මාතර,කඹුරුපිටිය උල්ලලදී මාතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි මාතර පොලීසිය කියයි.
ඔවුන්ගේ සිව් හැවිරිදි දරුවාද කපා දමා බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.
පසුගිය දිනවල හෙරොයින් මත් කුඩු වැටලිම් මේ පොලිස් කොස්තාපල්වරයා විසින් මෙහෙයවා ඇත.
සිව් හැවිරිදි දරුවාගේ පණ බේරී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාද කාරයෝ ඒ විදිහට රට පුරා මිනි මැරුවට, ළමයි දුඋණය, කලාට දරුණු මංකොල්ල කෑම් කලාට ඒ ගොල්ලෝ එල්ලුම් ගස් යවන්න නරකයි . මොකද අපේ රට ධර්මදීපයක්නේ .ඒගොල්ලෝ පුනුරුත්තාපනය කරන්න ඕනි .යහපත් පුරවැසියන් කරලා සමාජයට මුදා හරින්න ඕන .හා නැද්ද මන්කියන්නේ . (ස)
පොලිසියෙන් ලොකු ලොකු අපරාධකාරයෝ ඇල්ලුවහම එක්කෝ රස්සාව නැති වෙනවා ,නැතිනම් ස්තාන මාරුවක් ලැබෙනවා .පොඩි පොඩ් අපරාද කාරයෝ ඇල්ලුවහම උන්ගේ ගෝලයෝ ඇවිදින් මේ වගේ දඩුවම් දෙනවා ,රස්සාව දාලා ගියොත් හිරේ විලංගුවේ දානවා. හරිම පරිප්පුවක් තමයි පොලිසියේ අය කන්නේ.(නදී)
එල්ලුම් ගහට නියම වෙන අයට එය අනුමත කරලා අත්සන ගහන්න ජනාදීපති තුමාට බැරිනම් ඕක උසාවියෙන්ම ඉවර කරලා දාන්නකෝ.(නදී)
රත්න දීප ජන්ම භුමි ...... ලංකා දීප විජය භුමි .....මේ අපේ උදාර වූ ජන්ම භූමියයි. (නදී)
ඇත්ත තමයි අමිල පෝයදා උදේම දුක්බර අරංචියක් .මේවට නිතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුය .දැන් නම් හොදම දේ එල්ලුම් ගහ කියාත්මක කිරීම.(නදී)
ඕනෑම රටක් දියුණු වෙන්න නම් සියලුම දේට උඩින් නීතිය තියෙන්න ඕනේ . අවාසනාවට අපේ රටේ ඒක නෑ. ඔයිට වැඩිය දේවල් ඉදිරියේදී තව බල ගන්න ලැබේවි නීතිය හරියට ක්‍රියාත්මක නොවුනොත් .මිය ගිය දෙපලට මොක් සුව. (නදී)
ගුනේ,ඔබගේ අදහස ඉතාමත් හරි. මේකට සම්බන්ධ අය කවුද කියලා මම මීට පෙරත් කීපවිටක් මෙම තීරයේ ලියා තිබෙනවා,නමුත් කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. (නි)
අර සේනාව,අර බලය කියාගෙන කෑ ගහන අය මොකද මේ කුඩු බිස්නස් කරන අය ගැන ,කැසිනෝ ගැන මුනිවත රකින්නේ (ස)
ඇත්තටම දුකයි. ඒ නංගිගෙ තාත්තා මොනතරම් දුක් විඳලද එයාලව ලොකු මහත් කලේ කියල මම දන්නවා.ඇත්තටම හරිම අහිංසක මිනිස්සු.ඒ තරම් ගුණ යහපත්කමට ඉන්න අයට වරදින, හොරුන් මිනීමරුවන් වැජඹෙන අබුද්ධස්ස කාලයක් මේ. (ස)
