කතරගම කඳසුරිඳුගම නිවසක පුද්ගලයකු එහි තම බිරිය, නැන්දම්මා ඇතුළු හය දෙනකුට පෙට්‍රල් වත්කර ගිනි තබා ඇතැයි ද, ගිනි තැබූ පුද්ගලයා ඇතුළු සිව් දෙනකු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

ගිනි තැබූ පුද්ගලයාගේ බිරිය හා දරුවෙක් ද මිය ගිය අය අතර වෙති.

ඉඩම් හා පවුල් ආරවුලක් ඊට හේතු වන්නට ඇතැයි පොලිසිය කියය.

අසල්වාසීන් පැමිණ ගෙය ද, ගින්නට අසුවූ තවත් තිදෙනකු ද බේරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි.