ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝ හි පැවති අවසන් ක්‍රිකට් තරඟයේදී ක්‍රීඩා පිටියට බෝතලයක් විසි කළ විජේ අවුටින්ට වසර පහක් යන තුරු ප්‍රාදේශීය හෝ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ නැරඹීම තහනම් කළ එරට ක්‍රිකට් මණ්ඩලය ඔහු ට්‍රිනිඩෑඩ් ඩොලර් දහසක (රුපියල් 21000) බැඳුම්කරයකට ද යටත් කළේය.
එම කාලය තුළ ඔහුගේ කල්ක්‍රියාව යටපත් නුවුනහොත් දෙසතියක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ගෙවීමට සිදු වනු ඇත.
අවුටින්ට මෙම දඩුවම පැනවූයේ මෙවැනි පොදු ස්ථානවල මෙවැනි මැරවර ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා බව එරට ක්‍රිකට් මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තියන ක්‍රිකට් තරග වලට සෙල්ලම් කරන්නේ වෙනත් අරමුණු ඇතුව බව විශේෂයෙන් ඉන්දියාව සමග මෑතකදී මෙම තරඟ නැරඹු මට පෙනී ගියා.පහසුවෙන්ම දිනා ගන්න තිබු තරඟ කිහිපයක්ම බොළඳ තීරණ අරගෙන පරාජය වීම ගැන අපට චෝදනා කරන්න සිදුවන්නෙ මේ නිසයි.අනේ අපොයි අපේ ක්‍රිකට් වලටත් අපල කාලයක් ඇවිත්.වැඩි සල්ලි ලබා ගන්න අකමැති කවුද ? (නි)
එහෙනම් පොරගේ වැඩ ටික කාලෙකට ඉවරයි (නි)
අපේ රටේ නම් අවවාදයක් හා රුපියල් 5000 ක ශරීර ඇප මත මුදාහරියි.(නදී)
නීතියක් තියන රටක්.අපේ ක්‍රීඩිකා සදමාලි දොලවත්තත් එහාට ගියානේ.පුළුවන් හැම කෙනාම ලංකාවෙන් යන්නම යනවා.වේලක් කාලා හරි ඉන්න පුළුවන් නීතිය හැමෝටම සදාරන නම්. (නි)
මෙන්න...සැබැ නීති ගරුක රටක්.(නදී)
මමත් මැච් බලන එක නැවැත්තුවා. ඒ තරඟය ක්‍රීඩා කරපු විදිය දැක්කම 15 පහල තරඟයක් වගේ. තරංග 263 ක්‍රීඩා කරපු දෝනිට ඇයි එරන්ගව පාවිච්චි කලේ? (නි)
ලංකාවේ එකෙක් කලානම් එයාට මේ දවස් වල ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න හොද සුදුසු කමක් ...මොකද අපිට ඉන්නේ හොද බුද්දිමත් දෙශලකයෝ රෑනක් නේ (අ)