අපේ රටට මේ මොකද වෙන්නේ? (නදී)
දැන් මේ සමලුව ඉවර උනානේ ඊලගට මොකක්ද එන්නේ? (නදී)
චන්දි,එතුමා මේ දිනවල සමුලුුවේ වැඩ. (නි)
කොහෙද කොළ නැති ගහ? (නි)
කරුමයක මහත (දී)
ඉන්දු මෙල්බර්ග්,මේ ජාති,ආගම,භේදයකින්තොරව රටේ හැම කෙනෙක්ම කියන්න එපා .අපි නම් වැරදිකරුවෝ නිදහස් කරන ,මිනීමරුවෝ,කුඩුකාරයෝ ආරක්ෂා කරන ,ව්‍යාජ දේශප්‍රේමීනට රැවටෙන්නේ නැහැ.ඔය සුදු පිරිවට තුල සිටින සබැ පුද්යලයෝ නිවැරදිව හදුනාගෙන ගෙන ඉන්නේ.අවිචාරශීලී ඔබ වැනි අතලොසක් මේ පවත්නා ක්‍රමය තේරුම් ගත නොහැකිව මුල වී ඇතත් එය අප ඇතුළු බහුතරය නොවේ.(දිල්)
ලාල් කැන්ඩි,ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්න එපා.(දිල්)
දෙයියෝ සාක්කි? මේ ලංකාවද? මිය ගිය අයට නිවන් සුව පතමු. (නි)
රට කරවන මහත්වරුනි,දැන්නම් තත්වය බොහොම භයානකයි. මේ විදියට නීතිය වල්වැදුනොත් අපට රටක් නැති වේවි (නි)
මහලොකුවට අනිත් රටවලට කෑගහනවා ඇඟිලි ගහන්න එපා අරකයි මේකයි කියලා.නමුත් බලාගෙන යද්දී අපි ජිවත් වෙන්නේ කිසි නීතියක් නැති රටකයි. අපේ මෝඩකම් වලින් දේශපාලුවෝ හොඳට වැඩ ගන්නවා (නි)
මේක දැන් කාටද අපි කියන්නේ? (නි)
පොලිස්පතිතුමනි ඝතනයට සම්බන්ද සියලු දෙනා ආයුද පෙන්නන්න ගෙනියන්න..(දිල්)
මත් කුඩු ජාවාරම්කරුවෝ මෙහෙම අපරාධ කරන්නේ ඔවුන්ට දේශපාලන බලවතුන්ගේ ආශිර්වාදය ලැබෙන නිසා.ගිය සතියේ මත් කුඩු කිලෝ අටක් සමග ඔරුගොඩවත්තේ දී අත්අඩංගුවට ගත් කුඩු ව්‍යාපාරිකයෙක් නිදහස් කළා.තවත් බොහෝ දෙනෙක් පසුගිය කාලේ නිදහස් කළා.රටේ නීතිය දේශපාලකයන්ගේ රුචි අරුචිකම් මත දෝලනය වෙන විට මේ අපරාධ බහුලව දකින්න පුළුවනි. (නි)
පෝදා පාන්දරම මා දුටු හද කකියවන සුළු පුවතක්. අයියෝ ශ්‍රී ලංකා! (නි)
මේවට විරුද්ධව නම් කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් විරෝධය පාන්නේ නැහැ.භික්ෂුන් මැරයන් සේ පෙනී සිටින්නේ දේශපාලකයන්ගේ ප්‍රතිරූපය නැංවීමට පමණයි.මේ රටේ සැබෑ දේශප්‍රේමී දේශමාමක බලවේග සිටිනවා නම් විරුද්ධවිය යුත්තේ මේවාටයි. (නි)
නීතිය සම්පූර්ණ වීමට අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉතිරි නීතීමය ක්‍රියාමාර්ගයන් ද නිසිපරිදි වියයුතුය. එසේ නොවීමෙන් පැමිණිලිකරුගේ වැටලීමට සහභාගීවූවන්ගේ සහ ඔත්තු සැපයූවන්ගේ ජීවිත අනතුරේ. මෙම තත්ත්වය අපරාධකරුවන් දිරිමත් කරවයි. (නි)
