‘නාමලුත් අත් අඩංගුවට ගනියි. බැසිල් අත්අඩංගුවට ගනියි. ගෝඨාභය අත්අඩංගුවට ගනියි. ඊළඟට මාත් ගනියි‘ යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සඳහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂ හා ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ප්‍රබල සාක්කි ඇතැයි සතිඅන්ත පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය කියා සිටියේය.
පසුගිය රජයේ ඉහළ මට්ටමේ පුද්ගලයන් සමග සබඳතා පැවැත්වූ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද තාජුඩීන් මාරක රිය අනතුරකින් මිය ගිය බව දැන්වීම සඳහා පොලිස් සටහන් වෙනස් කළැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂකයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2012 මැයි 17 වැනිදා අලුයම් කාලයේ කොළඹ නාරාහේන්පිට පාර්ක් පාරේ ගිනිගනිමින් තිබූ කාරයකින් තාජුඩීන්ගේ දැවී ගිය සිරුර සොයා ගැනිණි. ශාලිකා ක්‍රීඩාපිටිය ඉදිරිපිට කානුවකට ඔහු ගමන් කළ කාරය වැටී තිබිණි.
චන්ද්‍රිකා හිටපු ජනපති කියපු ඒවට මම උත්තර දෙන්න යන්නෙ නෑ. ඩලස් අලහප්පෙරුම මහත්තයගෙන් ඇහුවනම් කියයි. මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අස්වෙන්නෙත් නෑ. අස් කරන්නත් ටිකක් ආමාරුයි.
නව පක්ෂයේ නායකයා ඔබද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා ‘මා කී දාහක නායකය කරනවද ? මා දැන් නායකය කරල තියෙනව ඒකාබද්ද විපක්ෂයෙ,තව අය කියනව අලුත් පක්ෂ වල නායකය කියල නමුත් මට නායකත්වය නැත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණයි‘ යැයි කීවේය.
නව පක්ෂයක් රටේ ජනතාව ඉල්ලනවා. එය අභ්‍යන්තරයෙන් කරන දෙයක් නොව රටේ ජනතාව ඉල්ලන දෙයක් බවත් හිටපු ජනපති එහිදී කීය.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - ජේ.ඒ.එල් ජයසිංහ
වීඩියෝ - චමිල් රූපසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩ කරලා බේරිලා ඉන්න බැහැනේ නේද (නි)
මහත්මයා, ඔබතුමාගේ කාලේ වගේ නෙමෙයි දැන් නඩු අහන්නේ. එමනිසා වැරදි කර නැත්නම් බිය විය යුතු නැත. ඒ වගේම වැරදි කර ඇත්නම් නිදහසේ සිටීමටද නොහැකි වනු ඇත (නි)
සුනිල්, බුදු බණේ කියන්නේ අත්හරින තරමට සැනසීම ලැබෙනවා කියලා. අපේ රට, බෞද්ධ රට, සිංහලය කිය කියා තව තවත් අල්ලගන්න එකෙන් කිසිම සැනසීමක් නැහැ. තව තවත් දුක් ළංකර ගන්නවා විතරයි. අද අද එයි මරු පින් කර ගන්නේ... (නි)
චතුරි ප්‍රභාකරන් රජකළ විදිය මතකද.? (ර)
ඇත්ත ,බොරුව වටහාගත නොහැකි යුගයක අපි දිවි ගෙවන්නෙමු. මේවා පසුපස ඇති හස්තය කුමක්ද?කෙලෙස හෝ සැබෑ සත්‍ය අපට සොයා දෙන්නැයි දෙවියන් යදිමි (නි)
අනේ අපි දන්නෙ නම් නැහැ ඕවා (නි)
