සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් බද්දට ගෙන රජයේ මුදල් වලින් එය සංවර්ධනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 1 1/2කට අධික පාඩුවක් සිදු කළ බවට බරපතල වංචා සහ දුෂණ සොයන ජනපති කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් ගැන ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු පොල් කර්මාන්ත ඇමති ජගත් පුෂ්පකුමාර මහතා අඟහරුවාදා (03) වැනිදා කෙමිසම හමුවට කැඳවා ඇත.
එම ඉඩම සංවර්ධනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණ, සේවකයින් ආදිය යොදවනු ලැබ ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙන් බවටද කොමිසමට තොරතුරු ලැබී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයෙන් හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ට නැවතත් අවස්ථා ලබාදෙනකොට මීටවැඩිය හොයා බලා වැඩ කරන්න තිබුනා. (නි)
බලය තියාගෙන මෙවන් වැඩ කරන සියල්ලන්ටම උපරිම දඬුවම් දෙන්න (නි)
අපි මේ විදිහට හැමදේම හොයලා බලමු (නි)
සංවර්ධනය හොඳ දෙයක් වුණාට එය දුෂිත මාර්ග වලින් සකස්කර ගැනීම තමයි හොඳ නැත්තේ (නි)
වෙනසක් ලබාගත්තානේ අපි ජන 8දා. අමුතුම දේශපාලන අත්දැකීමක් නොවේද..? කෙසේවෙතත් දේශපාලන හොරුන්ට දඬුවම් ලැබෙයි කියන එක හිතළුවක් පමණක් වේවි කියා මට සිතෙනවා (නි)
බලනකොට ලෝකයේ දුෂිතම දේශපාලඥයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ (නි)
කිසිම පක්ෂයක අවුරුදු පහකට වඩා රැඳී සිටීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. හොරු බෝවන්නේ එවිටයි ... (නි)
මේ පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් පමණක් නෙවෙයි දැන් පවතින ආණ්ඩුවේත් නියෝජ්‍ය ඇමති කෙනෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේවා ගැන හොයන්නේ නැද්ද? (ස)
ලොක්කෝ හිතන්නේ අපි මෝඩයෝ කියලා නම් ඒ වැරදීමක්. ඊළඟ මැතිවරණයේදී කාටවත් ඡන්දය දෙන්නේ නැහැ. (නි)
හැන්ද අතේ තියෙනකොට මේ කොයි කවුරුත් හොඳහැටි බෙදාගන්නවා. රටේ ජනතාව හැමදාම පසුතැවිල්ලෙන් . ඕක එදත් වුනා අදත් වෙනවා හෙටත් වෙනවා. (රේ)
හොරුන්ට දඬුවම් නොදුන්නොත් කාටවත් ඡන්දය නෑ. අැයි හොරුන්ට ඇමතිකම් දුන්නේ. (බ)
එතකොට මෙයා ගංජා වවන එකට ගෙන්නනේ නැද්ද? (රේ)