අනාගත පිලිපීනයක් තමයි අපි අපේ දරුවන්ට දායාද කරන්නේ. ඉතින් සතුටු නැද්ද?(නදී)
කය මිස සිත නැති බහුතරයක් රටේ සිටින නිසා දේශපාලකයෝ ඔවුන්ට දේශප්‍රේමී ගුලිය දී දේශප්‍රේමයෙන් මත්කර සිත් සේ තම අරමුණු ඉටු කර ගන්නවා.කුඩු ජාවාරම්කරුවෝ නිදහස් කරනවා, ආරක්ෂා කරනවා, මේවා වටලන පොලිසිය මාරු කරනවා.මේ සියල්ල නිදහසේ කරන්නේ බහුතරයක් දේශප්‍රේමයෙන් මත්කරලයි. (නි)
දකින දකින දරුවන් වඩා ගන්න නායකයෝ නේද අපේ රටේ ඉන්නේ?(නදී)
මගේ අදහස් පල කරන්න මාධ්‍යත් බය වෙලාද කොහෙද?දඩුවම කපල කොටලානේ මරන්නේ. රටකට ගිය කල දසාවක්.හරිම දුකයි.(නදී)
දැන් නම් ඉතින් පනට ආදරේ කරන දරුවන්ට, භාර්යාවට ආදරේ කරන කිදි කෙනෙක් ලංකාවේ කුඩු කෙරුවාවට විරුද්දව වටලන්න යන්නේ නැහැ. දෙවියනේ කියන්නේ අපේ බෝධිසත්වයන්ට කුඩු කර්මාන්තය දියුණු කර ගන්න පුළුවන් කියලා.(නදී)
ජෙනරාල් සරත් ෆොන්සේකලා වගේ නායකයෙක් හිටියා නම් මාසයෙන් ලංකාවේ කුඩු ගහන අය නැහැ. කුඩු ගෙන්වන අයත් නැහැ. දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)
බන්දුල පෙරේරා. කුඩු කිලෝ අටක් අර්තාපල් අස්සේ ගෙනාපු ව්‍යාපාරිකයෙක් නිදහස් වුනේ ගිය සතියේ.තව කුඩු කිලෝ එකසිය ගණන් ගෙනාපු අය ඇදෙන්නේ නිදැල්ලේ. මේවා අපි බලාපොරොත්තු වෙන්නම ඕනේ.(නදී)
කුඩු ව්‍යාපාරිකයෝ නිදහස් කරනවා.මේවා වටලන අය මාරුකරනවා නැත්නම් මරා දානවා.මිනීමරුවෝ නිදහස් කරනවා.අනිත් පැත්තෙන් අපේ මාතෘ භුමිය,අපේ මව් බිම කියා ව්‍යාජ දේශප්‍රේමය පතුරවනවා.තණකොළ බුදින්නන් මේ සියල්ල අනුමත කර ආවඩනවා. (නි)
මගේ රට සැමදා දිනේවා .අති විශිෂ්ඨයි ජනපතිතුමනි. (නදී)
ජනාධි පති තුමාට අපේ උත්තමාචාරය. (නදී)
අපට අහිමි කළ අපේ කමට යළි පණ පොවනා පණ ඇති මිනිහෙක් (නදී)
මොන අඩු පාඩු තිබුනත් කොන්ද පන තියෙන නායකයෙක් අපිට ඉන්නවා. ගොඩක් සතුටුයි(නදී)
ජනාදි පති තුමනි ඔබ ගන්න හැම නිවැරිදි තිරනයකදීම අප ඔබ සමගයි (නදී)
භික්ෂුන් ගවයන් වෙනුවෙන් සිය දිවි නසා ගන්නවා. හලාල් සහ මස් කඩ වෙනුවෙන් විරෝධතා පවත්වනවා. සිනමාකරුවෙක් පුවත්පත් සාකච්ඡාවකට ආවොත් චණ්ඩීන් චණ්ඩිකම් කරන්න සිවුර ආවරණයක් කර ගන්නවා.නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්,මාරු කළොත්,පොඩි දරුවන් සමග කපාකොටා මරා දැම්මත් දැනෙන්නේවත් නැහැ. පුදුම දේශප්‍රේමී රටක්. (නි)