වැරදි කර ඇත්නම් කාගේ කවුරු වුනත් දඩුවම් ලැබිය යුතුයි. තරාතිරම අනුව නීතිය වෙනස් නොවිය යුතුයි. වැරදි කරලා නැතිනම් බයවෙන්න අවශය නැත. (ර)
මට දුක ලොකු බණ්ඩාරත් යන යන තැන වලිගෙ වගේ පස්සෙම යන එක. (බ)
ඔව් මැරුනේ තාජුඩීන්නේ. එයාගේ දරුවොයි පවුලයි කොච්චර දුක් වින්දත් කමක් නෑ. ඔබතුමාගේ පවුල රකින්න ඕන තරම් කට්ටිය ඉන්නවා. කොමෙන්ට්ස් වලින් ඒක පැහැදිලිව පේනවා. බයවෙන්න එපා වැඩේ වෙලාවට කෙරෙයි. අවනීතියට දැන් ඉඩක් නෑ (බ)
නොහැකියාව වසාගන්න කරන වැඩ (නි)
ඔබතුමා අත්අඩංගුවට ගත්තොත් එදාට අපිත් පාරට බහිනවා. (නි)
ඔබතුමා පිළිබඳව කණගාටුයි. ඇයි මෙතරම් අපරාද කළේ? (නි)
ඔහු ඇත්ත දන්නවා (බ)
සදාම් හුසේන් රජකළ විදිය මතකද? (නි)
ඔබ තුමා වෙනුවෙන් මැරෙන්න වුනත් අපි සුදානම්.වලවල් කප කපා මේ දිගටම කරගන යන පලිගැනීම් වහා නැවැත්විය යුතුයි. (බ)
ඉදිරියට කරන්න නියමිත රට පාවාදීම් සාර්ථක කරගැනිමටනම් මෙතුමා නිහඬ කිරීම අත්‍යවශ්‍ය බව යහපාලකයින් දන්නවා. මොනවා වුනත් ඔවුන් දක්ෂයි! (බ)
ප්‍රබල සාක්කි තිබේ නම් පමණයි ඇතුලට ගන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. හැබැයි වැරදි කළා නම් ඒවාත් ගෙවන්න ඕනේ. (බ)
දේශපාලකයින් කරන අපරාධ සහ වෙනත් කප්පරක් දුෂිත වැඩ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් ලෙස ඔවුන්ම මිනිසුන්ගේ ඔළුගෙඩි වලට දමා ඇත. ඉතින් මිනිසුනේ අපි මෙහෙම නීතියක් සම්මත කරවාගනිමු. "දේශපාලකයින්ට නීතිය අදාල නැත". (බ)
අනේ අපි ඕවාට කතා නැහැ (නි)
වර්තමාන අසාර්ථක පාලනයේ ගොදුරක් බවට පත්වෙන රටේ ජනතාවගේ සැබෑ නායකයා ඔබම පමණයි (නි)
මොහොමඩ්, බය වෙන්න එපා (නි)
මහින්දගේ යටි සිත දන්නවා ඔහු කර ඇති වැරදි ,සහ ඔහුගේ පවුලේ අය කරපු වැරදි. එනිසා නිතරම බියෙන් සැකෙන් ජීවත්වනවා (නි)
ශීත කාමරවල නොසිට, බෝම්බවලට මුහුණ දෙමින් අදත් ඒ සඳහා ප්‍රතිකාර ලබන යුධ ජයග්‍රහණයේ සැබෑ කොටස්කරුවා හිරගෙදර ගතකළ කාලයේ වේදනාවට පත් හැම ජන හදවතක්ම ප්‍රාර්ථනා කරන යම් දෙයක් මෙතුමා අත්විඳිය යුතුමයි. (නි)
උසාවිය පොලිසිය අපක්ෂපාත වනවිට පළිගන්නවෝ කියලා කෑගහනවා. උසාවිය පොලිසිය දේශපාලකයන්ට පක්ෂව පොදු මහජනතාවට විරුද්ධ වනවිට නීතිය බල්ලට ගිහින් කියනවා. මේ ඔක්කොම විගඩම් තියෙන්නේ ලංකාවේ (නි)
වැරදි කළොත් මහත්තයෝ දඬුවම් විඳින්න ඕනෑ (නි)
අතුලගේ කතාවට මාත් එකඟයි (නි)
මෙච්චර කල් අත්අඩංගුවට නොගත් එකයි අපිට ප්‍රශ්නය (නි)
කවුරු කළත් වරද වරදමයි (නි)
අත්අඩංගුවට ගත්තත් ඔබතුමා බයවෙන්න එපා. (නි)
අතුල, දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන ජනතාවගේ අකමැත්තක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන සර්ව සාධාරන නීතිය ක්‍රියාත්මක වෙන්නේ පවතින රජයට අවනත නොවන අය සඳහාවීමම පමණ නිසා (නි)
