IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පවුල් ආරවුල දුරදිග යයි:පියා මරුතුරුලට යයි

(එස්. ඩී. කොඩිකාර)

ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලකින් හා තේ පිහියකින් හිසට පහර සිය පියා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ (71) හැවිරිදි බෙරලපනාතර ,කැකුන්දෙණිය, කැටවලගම, වැලිපතහේන ලිපිනයේ පදිංචි තලවත්තගේ සිරිපාල නැමති දෙදරු පියකු බව පොලීසිය කියයි.

ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමි පුරුෂයා බිරිඳට පිහියකින් ගැසීමට උත්සාහ කිරීමේදී දරුවන් දෙදෙනා සහ මුණුපුරා පුරා එකතු වී පියාගේ බෙල්ලට ලණුවක් දමා ඔහු බිමට ඇද දමා පොල්ලකින් හා පිහියකින් හිසට ගසා මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි .

පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 19,31,32 වයස් වල පසුවන බිරිදගේ පෙර විවාහයේ පුතෙක්, මිය ගිය පුද්ගලයාගේ පුතෙක් හා බිරිඳගේ පෙර විවාහයේ දියණියකගේ පුතකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර (71) හැවිරිදි මිය ගිය පුද්ගලයාගේ බිරිද ප්‍රදේශය හැර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි .

 



අදහස් (0)

පවුල් ආරවුල දුරදිග යයි:පියා මරුතුරුලට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site