රටක් දියුණු වෙන්න නම් කුඩු,ගංජා, කැසිනෝ,ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් , දූෂණය වංචා තියෙන්නම ඕනේ. ඒ අතින් අපේ බොදු බල සේනාව කරන දේ හරියටම හරි.(නදී)
රටකට ගිය කල දසාවක්.හරිම දුකයි(දිල්)
ජනපතිතුමනි,එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරන්න (නි)
ප්‍රමුඛ,රාධා,නිර්මලා,විමුක්ති,ටිකිරි බණ්ඩා,ඇන්ටන්,සමරනායක,මේ සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා,මොකද මෙතෙක් කලක් මමත් මේ දේශපාලකයන්ගේ ව්‍යාජ දේශප්‍රේමී මිරිගුවට හසු වී දෑස නිලංකාර වී සිටියේ.අද මේ පෝය දිනයේ මම ද අන්ධකාරයෙන් ආලෝකය දුටිමි.සත්‍ය ප්‍රත්‍යක්ෂ කළෙමි.යථාර්තය තේරුම් ගතිමි.මේ අපරාධ ආරක්ෂා කරන,ඒවාට අනුබල දෙන කපටි දේශපාලකයන්ගේ මිරිගුවෙන් විනිර්මුක්ත වුයෙමි.සත්‍ය පෙන්වා දුන් ඔබලාට ස්තුතියි!(දිල්)
මේ අවංක අහිංසක නිලධාරියාගේ සහ ඔහුගේ පවුලේ ඉරණම ගැන රටේ ආරක්ෂක අංශ ජීවිත වන්දියෙන් වගකියන්න ඕනෑ. (නි)
නීතියක් නොමැති රටක්. (නි)
මෙගා කැසිනෝත් ආරම්භ කරන්න. රටේ බොහෝ දෙනෙක් මිනීමරන,මංකොල්ල කන,කුඩු ජාවාරම් ,ගණිකා සේවා වලට කැමතියි.එවිට දේශප්‍රේමයත් දොරේ ගලාවි. (නි)
චතුරංග,ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා.දුක් මුසු පුවතක් බලන අතරේ මාව හිනා ගස්සනවා. අපරාධ කරුවෝ හිරේටවත් නොදා නිදහස් කරගන්න යුගයක එල්ලුම් ගහක් ගැන කතා කරනවා.චතුරංග දවල් හීන දකිනවද? (නදී)
භික්ෂුන් මැරයන් සේ පෙනී සිටින්නේ දේශපාලකයන්ගේ ප්‍රතිරූපය නැංවීමට පමණයි.මේ රටේ සැබෑ දේශප්‍රේමී දේශමාමක බලවේග සිටිනවා නම් විරුද්ධ විය යුත්තේ මේවාටයි.නැතුව මානව හිමිකම් රකින්න බලන සමුලුවලට තඩි බාන එක නෙමෙයි. (නි)
යුධ අපරාධ ගැන බැරි නම් මේ අපරාධ ගැනවත් හොයලා බැලුවොත් නරකද? (නි)
අනාගත දරුවන් වෙනුවෙන් ජීවිතය පුජා කළ ඒ වීරවරයාට සහ ඔහුගේ පව්ලේ අයට යුක්තියේ සාධාරණත්වය ඉෂ්ට වෙනකම් මේ ප්‍රවෘත්තිය ඉහළින්ම තියන්න. (නි)
ලංකාව කියන්නේ නීතියක් නැති රටක්, මෙහෙම ගියොත් නම් සිරියාවට එහා යයි වගේ. (නි)
සැවොම නීතියට යටයි.නීතියට ගරු කළ යුතුයි (නි)
මේ මිනීමරුවනුත් ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න,අර ගිය සතියේ කුඩු ව්‍යාපාරිකයා නිදහස් කළා වගේ.අපේ මිනිස්සුනේ. (නි)