කරපු වැරදි හෙලිවෙනකොට අපෙන් පළිගන්නවා කියලා මරලතෝනි දෙනවා ,,,,, එතකොට ඔබතුමාලා අහිංසක දරුවන්ගෙන් පලිගන්නකොට ඒ මවුපියන්ට මොනවා හිතෙන්න ඇත්ද ???? බුදුන් වැඩි දේශයේ වැරදි කරලා බේරෙන්න බැහැ මහත්තයෝ,(අ)
හරියට හරි අතුල. මේවා අහලා විසිල් ගහන අයත් ඉන්නවා. රටක් වශයෙන් අපි සන්තෝෂ වෙන්න ඕනෑ දුෂණය විමර්ශනය කරලා මේ අයව අත්අඩංගුවට ගන්නවට. (නි)
ඔබතුමාලට කරන කෙණෙහිලිකම් වලට වැඩිකල් යන්න කලින් දඬුවම් ලැබේවි (නි)
දරුවන්ට වැරදි මාර්ගය කියාදී දැන් දුක්වීමෙන් පලක් නැත (නි)
ඔබතුමා දැන් ජනතාවට විහිලු සපයන තත්වයට වැටීම ගැන කණගාටුයි (නි)
අමල්ගේ අදහස කාලෝචිතයි. (නි)
සිංහලය රැකගැනීම බුද්ධ දේශයේ අනාගතය වෙනුවෙන් යුතුකම වේ . (බ)
සුමිත්‍ර බස්නායක, ඔයාලා කටින් විතරක් මැරෙන්න සුදානම් අය වගෙයි පෙනෙන්නේ (නි)
කරන කලට පවු මීරිය මි සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
ඔබ තුමා මේවට සැලෙන්න එපා මේවා තමයි පළිගැනීම් (බ)
ඔබ බයවෙන්න එපා වැරදි කරලා නැතිනම් (බ)
හොඳ හොඳ වැඩ එළිවන ජාමෙට නේද (නි)
කරන කලට පවු මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. (නි)
කළ දේ පළ දේ කියලා කියනවනේ. (නි)
එක පැත්තකින් රටේ නීතිය බිඳවැටිලා කිය කියා කෑ ගහනවා. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙනකොට පළිගන්නවෝ කියල කෑ ගහනවා. අනේ මෙහෙම රටක්! (නි)
ඔබ කළ අපරාධ වලට ගැළවීමක් නැත (නි)
වැරදි කළා නම් කරන්න දෙයක් නැහැ (නි)
යුක්තිගරුක, නීතිගරුක මිනිසාගේ හිසට ඉහළින් ස්වභාව ධර්මයේ සෙවණැල්ල වැටි තිබේ. (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්න ඕකට (නි)
සැකයක් තිබෙන නිසානේ අත්අඩංගුවට ගන්න යන්නේ. එහෙනම් ඉතින් නිකන් ඉන්න අපිවත් අත් අඩංගුවට ගන්න එපැයි (නි)
තණ්හාය ජායති ශෝකෝ - තණ්හාය ජායති භයං තණ්හාය විප්ප මුත්තස්ස - නත්ති ශෝකෝ කුතෝ භයං.... තිසරණයෙහි පිහිටන්න හිටපු මහාරජාණෙනි. (නි)
එතකොට එපා කියලද කියන්නේ? (නි)
වරදක් කරලා නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දැන් අත් අඩංගුවට ගන්න අය රිමාන්ඩ් එකට යනවා මිසක් අතුරුදහන් වෙන්නේ නැහැනේ ඉස්සර වගේ. (නි)
වැරදි නම් ඔබතුමා අපි කියලා වෙනසක් වෙන්න බැහැ. හැමෝටම එක හැන්දෙන් බෙදිය යුතුයි (නි)
ලක්ෂ 62 ඡන්දය දුන්නේ වැරදිකාරයෝ අල්ලන්න තමයි (නි)
වැරදි කළා නම් අනිවාර්යයෙන් ඔවුන් නීතියට යටත්විය යුතුයි (නි)
ඔව් ඉතින් කරපු වැඩ ගැන දන්නවා ඇති නේ නේද? වැරදි කළා නම් ඉතින් රෙඩි වෙලා ඉන්න. (නි)
තවත් මොකටද ඔය කතා? (නි)
වැරදි කරලා නැත්නම් බය නැතුව ඉන්න. නීතිය කාටත් සමානනේ (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... (නි)
දැන් පළිගැනීම් හැර වෙන කිසිදෙයක් නැහැ (නි)
කොහොම වුණත් දැන් රට අගාධයටමයි යන්නේ (නි)