කදාන ඩී මැසනද් පාසල් රථ ගාලේදී වෑන් රථයකට යට වී මිය ගිය පාසල් සිසුවාගේ මරණයක් සමඟ 2009 සිට මේ දක්වා රිය අනතුරුවලින් පාසල් සිසුන් 2728 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තවත් සිසුන් 8524 දෙනකු බරපතල තුවාල ලබා ඇති බව ඔහු පවසයි.
මොවුන් අතරින් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව සිටින බවත් තවත් පිරිසක් අවයව ඉවත් කිරීමට ලක්ව සිටින බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනාශ වෙන්නේ අපේ රටේ අනාගතය නේද? (නි)
මේ වාර්තාවත් ගිනස් පොතට ඇතුල් කරමු . (අ)
නාලන්ද,මේක විහිලුවක් නොවෙයි. (නි)
මියයන ගාන කියනවා මිස මේ මරණ වළක්වා ගන්න යොදන්න බලාපොරොත්තු වන සැළසුම්සහගත ක්‍රමවේදයක් ගැන හිතන්නේ නැද්ද? අයියෝ දරු පැටවු!!! (නි)
මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාව ප්‍රවාහනය අතින් ලෝකයේ මොනතරම් දරුණු රටක්ද කියා නොවේද? (නි)
අජිත් රෝහණ මහත්තයෝ මේවා අපිට කියලා වැඩක් නෑ. අපිට කරන්න පුළුවන් මේ මල් කැකුළු ගැන අනුකම්පා කරන එකයි ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමවුපියන් වැඩිහිටියන් ලෙස අපිට කරන්න පුළුවන් දේ කරන එකයි විතරයි, නමුත් නීතිය පැත්තෙන් වෙන්න ඕනේ දේවලුත් ගොඩාක් තියෙනවා. බොහෝ දුරට මේවා නවත්වන්න පුළුවන් ඒවායින්. ඔබ ඒවා හරියට ක්‍රියාත්මක නොකර මාධ්‍යට විස්තර කියෙව්වට වැඩක් නෑ ක්‍රියාවෙන් කරලා පෙන්නන්න. (ස)
කතා කරලා වැඩක් නෑ අමාලි, හෙට අනිද්දා ඔය රියදුරා ඇප පිට නිදහස් වෙලා අගේට එයි.(නදී)
තියෙන නීති ප්‍රමාණවත් නැහැ. තිබුනත් ජයසිංහ කියනවා වගේ ඇප පිට නිදහස් වෙලා ආපහු රියදුරු රැකියාවම කරනවා. අනේ අපේ අහිංසක දරුවෝ (නදී)