කුඩුකාරයින්ගෙන් සහ මංකොල්ලකාරයින්ගෙන් පොලිසියේ අවංක නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න වෙලා වගේ.මේකට දඩුවම් දිය යුත්තේ කුමන නීත්යෙන් ද ? (නි)
චෝගම් සමුළුවට පස්සේ.. බිළි දෙති දනන් රිසිසේ.. බඩු මිළ නගින අස්සේ.. වැඳල ගාටමු චාල්ස් පස්සේ.. (නි)
පොලිසියේ මහතුන් බකන් නිලාගෙන සිටියා නම් ඉවරයිනේ.කුඩුකාරයෝ ඇල්ලුවත් නිදහස් කරන එකනේ.නිකම් මොකටද ජීවිතෙන් වන්දි ගෙවන්නේ. කොහොමත් දැන් කන්ටේනර් ගණනින් විවෘතව කුඩු ගෙන්වනවානේ. (නි)
රටේ නීතිය ගැන හොයන්න කෙනෙක් නැති කමයි මේ. හැම දේටම බල සේනාවට බනින්න එපා , ඒකත් අපේ පිරිහීමේ ලකුණක්. නීතිය රකින්න පොලිසියට බැරිනම් හමුදාව දාන්න ඕනේ. මාද්‍ය කුඩු කාරයෝ නිදහස් කලේ කවුද කියලා හොයන්න , ඒක ඔබේ යුතුකම,. කොළඹ සූදු කාරයෝ අල්ලපු පොලිස් නිලධාරීන්ව මාරු කළා. මේ ඒ එක්කෙනෙක්ද කියලා හොයන්න? එහෙම නැත්නම් ලඟදි එලිවුනා වගේ ධනවත් කාන්තාවක් පොලිස් කාරයෙක්ව මැරෙව්වේ ? මේකේ කතාවත් එළිකරන්න. චෝගම් වැඩට ගියාම අවුරුදු 2ක් රට කැලි වලට කඩාගන විනාස කරයි දේස පාලුවෝ. ?විපක්ෂයකුත් නැහැ. මිනිස්සු සමගි වෙලා ආරක්ෂා වෙන්න. මෛත්‍රී සමාධි භාවනා මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. හාමුදුරුවෝ නියම බුදු වදන්, පින් පවු ගැන කියල දෙන්න. (නදී)
දැන් තරාතිරම නොබලා දඩුවම් කරනවද මේ අපරාදය කරපු අයට.(නදී)
නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි (නි)
චතුරංග , රටේ වෙන දේ ගැන එතුමා දන්නේ නැහැ. නැත්නම් මෙච්චර ප්‍රශ්න තියෙද්දී මොනවද මේ කරන සැණකෙළි? අලිපැටවු හිටන් ගෙනල්ලා බැදලාලු කොළඹ, පිටරැටියන්ව පිනවන්න. (නි)
අපට ප්‍රශ්නයක් තියෙනවා.පොලිසියේ ඉන්න වැදගත් මහත්වරු පුදුම විදියට බැට කනවා. රැකියා ස්ථාන මාරු කරනවා. රටහැර යනවා. රැකියව නැති වෙනවා. ජීවිතය නැතිවෙනවා. මෙයින් පෙනෙන්නේ කවුරුන් හෝ කණ්ඩායමක් මෙතන මේ ටික කරන බවයි. ජනතාවට වගකියන රජයක් තිබේ නම් මේවා නවත්වන්න කටයුතු කරන්න. නීතිය රැකීමට දිවිදුන් විරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
කම්හලේ ඉ න්න බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. දැනෙන්නේ නැහැ. ඒ වගේ තමි බන්දුල කියන මනුස්සයටත්. රටට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. සපත්තු ලෙව කාල ,විනේ ස්ටෝරෙස් බල පත්‍රය විකුණලා, ලංකාදීපයට ඕනෑම අසාදාරනයක් සාදාරනීය කරලා අදහස් දාල මාසේ අන්තිමට ලැබෙන මුදල ගැන පමණක් හිතනවා. මෙවැනි මිනිසුන් ඇත්තටම රටට බරක්.(නදී)
