කල් ඉකුත්විම් දිනයත් නිෂ්පාදිත දිනයත් ලෙස එකම දිනයක් සදහන් රටකජු පැකට් තමන්ට දුන් බවත් ඒවා ඇතුළේ ගුල්ලන් සිටින බවත් හංවැල්ලේ නැගෙනහිර හේවාගම් කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියෙන් පෝෂණ මල්ල ගත් ගැබිණි හා කිරි දෙන මව්වරු චෝදනා කරති.
හංවැල්ල තුන්තාන සමූපකාර ප්‍රාදේශිකයෙන් මේ පෝෂණ මල්ල ලැබී ඇත. ඒවායේ ඇතුලත ගුල්ලන් පැහැදිලිව දක්නට සිටියි. ඇතැම් ඇට පුස් කා ඇත. නිෂ්පාදනය කළ දිනයත් කල් ඉකුත්වන දිනයත් ලෙස සඳහන් වන්නේ 2015-11-20 දිනයි.
මේ පිළිබඳ හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගෙන් විමසූ විට කියා සිටියේ සමූපකාර සමිතියෙන් ලබාදෙන පෝෂණ මල්ල ගැන දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවයි. ඒ ගැන සොයා බලා තීරණයක් ගන්නා බව ද ඔවුහු කීහ.
හංවැල්ල නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී පීරිස් මේ ගැන විමසූ විට කියා සිටියේ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්විමේ දිනය ලෙස එකම දිනයක් සටහන්ව තිබෙන්නේ නිලධාරීන්ගේ අතපසුවීමකින් බවයි. රටකජු හා කඩල තද වන ලෙසින් පැකට් කිරිම නිසා දින දෙක තුනකින් ගුල්ලන් සෑදී ඇතැයි ද ඔහු පවසයි.
සමූපකාර සමිතියේ සභාපති උදය වීරසිරි මහතා පැවසුවේ රටකජු විස්තර පත්‍රිකාවේ දිනය වැරදී ඇති නමුත් ගුල්ලන් සිටීමට හේතුවක් නැති බවයි. කෙසේ වෙතත් මේ පුවත පල නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
බෙහෙත් ගහල නැති හොද පෝෂණ මල්ලක් තමා අපේ ආණ්ඩුවෙන් දීලා තියෙන්නේ. ගුල්ලෝ නැත්තේ බෙහෙත් ගහපු කන්න හොඳ නැති ඒවා වලටයි. (ර)
අමතර පෝෂ්‍ය පදාර්ථ වශයෙන් `ගුළු` විටමින් එකතුකර තිබීම නරකද? (නි)