ම දෙතුන්දෙනෙක් ඉඳලත් යම් වැදගත් ප්‍රශ්නයක් හරි අහන්නේ ෆොන්සේකා විතරයි. මේගොල්ලෝ උසාවියේදී සාක්කිකරුවන්ගෙන් ප්‍රශ්න අහන්නෙ කොහොමද ? මේකෙදි නිකං ඔලුව අතගාලා යවනවා.
දේශපාලනය කරලා හත්පොලේම ගාගෙන දැන් විහිලුවක් වෙලා..
මොන කොමිසමේ මොන තීදුවක් දුන්නත් පිළිගන්නේ නැතනම් කුමක් කරන්නද. ඔබ බල පොරොත්තු වන තීන්දුව කුමක්ද කියා කවුද දන්නේ. ගොටාබය ජන්දිපතිවෙලා කොමිසමක් පත් කරලා මොන තීන්දුව දුන්නත් ඒක ඔබ පිළිගන්න බලාගෙන ඉන්න බව නම් අපිට තේරෙනවා.
ඔන්න දැන් බමුණා,සේන වගේ කට්ටිය මේක බලල කාදිනල් තුමන්ට බනින්න පටන් ගනී.
කාදිනල්තුමනි, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයට දේශපාලන වශයෙන් අදහස් දක්වනවා හැරෙන්නට වෙන කළහැකි යමක් තිබේද? ඔවුන්ට ක්‍රියාත්මක හැකි බලයක් නොමැත.
කාදිනල් උන්වහන්සේ බලපොරොත්තුවන්නේ ප්‍රහාරය පිටුපස සිටින ලොක්කන්ව ඇල්ලීමයි...