IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පවුල් පිටින් බෝගම්බර යති

ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ දුම්බර පරණ සිර ගෙය  වෙත ගෙන යාමෙන් පසුව  සෙනසුරාදා (15) සිට  දින දහසක් මහජනතාවට දැකබලා ගැනීමට ඉඩ කඩ ලැබෙයි.

තිදෙනකු එකවර එල්ලා දැමිය හැකි  එල්ලුම් ගස ද එහි ඇත.

1876 ට පෙර මරණ දඩුවම  හෙවත් එල්ලුම් ගස  ක්‍රියාත්මක කැර ඇත්තේ  මහනුවර මධ්‍යම වෙළෙද පොළ  ඉදිරිපිට එවකට තිබු හැන්මස් හීල් අලුගෝසු  කන්දේදීය.

ඉන්පසුව 1975 දක්වා කාලයේදී බෝගම්බර බන්ධනාගාරයේදී පන්සිය විසි හතර දෙනෙක් මරණ දඬුවම ලදහ.

අවසන් වතාවට මෙම මරණ දඬුවමට ලක් වුයේ තිස්මඩ මීනි මැරුමේ  ඩබ්ලිව් ඩී රිචඩ්  සහ ටී එම් ජයවර්ධන යන දෙදෙනාය.

ශ්‍රී ලංකාවේ  අවසන් රජු වන  මහනුවර යුගයේ  ශ්‍රී වික්‍රම රාජසිංහගේ අණින්  බෝගම්බර වැවේ ගිල්වා  මරා දැමුණු  ඇහැළේපොළ කුමාරි හාමිගේ මෘත දේහය  ගොඩගත් ස්ථානය  දැක්වෙන අඩි එකහමාරක පමණ උස ස්මාරකයක් ඇත.

බෝගම්බර ක්‍රීඩාංගණය  මධ්‍යම වෙළෙද පොළ  බස් නැවතුම්පොළ ආදී ප්‍රදේශ පුරා  එවකට පැතිරී තිබු බෝගම්බර වැව කාලයාගේ අවෑමෙන්  ගොඩ වීම හා ඉංග්‍රිසීන් විසින් ගොඩ කරනු ලැබීම  එම ප්‍රදේශය  අද ගොඩ බිමක් බවට පත් වී ඇත.

1876 දී  ඉංග්‍රීසි ආණ්ඩුව  සිරකරුවන්   අනු දෙදනකු ලවා මෙම බන්ධනාගාරය ගොඩ නංන්වා ඇතැයි ඓතිහාසික සටහන් අනුව පෙනී යයි.

එවකට බන්ධනාගාර  පරීක්ෂක ජනරාල්  සහ පොලිස් පරීක්ෂක ජනරාල්  කළ ඉංග්‍රීසි ජාතික එෆ් ආර් සෝන්ඩර්ස් එම කටයුතු මෙහෙය වු බවත්  බන්ධනාගාර සටහන් හි දැක්වේ.

එවකට මෙම බන්ධනාගාරය ඉදි කිරීම සහා  වැය වු  මුදල් රුපියල්  තුන්ලක්ෂ හැටපන්දහස්  පන්සිය හැට පහක්  බවද එම සටහන් වලින් කියැවේ.

බෝගම්බර හිර ගෙදර  බෝධින් වහන්සේගේ ‘එල්ලුම්ගස‘ දෙසට ඇති ශාඛා  කිසි විටෙක ඒ දෙසට සෙවන නොදෙන බවත්  එම දෙසට අතු පතර නොවැඩෙන  බවත් කියති.

මරණ දඩුවමට නියම වු සිර කරුවන් රදවා  සිටි කුටි පෙළ ,සුර සරදියල්  රදවා සිටි  සිර මැදිරිය,බන්ධනාගාර රෝහල,මුළුතැන් ගෙය  සහ බන්ධනාගාර ගත වී සිටින  අතරදී වැරැදි කරන්නවුන් රදවා තබන කළුවර කුටි ද  මරණ දඩුවම ලබන අවස්ථාවේදී පළඳවන කබාය  හා හම් පටි ද එහි ඇත.

 

 

 

 

 



අදහස් (0)

පවුල් පිටින් බෝගම්බර යති

චන්දරේ Monday, 17 March 2014 08:24 PM

එල්ලුම් ගස පිහිටි ප්‍රදේශය පමණක් නොවෙයි කෞතුකාගාරය සංරක්ෂණය කර තැබීම වටි, බලධාරීන්ගේ නෙත් යොමුවේවා,(දිල්)

:       0       0

රත්න Sunday, 16 March 2014 03:07 PM

නගරයේ තද බදය නිසා හිරවී දඟලන මහා ජනයට බෝගම්බර අද සිට හිර නොවී ගමන් කල හැකි හිර නොවුන ගෙදරක් වේවා(දී)

:       0       0

ලලිත් Monday, 17 March 2014 04:59 AM

මේ හිරගෙදර 1876 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් හැදුව කියනවා වගේ අනාගතයේදී පල්ලෙකැලේ හිරගෙදර මේ ආණ්ඩුව විසින් හැදුවා කියයි.(නදී)

:       0       0

සත්‍යයා Monday, 17 March 2014 05:06 AM

"පවුල් පිටින් බෝගම්ම්බර යති" කිව්වහම මම හරියට බයවුනා.(නදී)

:       0       0

පද්මිණි Monday, 17 March 2014 05:12 PM

සත්‍යා වගේම මමත් හිතුවේ මෙච්චර ඉක්මනට? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site