ලංකා බැංකුවේ තාවකාලික පදනමින් රියැදුරන් ලෙස සේවය කළ පිරිසක් අද කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට දු දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ද සමග උද්ඝෝෂණයක් කළහ.
තමන් වසර හතකට අධික කාලයක් තාවකාලික රියැදුරන් ලෙස සේවය කළ ඇති බවත් මෑතකදී සේවක පිරිස් ස්ථීර පදනමින් බැංකුවට අනුයුක්ත කළ නමුත් ඉතා අසාධාරණ ලෙස තමන්ව ඉන් ඉවත් කළ බවත් ඔවුහු කියති.
වයස් සීමාව නිසා මෙසේ තමන්ව ඉවත් කළ බව බැංකුව දැනුම් දුන්නත් උතුරු නැගෙනහිතර පළාත් සඳහා පසුගියදා බඳවාගත් රියැදුරන් පිරිසකගේ එක් අයකු එම වයස් සීමා ඉක්මවා තිබීමත්, උතුරු ප‍්‍රදේශයේ සේවය කළ එකම සිංහල රියැදුරාද ඉන් කපාහැර තිබීම විශාල අසාධාරණයක් බව ඔවුහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රයිවර් ජොබ් කොච්චර ඕනද ,හැබැයි රජයේ ඒවා නෙමෙයි....අද උනත් දෙන්නම්...
අනේ මන්ද කාට කියන්නද මේ දුක .කවුද හරි කවුද වැරදි ...දෙවියො තමයි දන්නේ ...කවුරු කොහොම මොනවා කිව්වත් අර අහින්සක දරුවෝ පව්.
කැතයි හොදේ
සමරූපිතාව, සමානාත්මතාව, විනිවිදභාවය, සාධාරණය යන මේවා යහපාලනයකට අත්‍යවශ්‍යයයි. මේවා නොසලකා වාසියට ආත්මාර්ථකාමී විදියට වැඩ කරන්න යන නිසා තමයි මේ විදියේ විරෝධතා පැන නගින්නේ.මේ ගැටළුව නිර්මාණය වෙන විදියට වැඩ කරපු අයගෙන් නිදහසට කරුණු අහලා දඩුවම් කරන්න ඕන.
හරිම නරකයි ???