ප්‍රශ්නයක් නැහැ. චෝගම් සාර්ථකයිනේ. (නි)
ප්‍රේමසිරි, ජෙනරල් සරත් ෆොන්සේකාට දුන්නු ඡන්ද මිටි තවමත් කුණු ගොඩවල් වලින් මතු වෙනවා.දිස්ත්‍රික්ක 22 කාබන් කොපිය දී ගන්න බැරි ඡන්ද කොමසාරිස් තානාපති වුනේ කොහොමද? (නදී)
දැන් මේ අදහස් බලනකොට හැමෝම රජය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව දිනුම්. රට නම් යන්නේ දවසින් දවස අගාධයට. (නි)
දැන් මේ කොමෙන්ට්ස් බලනකොට හැමෝම රජය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ජන්දයක් තිබ්බොත් ආණ්ඩුව දිනුම් ඇත්තටම මේක කම්පියුටර් ජිල්මාට් එකක්ද? (නදී)
දේශප්‍රේමීන්ගේ ආශිර්වදයෙන් කුඩු ගෙන්වන එකම රට ලංකාවයි. (නදී)
කුඩු ගෙන්වන ලොක්කෙකුගේ ගෙයක් වටකරපු දවසෙත් වුනේ වටකරපු කමාන්ඩෝ භටයෝ ටික මාරු කරපු එකනේ.(නදී)
ජෙනරල් සරත් ෆොන්සේකාගේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා......අපේ අනාගත දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)
අර්තාපල් අල අස්සේ කුඩු කිලෝ 8 ක් ගෙනාපු ව්‍යාපාරිකයව නිදහස් කළා.නීතිය මොනතරම් ආගාධයටම ගිහින්ද කියලා කියන්න තවත් උදාහරන අවශ්‍ය නැහැ නේද? (නි)
සත්‍ය, මෙගා කැසිනෝත් ආරම්භ කරන්න. රටේ බොහෝ දෙනෙක් මිනීමරන,මංකොල්ල කන,කුඩු ජාවාරම් ,ගණිකා සේවා වලට කැමතියි. එවිට දේශ ප්‍රේමයත් දොරේ ගලාවි.(නදී)
එතකොට අර බොදු බල සේනාව මේ ගැන මොනවද කියන්නේ. කුඩු ගෙන්වීම හොදයි කිව්වත් අපි පුදුම වෙන්නේ නැහැ.(නදී)
පිටරටවල් වල මාෆියා කණ්ඩායම් වල වැඩ වාගේ වැඩ, ලංකාවටත් පැමිණ ඇත. මාෆියා චිත්‍රපටි වල සිදුවීම්ද මේ හා සමානය.(නදී)
මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදීවත් මේ තරම් විනාසයක් කරන්න ලැබුනේ නැහැ.(නදී)
මේවට තමයි මරණ දඩුවම දිය යුත්තේ.(නදී)
සත්තකින්ම රාධා ඔබේ කියමන ඉතා නිවැරදියි. එසේම කුමාරසිරි කියන ලෙස ආරක්ෂක ඇමති, ලේකම් හා පාර්ලිමේන්තුවේ අමත්‍ය නිල හොබවන සියල්ලන් මෙයට වගකිව යුතුමයි. මේ සියලු දෙනා නිෂ්ශබ්දව සිටීමෙන් ගම්‍ය වන්නේ, මෙවන් සිදුවීම් වලට ඔවුන්ගේ සම්බන්දතාවයක් ඇති බවයි. එසේ නොමැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු.(නදී)
