(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට සිවු මහල්  නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැය කෙරුණු ලක්ෂ තිස් අටක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම හේතුවෙන්  නාස්තිවී ගොස් ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවී ඇතැයි  පැවසෙන්නේ ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිවීම නිසාය.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලංසු කැඳවීමට පෙර කළ යුතු විවිධ කටයුතු වෙනුවෙන් එම මුදල වැය කර තිබූ බව   වාර්තාවේ දැක්වේ.

මේ අතර  කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ට සපයා තිබූ සේවාවන්  වෙනුවෙන් ලැබිය යුතු ලක්ෂ 43 ක මුදලක්  2021 වසරේ නොවැම්බර් මස වන විටද අය  කරගෙන නොතිබූ බව
ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද ණයගැතියන්  77 දෙනකුගෙන්  රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් අය  කර ගැනීමට ( 2020 වසර වනවිට)ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බවද    එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම්  ආයතනයේ  අලුත්ම වාර්ෂික  වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.