කොළඹ යාපනය සුඛෝපභෝගී බස් රියනදී රුපියල් තුන්දහසක අල්ලසක් ගත් බව කියන කොස්තාපල් වරුන් දෙදෙනෙකු බත්කුළු ඔයදී සැකපිව අතඅඩංගුවට ගත් බව අල්ලස් හා දූෂන විමර්ශන කොමිසම කියයි.
අද අළුයම 12.30ට මෙම වැටලීම සිදුවිය.
කොළඹ යාපනය සුඛෝපභෝගී බස් රියනදී රුපියල් තුන්දහසක අල්ලසක් ගත් බව කියන කොස්තාපල් වරුන් දෙදෙනෙකු බත්කුළු ඔයදී සැකපිව අතඅඩංගුවට ගත් බව අල්ලස් හා දූෂන විමර්ශන කොමිසම කියයි.
අද අළුයම 12.30ට මෙම වැටලීම සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව ගන්න එක වැරදියි.පගාව දෙන එකත් වැරදියි.පගාව ගන්න මට්ටමේ ජීවන රටාවක් දිගින් දිගටම නිර්මාණය කරන එක ඊටත් වැඩියෙන් වැරදියි. (නි)
පොලීසිය පිලිබදව ඇති විශ්වාසනීයත්වය මහජනයා තුලින් නොබෝ දිනකින් ගිලිහීයනු ඇත. (නි)
මෙයාලව නම් තියන්න වටින්නෙ නැහැ (නි)
මහා මාර්ගයේදී මහජනයා පගාවට පොලඹවන්නෙත් පොලිසියයි. පගා ගන්න පොලඹවන්නෙත් බලදාරින්ම තමයි.මහ මග රස්තියාදු වෙන්න කව්රුවත් කැමති නැහැ.ඒ හින්දා මේ ක්‍රමය පොලිස්කාරයන්ට සල්ලි හොයන්න දීලා තිබෙන ලයිසන් එකක් වගේ. රජයට දිනකට ලැබෙන්න තියෙන කෝටි ගණනක ආදායමක් මේ අයගේ සාක්කුවලට යනවා.වරදට සාධාරන දඩ මුදලක් රස්තියාදුවක් නැතුව ගෙවන්න ක්‍රමයක් තිබෙනවා නම් කව්රුවත් ජරාව දෙන්නේ නැහැ.මාර්ග නීතියක් කැඩුවා කියලා උසාවි දානවා නම් කව්ද කැමති උසාවි ගානේ රස්තියාදු වෙන්න? මේ ක්‍රම වෙනස් වෙලා මිනිස්සු ජරාව දෙන්න පෙලඹෙන්න හේතු හොයලා ඒ මාර්ග වහලා සාධාරනව විසදුමක් දුන්නොත් කව්රුත් ජරාව දෙන්නේ නැහැ. රජයට ඒ ආදායම එවිට අඩු නැතුව ලැබේවි. (නි)
තියන්න වටින්නේ නැහැ. ඉහෙ ඉඳන් පට්ට ගහන්න ඔනේ. එතකොට තමයි පගහා ගාන වැඩේ නතරකරන්නේ.(අ)
බොහොමයක් පොලිස් නිලධාරීන් ඔය දේ කරනවා. කිසිත් කරකියා ගත නොහැකි අය නීතිය ඉදිරියට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කරනවා , පගවෙන් වැජඹෙන නිලධාරීන්ට සොබා දහම මගින් හෝ කළ දෙයට කරුමය පළදෙනවා (නි)
නීතිය යනු නීතිය ක්‍රියාත්මක කරන නිලදාරීන්ගේ බඩ වියත සරුකර ගන්නා මාර්ගයකි. මෙය නීති සම්පාදනය කරන නිලදාරීන්ගේ අඩු පාඩුවක් ලෙස පෙන්නා දිය හැක (නි)
පොලිස් තෝරු මෝරු මහා ප්‍රමාණ වලින් පගා ගන්නකොට පී. සී. ලා මේවගේ පොඩි ගානක් ගත්තහම මොකක් වෙනවද එක අතකට? (නි)
මම යෝජනාවක් ගේනවා ලංකවෙ දසදහස් ගණන්, බුරුතුපිටින් ඉන්න ප්‍රාදේශිය මන්ත්‍රී අයගේ ඉඳලා මැති ඇමතියන් දක්වා ඉන්න සහ ලොකු ලොකු ලේකම්ලාගේ වත්කම් පිළිබඳව හොයල බලලා නඩු දාන්න කියලා. කවදාහරි මේ කරන අසාධාරණ වලට වන්දි ගෙවන්න වෙයි කියලා හිතාගන්න (නි)
මෙවැනි පර පෝෂිතයන්ට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)
එතකොට අර රුපියල් මිලියන ගණනක් බැංකුවේ තිබෙන ඇමතිවරයාට මොකද වෙන්නේ? අල්ලස් කොමිසම එයාව අල්ලලා නඩු දානවද? (නි)
සාමය සුරකින මේ අය මෙහෙම කරනකොට ජනතාවට බුදු සරණයි! (නි)
ජයන්ත, ඔය කියන එක්කෙනාට පස්සේ නඩු දායි මගේ හිතේ. මෙයාගේ මිලියන ගානක් ගනින්න සෑහෙන්න කල් යනවනේ. මේ දවස්වල ඒ ගොල්ලෝ බොහොම කාර්ය බහුල ඇති. ඔක්කොම පැත්තක දාල අර අනික් නඩුවට සුදානම් වෙන්න තිබෙන නිසා. (නි)
සුළු දෙයක්නේ කරන්න තියෙන්නේ (නි)
මෙම නිලධාරීන්ගේ සේවා ස්ථානය කොහෙද? (නි)
බස් කොන්දොස්තරලා වෙලා ඉදලා පාර්ලිමේන්තු ගිහින් අයථා ධනය රැස්කරපු කට්ටිය ගැන මොකද කියන්නේ?කොහොමත් පොලිසිය මිනී මරලා හරි සල්ලි හම්බ කරන බවට පහුගිය කාලේදී හොද උදාහරණ ලැබුණානේ (නි)