IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුෂ්පකුමාරත් ජනපති කොමිසමට කැඳවයි

සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් බද්දට ගෙන රජයේ මුදල් වලින් එය සංවර්ධනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 1  1/2කට අධික පාඩුවක් සිදු කළ බවට බරපතල වංචා සහ දුෂණ සොයන ජනපති කොමිසමට ලැබී  ඇති පැමිණිල්ලක් ගැන ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු පොල් කර්මාන්ත ඇමති ජගත් පුෂ්පකුමාර මහතා අඟහරුවාදා (03) වැනිදා කෙමිසම හමුවට කැඳවා ඇත.

එම ඉඩම සංවර්ධනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණ, සේවකයින් ආදිය යොදවනු ලැබ ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙන් බවටද කොමිසමට තොරතුරු ලැබී ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

පුෂ්පකුමාරත් ජනපති කොමිසමට කැඳවයි

දිනේෂ් Sunday, 01 November 2015 11:51 PM

යහපාලනයෙන් හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ට නැවතත් අවස්ථා ලබාදෙනකොට මීටවැඩිය හොයා බලා වැඩ කරන්න තිබුනා. (නි)

:       0       0

අහමඩ් Monday, 02 November 2015 12:25 AM

බලය තියාගෙන මෙවන් වැඩ කරන සියල්ලන්ටම උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ලක්විදු Monday, 02 November 2015 12:45 AM

අපි මේ විදිහට හැමදේම හොයලා බලමු (නි)

:       0       0

සත්‍යයා Tuesday, 03 November 2015 12:54 AM

සංවර්ධනය හොඳ දෙයක් වුණාට එය දුෂිත මාර්ග වලින් සකස්කර ගැනීම තමයි හොඳ නැත්තේ (නි)

:       0       0

අනිල් Tuesday, 03 November 2015 03:02 AM

වෙනසක් ලබාගත්තානේ අපි ජන 8දා. අමුතුම දේශපාලන අත්දැකීමක් නොවේද..? කෙසේවෙතත් දේශපාලන හොරුන්ට දඬුවම් ලැබෙයි කියන එක හිතළුවක් පමණක් වේවි කියා මට සිතෙනවා (නි)

:       0       0

බණ්ඩාර Monday, 02 November 2015 03:40 AM

බලනකොට ලෝකයේ දුෂිතම දේශපාලඥයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ (නි)

:       0       0

රසිත කාලිංග Monday, 02 November 2015 03:46 AM

කිසිම පක්ෂයක අවුරුදු පහකට වඩා රැඳී සිටීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. හොරු බෝවන්නේ එවිටයි ... (නි)

:       0       0

රාජා Tuesday, 03 November 2015 03:40 AM

මේ පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් පමණක් නෙවෙයි දැන් පවතින ආණ්ඩුවේත් නියෝජ්‍ය ඇමති කෙනෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේවා ගැන හොයන්නේ නැද්ද? (ස)

:       0       0

විජිත් Monday, 02 November 2015 04:24 AM

ලොක්කෝ හිතන්නේ අපි මෝඩයෝ කියලා නම් ඒ වැරදීමක්. ඊළඟ මැතිවරණයේදී කාටවත් ඡන්දය දෙන්නේ නැහැ. (නි)

:       0       0

පෙරේරා Sunday, 01 November 2015 05:42 PM

හැන්ද අතේ තියෙනකොට මේ කොයි කවුරුත් හොඳහැටි බෙදාගන්නවා. රටේ ජනතාව හැමදාම පසුතැවිල්ලෙන් . ඕක එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා. (රේ)

:       0       0

පද්මි Monday, 02 November 2015 10:23 AM

හොරුන්ට දඬුවම් නොදුන්නොත් කාටවත් ඡන්දය නෑ. අැයි හොරුන්ට ඇමතිකම් දුන්නේ. (බ)

:       0       0

තෙන්නකෝන් Sunday, 01 November 2015 06:34 PM

එතකොට මෙයා ගංජා වවන එකට ගෙන්නනේ නැද්ද? (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site