ත්‍රිරෝද රියට අනවසර අංග උපාංග එක් කළැයි රුපියල් 1100ක අල්ලසක් ගන්නට තැත් කළ බව කියන මිරිහාන පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

එම අංග උපාංග ඉවත් කර පෙන්වන ලෙස මුලින් කී එම කොස්තාපල්වරයා පසුව තමාගෙන් රුපියල් 1100ක් ගැනීමට තැත් කළ බව ඔහුගේ පැමිණිල්ලේ සදහන් වෙයි