අහිංසක මිනිහෙක් පොඩි වරදක් කලාම තඩිබාන පොලිසිය කුඩු කාරයා ලග දනින් වැටෙනවා. මම දන්නා හදුනන අහිංසකයෙකුට මේ ලගදී තලංගම පොලිසිය ගහල තිබුනා. නැති වැරදි පටවල ඕව හෙන ගහන වැඩ මම නම් මුන්ට වතුර පොදක් දෙන්නේ නැහැ.(නදී)
පෝය දවසේ අහන්න ලැබුණු මේ සහාසික අපරාදය ගැන කම්පා වෙනවා. අපරාද කරුවන් ආරක්ෂක අංශයන්හි තර්ජනයට ලක් වෙනවා වගේම ආරක්ෂක අංශත් අපරාද කරුවන්ගේ තර්ජනයට ලක් වෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය හා ගැටෙන්නන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. කොහොම උනත් මේ අභියෝගය මුළු පොලිස් දෙපර්තුමෙන්තුවටමයි..අනිවාර්යයෙන් මොන කරුණක් නිසා මොකා මේක කලත් වරදකරුවන් උසාවියකට ඉදිරිපත් නොකළ යුතුයි. එතුවක් ජීවත් වීමේ වරම නොදිය යුතුයි...වාස් මහත්තයගේ අගේ දැනෙන්නේ මේ වෙලාවට තමයි...විමුක්ති පතන දේශය අපි 88/89 දී දැක්ක මහත්තයෝ..විමුක්ති මහත්තයෝ..ඔය විමුක්ති කාමීන් දේශපාලනය කල වරදට අහිංසකයන් පවුල් පිටින් ඔයිට වඩා සහාසික විදියට මරල දාපු හැටි අපි දැක්කා.අපි උඩින් පාත් උන අය නෙමෙයි..කට්ටිය තරගෙට මිනී මරපු කාල පාස් කරලා අපි අද දවසට ඇවිත් ඉන්නේ..මල මිනී 60/70 ක් ගොඩ ගහපු එව්වෝ තමයි අද මැරනෙකට පොළොවේ පස් කන්නේ . .මල මිනියක් දැක්කේ මේ ආණ්ඩුව ආවට පස්සේ වගේ...මේ යන ආර්ථික රටාවත් එක්ක අපරාද රැල්ලේ රටාවත් වර්දනය වෙනවා..ආණ්ඩු වෙනස් කලාට ඒවා නතර කරන්න බැහැ..ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැහැ..ජාත්‍යන්තර බලපෑම් නිසා..හොදම ක්‍රමය අපේ ආරක්ෂක අංශ දන්නවා..ඇග බේරාගෙන වැඩේ කරන ඒකයි අවශ්‍ය..(නදී)
පොලිස් නිලදාරියෙක් මේක බලනව නම් සාදාරණය ඉටුකරන්න තලංගම පොලිසියේ වැඩ කරන නිලදරියෙකුගේ ගෙදර තීන්ත ආලේප කල අහිංසකයෙකුට මුදල් නොදී ඉදල තියෙනවා. අන්තිමට කතාව දුරදිග ගොසින් 119 එකට කතා කරලා මරන්න ආව කියල චෝදනා කරලා පොලිසියෙන් මේ දරුවට හොදටම ගහල තියෙනවා. අන්තිමට මහර බන්දනාගාර ගත කරලා ඒ තලංගම පොලිසියේ මෙයට සම්බන්ධ උන පොලිස් සුනඛයන්නට අපේ විරෝධය.(නදී)
අනේ පව් චතුරංගගෙ ඉල්ලීම. කුඩු කිලෝ අටක් ගෙනාපු දේශප්‍රේමියෙක් නිදහස් කලා කියල දන්නෙ නැද්ද? (නදී)
පළමුවත් රට. දෙවනුවත් රට, තෙවනුවත් රට කියපු අය නේද රට පාලනය කරන්නේ.(නදී)
