කොට්ටාව පැලැන්වත්ත පොල්කොටුවේ දී මුර සංචාරයේ යෙදුණු කොස්තාපල්වරු දෙදෙනකුගේ අතට හසු වු කුඩු විකුණන්න් දෙදෙනකු පැන ගිය බව පොලිස් ආරංචි කියයි.
එක් සැකකරුවකු අල්ලා ගත් කොස්තාපල් ඔහුගේ සාක්කුවේ තිබි කුඩු පැකට් හයක් සොයා ගත් බවත් ඔහුට මාංචු දමන්නට පාරේ ගිය සගයකු ගත් නමුත් ඔහු ද පිසී සපා කා පැන ගිය බවත් ඔහුට වෙඩි තැබු නමුත් වෙඩි නොවැදුණු බව කියති.
මෙම කලබලය අස්සේ අනෙක් සැකකරු ද පැන ගිය බව කියති. ඔවුන් ගමන් කළ යතුරුපැදිය මහනුවර වත්තේගෙදර කතකට අයත් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි! (නි)
මේ පැත්තේ නම් සමහර අවස්ථාවලදී කුඩු එක්ක අල්ලගත් එකා සවසට සිනහවේවි යතුරුපැදියෙන් යන අවස්ථාත් තියෙනවා. (නි
මරයි මෙය. කුඩු බොන ඒකා අල්ලපුවම පැනල යන්නේ නැහැ, තුවක්කුව අහම්බෙන් පත්තු වෙලත් තුවාල වෙනවා. එත් විකුණන එකා අහුවුනාම පැනල යනවා. වෙඩි තිබ්බත් වදින්නේ නැහැ. (අ)
ඕක මොකක්ද, පසුගිය කාලේදී අගමැති කෙනෙකුත් අසරණ වුණේ (නි)
දැන් ඉතින් කොහෙන් හරි අහිංසකයෝ දෙන්නේකුව අල්ලා ගෙන, උන්ගේ සාක්කුවලට කුඩු පැකට් හය දාලා තවත් ඕනනම් විශේෂ දිරි දීමනාවක් හැටියට ඒ අයට බැටොන් පොල්ලෙන් හත අටක් තඩි බාලා උසාවි දමන්න බැරිය! (අ)
ස්තුතියි! කාලෙකින් හොඳ හිනායන විහිලුවක් දැක්කා. (නි)