මේවට විරුද්ධව නම් කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් විරෝධය පාන්නේ නැහැ. භික්ෂුන් මැරයන් සේ පෙනී සිටින්නේ දේශපාලකයන්ගේ ප්‍රතිරූපය නැංවීමට පමණයි. මේ රටේ සැබෑ දේශප්‍රේමී දේශමාමක බලවේග සිටිනවා නම් විරුද්ධ විය යුත්තේ මේවාටයි.(නදී)
මේවා නොපෙනේද? (නදී)
ශ්‍රී ලංකාව තව තවත් දිනේවා (නදී)
කරපු අය අල්ලලා නිසි දඬුවම් දෙන්න (නදී)
ජාති ආගම් පක්ෂ බේදයකින් තොරව හැම කෙනෙකුගේම සිතට නැගෙන්නේ එකම සිතිවිල්ලකි, රටේ පිනට පහල වූ නායකයාණෙනි, ඔබතුමාට සැමදා ජය සහ දීර්ඝායුෂ !(නදී)
බන්දුල පෙරේරා. 2013-11-17 16:03:06, 2013-11-17 11:00:09 අදහස් දාපු සහෝදරයට කිව යුත්තක් තියෙනවා..මම අදහස් දන්නේ මගේ සබැ නමින්..අනුරුප නම් පාවිච්චි කරන්න මට අවශ්‍ය නැහැ.මගේ අදහස් ලංකාදීපේ පල කරනකම් මම මගේ අදහස ලියනවා...එක නතර කරන්න ඔබ තුමාට බැහැ. එ වගේම මේ පාටක බස් එකේ යන කා එක්කවත් මත ගැටුම් විනා වෙන ගැටුම් මට නැහැ.මාව ඍජුව විවේචනය කරන මිනිස්සුන්ට මම ගරු කරනවා..ඔවුන් ඔවුන්ගේ අදහස් දක්වනවා..අපි අතර සංවාද ඇති වෙනවා..විය යුත්තේ එයය්..ඔබ තුමා කරන්නේ අපේ වචන වලින් කිව්වොත් නරකම වැඩක්..පිරිමියෙක් වගේ තමන්ගේ මතය දාන්න..අනුන්ව විකුනන්න හදන්නේ නැතුව..(දී)
අවාසනාවකට රටෙි බහුතරයකට මේව තවම තේරෙන්නේ නෑ. (ස)
කුඩු කිලෝ 140ක් අල්ලාගෙන ෆොටෝ සහිතවම ප්‍රචාරයක් ගෙන දුන්නු ඉන්ස්පෙක්ටර් ට වූ දේ අපි දන්නවනේ. (ස)
මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බ වලින් දරැවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන් පාසල් වල ගේට්ටු මුර කල වගේ කාලයක් ඉදිරියේදි ඇති වෙනවා ලියල තියා ගන්න. (ස)
ජනාධිපති තුමනි, මේවා නිකන් වෙන්නේ නැ, ලොකු අයගේ උදව්, ආරක්ෂාව නොඅඩුව ලැබෙන නිසයි මේවා වෙන්නේ. (නදී)
අයියෝ මොන අපරාදයක්ද මේ..?අනේ ඒ පුංචි දරුවට ඉක්මන් සුවය ලැබේවා ., අපේ රට නම් කියල වැඩක් නැහැ ජනාදි පතිතුමා මේවා දකින්නේ නැද්ද (නදී)
කරුමේ කියන්නේ ඔන්න ඕක තමයි (දී)
අන්න, දැක්කාද ඒ තරම් පරිහානියට ගිහිල්ලා (දී)
ටිකිරි බණ්ඩා,අපි,ඔබ සැමදාම ඇත්ත ඇති සැටියෙන් දුටුවා.ඔබේ අදහස් සම්පුර්ණයෙන් පල නොවුනට දුක් නොවන්න.මොලේ කළදක් හරි තිබෙන කෙනෙකුට නම් තේරුම් ගන්න මේවා හොදටම ප්‍රමාණවත්. (දී)
අනේ, වාස් මහත්තයා එළියේ හිටියා නම් .... (ස)